461. කිසෙයින් මහණ තමාගේ (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ කාමච්ඡන්‍ද නීවරණය ‘මාගේ අධ්‍යාත්මයෙහි කාමච්ඡන්‍දනීවරණය ඇතැ’ යි දැනගනි. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ කාමච්ඡන්‍දය ‘මාගේ අධ්‍යාත්මයෙහි කාමච්ඡන්‍දය නැතැ’ යි දැනගනි. නූපන් කාමච්ඡන්‍දයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම්, එය ද දැනගනි. උපන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනී. ප්‍රහීණ වූ කාමච්ඡන්‍දයාගේ මතු නො ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එකරුණ ද දැනගනි.
අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ව්‍යාපාද නීවරණය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ථීනමිද්ධනීවරණය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ උද්ධච්චකුක්කුච්ච නීවරණය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ විචිකිච්ඡානීවරණය ‘මාගේ අධ්‍යාත්මයෙහි විචිකිච්ඡානීවරණය ඇතැ’ යි දැනගනි. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ විචිකිච්ඡානීවරණය ‘මාගේ අධ්‍යාත්මයෙහි විචිකිච්ඡානීවරණය නැතැ’ යි දැනගනි. නූපන් විචිකිච්ඡානීවරණයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එ කරුණ ද දැනගනි. උපන් විචිකිච්ඡානීවරණයාගේ ප්‍රහාණය යම් කරුණෙකින් වේ නම් එ කරුණ ද දැනගනි. ප්‍රහීණ වූ විචිකිච්ඡානීවරණයාගේ මතු නො ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එ කරුණ ද දැනගනී.
462. අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ‘මාගේ අධ්‍යාත්මයෙහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ඇතැ’ යි දැනගනි. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ‘මාගේ අධ්‍යාත්මයෙහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය නැතැ’ යි දැනගනි. නූපන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ උත්පාදය, යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි.
අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය . . අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ සමාධිසම්බෝධ්‍යඞ්ගය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ‘මාගේ අධ්‍යාත්මයෙහි උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ඇතැ’ යි දැනගනි. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ‘මාගේ අධ්‍යාත්මයෙහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය නැතැ’ යි දැනගනි. නූපන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. හෙතෙම ඒ ධර්‍මනිමිත්ත ආසේවනය කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරෙයි, මොනොවට නිශ්චය කෙරේ. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කොට භාවනා කොට පුනපුනා වඩා මැනැවින් නිශ්චය කොට බාහිරධර්‍මයන්හි සිත එළවයි.
463. කිසෙයින් මහණ මෙරමාගේ (නීවරණාදී) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම විද්‍යමාන වූ හෝ ඔහුගේ කාමච්ඡන්‍දය ‘ඔහුගේ කාමච්ඡන්‍දය ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ ඔහුගේ කාමච්ඡන්‍දය ‘ඔහුගේ කාමච්ඡන්‍දය නැතැ’ යි දැනගනි. නූපන් කාමච්ඡන්‍දයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එ කරුණ ද දැනගනි. උපන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනී. ප්‍රහීණ වූ කාමච්ඡන්‍දයාගේ මතු නො ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි.
විද්‍යමාන වූ හෝ ඔහුගේ ව්‍යාපාදනීවරණය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ ථීනමිද්ධ නීවරණය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ උද්ධච්චකුක්කුච්චනීවරණය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ විචිකිච්ඡානීවරණය ‘ඔහුගේ විචිකිච්ඡානීවරණය ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ ඔහුගේ විචිකිච්ඡානීවරණය ‘ඔහුගේ විචිකිච්ඡානීවරණය නැතැ’යි දැනගනී. නූපන් විචිකිත්සාවගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනී. උපන් විචිකිත්සාවගේ ප්‍රහාණය යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. ප්‍රහීණ විචිකිත්සාවගේ මතු නො ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනී.
විද්‍යමාන වූ හෝ ඔහුගේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ‘ඔහුගේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ ඔහුගේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ‘ඔහුගේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය නැතැ’ යි දැනගනි. නූපන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. විද්‍යමාන වූ හෝ ඔහුගේ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ සමාධිසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ‘ඔහුගේ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ ඔහුගේ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය‘ඔහුගේ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය නැතැ’ යි දැනගනි. නූපන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි, හෙතෙම ඒ ධර්‍මනිමිත්ත ආසේවනය කෙරෙයි, භාවනා කෙරෙයි, පුනපුනා වඩයි, මොනොවට නිශ්චය කෙරේ. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කොට භාවනා කොට පුනපුනා වඩා මැනැවින් නිශ්චය කොට තමාගේ හා මෙරමාගේ (නීවරණාදි) ධර්‍මයන්හි සිත එළවයි.
464. කිසෙයින් මහණ කලෙකැ තමාගේ ද කලෙකැ මෙරමාගේ ද (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම විද්‍යමාන වූ හෝ කාමච්ඡන්‍දය ‘කාමච්ඡන්‍දය ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ කාමච්ඡන්‍දය ‘කාමච්ඡන්‍දය නැතැ’ යි දැනගනි. නූපන් කාමච්ඡන්‍දයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. ප්‍රහීණ වූ කාමච්ඡන්‍දයාගේ මතු නො ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි.
විද්‍යමාන වූ හෝ ව්‍යාපාදය ... විද්‍යමාන වූ හෝ ථීනමිද්ධය ... විද්‍යමාන වූ හෝ උද්ධච්චකුක්කුච්චය ... විද්‍යමාන වූ හෝ විචිකිත්සාව ‘විචිකිත්සාව ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ විචිකිත්සාව ‘විචිකිත්සාව නැතැ’ යි දැනගනි. නූපන් විචිකිත්සාවගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් විචිකිත්සාවගේ ප්‍රහාණය යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. ප්‍රහීණ වූ විචිකිත්සාවගේ මතු නො ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි.