383. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ද විඥානය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ද නාමය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද ෂෂ්ඨායතනය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ද ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණා ප්‍රත්‍යයෙන් ද වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් ද තෘෂ්ණාව වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි අවිද්‍යා කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යයි කියනු ලැබේ. එහි සංස්කාර ප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යා යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන යයි කියනු ලැබේ. එහි විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාර යි කියනු ලැබේ.
එහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ විඥානප්‍රත්‍යයෙන් නාම යයි කියනු ලැබේ, එහි නාම ප්‍රත්‍යයන් ද විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ද විඥාන යයි කියනු ලැබේ.
එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන යයි කියනු ලැබේ, එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනු දු නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාම යයි කියනු ලැබේ.
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශාකාරයෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශයයි කියනු ලැබේ. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙනු දු ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදයිතයෙක් චේතෝසම්ඵසස්ජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා යයි කියනු ලැබේ. එහි වේදනාප්‍රත්‍යයෙනු දු ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශාකාරයෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ වේදනා ප්‍රත්‍යයෙනු දු ස්පර්‍ශ යයි කියනු ලැබේ.
එහි වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණා යි කියනු ලැබේ. එහි තෘෂ්ණාප්‍රත්‍යයෙනුදු වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් ද වේදනා යි කියනු ලැබේ.
එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය කවරෙ යත්: යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් … තීර්‍ත්‍ථායතනයෙක් විපරීතග්‍රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන යයි කියනු ලැබේ. එහිඋපාදානප්‍රත්‍යයනුදු තෘෂ්ණාව කවර යත්: යම් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණා යි කියනු ලැබේ.
එහි උපාදානප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: උපාදානය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි, මේ උපාදානප්‍රත්‍යයෙන් භවය යි කියනු ලැබේ.
එහි භවප්‍රත්‍යයෙන් ජාතිය කවර යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් ජාතියෙක් සංජාතියෙක් නිර්‍වෘතියෙක් අභිනිර්‍වෘතියෙක් ප්‍රාදුර්‍භාවයෙක් වේ ද, මේ භවප්‍රත්‍යයෙන් ජාති යයි කියනු ලැබේ.