387. අකුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක සොම්නස් සහගත වූ දෘෂ්ටිගත සම්ප්රයුක්ත වූ අකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, … සොම්නස් සහගත වූ දෘෂ්ටිගතවිප්රයුක්ත වූ … රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ දෘෂ්ටිගතවිප්රයුක්ත වූ (අකුශලචිත්තය) සංස්කාර සහිතව උපදනේ වේ ද, එසමයෙහි අවිද්යාප්රත්යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමය වෙයි, නාමප්රත්යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් අධිමෝක්ෂය වෙයි, අධිමෝක්ෂප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්ධයාගේ සමුදය වේ.
388. එහි අවිද්යා කවර යත්: යම් අඥානයෙක් අදර්ශනයෙක් … අවිද්යාපරිඝයෙක් මෝහසඞ්ඛ්යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්යා’ යි කියනු ලැබේ.
එහි අවිද්යාප්රත්යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘අවිද්යාප්රත්යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. …
එහි තෘෂ්ණාප්රත්යයෙන් අධිමෝක්ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්ෂයෙක් (අරමුණෙහි නිෂ්චයෙක්) අධිමොක්ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘තෘෂ්ණාප්රත්යයෙන් අධිමෝක්ෂ’ යි කියනු ලැබේ.
එහි අධිමෝක්ෂප්රත්යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්ෂය තබා වේදනාස්කන්ධ ය සංඥාස්කන්ධ ය සංස්කාරස්කන්ධ ය විඥානස්කන්ධ යි. මේ අධිමෝක්ෂප්රත්යයෙන් ‘භව’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි.
389. අකුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්ෂා සහගත වූ දෘෂ්ටිගත සම්ප්රයුක්ත වූ අකුසල්සිත උපදනේ වේ ද, එසමයෙහි අවිද්යාප්රත්යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමය වෙයි, නාමප්රත්යයෙන් ෂෂ්ඨායතන ය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් උපාදානය වෙයි, උපාදාන ප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වේ. මෙසේ මෙ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
390. එහි අවිද්යා කවර යත්: යම් අඥානයෙක් අදර්ශනයෙක් … අවිද්යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්යා’ යි කියනු ලැබේ. … එහි ස්පර්ශප්රත්යයෙන් වේදනා කවර යත්: චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ චිත්තසංස්පර්ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක් චිත්තසංස්පර්ශයෙන් උපන් උපේක්ෂාවේදනාවක් වේ ද, මේ ‘ස්පර්ශප්රත්යයෙන් වේදනා’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි.
391. අකුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක උපේක්ෂා සහගත වූ දෘෂ්ටිගත සම්ප්රයුක්ත වූ අකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද … උපේක්ෂා සහගත වූ දෘෂ්ටිගතවිප්රයුක්ත වූ … රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්ෂා සහගත වූ දෘෂ්ටිගතවිප්රයුක්ත වූ (අකුශලචිත්තය) සංස්කාර සහිත ව උපදනේ වේ ද, එසමයෙහි අවිද්යාප්රත්යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමය වෙයි, නාමප්රත්යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් අධිමෝක්ෂය වෙයි, අධිමෝක්ෂප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි අවිද්යා කවර යත්: … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි.
392. අකුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක දොම්නස් සහගියා වූ ප්රතිඝසම්ප්රයුක්ත වූ අකුසල්සිත උපදනේ වේ ද, … රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ දොම්නස් සහගියා වූ ප්රතිඝසම්ප්රයුක්ත වූ (අකුසල්සිත) සංස්කාර සහිත ව (උපදනේ වේ ද,) එසමයෙහි අවිද්යාප්රත්යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමය වෙයි, නාමප්රත්යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් ප්රතිඝය වෙයි, ප්රතිඝප්රත්යයෙන් අධිමෝක්ෂය වෙයි, අධිමෝක්ෂ ප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.