395. කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ ඥානසම්ප්රයුක්ත වූ කාමාවචර වූ කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි කුශලමූලප්රත්යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමය වෙයි, නාමප්රත්යයෙන් ෂෂ්ඨායතන ය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් ප්රසාදය වෙයි, ප්රසාදප්රත්යයෙන් අධිමෝක්ෂය වෙයි, අධිමෝක්ෂ ප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ දුඃඛරාශිහුගේ සමුදය වේ.
396. එහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය, අද්වේෂ ය, අමෝහ යි.
එහි අලෝභය කවරෙ යත්: යම් අලෝභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්යාවක් අලෝභ සඞ්ඛ්යාත කුශලමූලයෙක් වේ ද, මේ ‘අලෝභ’ යි කියනු ලැබේ.
එහි අද්වේෂය කවරෙ යත්: යම් අද්වේෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්යාපාදයෙක් අව්යාපන්න බවෙක් අද්වේෂ සඞ්ඛ්යාත කුශල මූලයෙක් වේ ද, මේ අද්වේෂ යි කියනු ලැබේ.
එහි අමෝහ කවරෙ යත්: යම් ප්රඥාවක් ප්රජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘අමෝහ’ යි කියනු ලැබේ. මොහු කුශලමූලයෝ යි කියනු ලැබෙත්.
එහි කුශලමූලප්රත්යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්රත්යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ.
එහි සංස්කාරප්රත්යයෙන් විඥාන කවරෙ යත්: … විඥානප්රත්යයෙන් නාම කවරෙ යත්: … නාමප්රත්යයෙන් ෂෂ්ඨායතන කවරෙ යත්: … ෂෂ්ඨායතනප්රත්යයෙන් ස්පර්ශ කවරෙ යත්: … ස්පර්ශප්රත්යයෙන් වේදනා කවර යත්: …
එහි වේදනාප්රත්යයෙන් ප්රසාද කවරෙ යත්: යම් හැදැහීමෙක් හදහන අයුරෙක් (අරමුණෙහි) බැසැගැනීමෙක් අධිකප්රසාදයෙක් වේ ද, මේ ‘වේදනාප්රත්යයෙන් ප්රසාද’ යි කියනු ලැබේ.
එහි ප්රසාදප්රත්යයෙන් අධිමෝක්ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්ෂයෙක් අධිමොක්ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘ප්රසාදප්රත්යයෙන් අධිමෝක්ෂ’ යී කියනු ලැබේ.
එහි අධිමෝක්ෂප්රත්යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්ෂය තබා වේදනාස්කන්ධ ය සංඥාස්කන්ධ ය සංස්කාරස්කන්ධ ය විඥානස්කන්ධ යි. මේ ‘අධිමෝක්ෂප්රත්යයෙන් භව’ යී කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි.
397. කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක සොම්නස් සහගත වූ ඥානසම්ප්රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, … සොම්නස් සහගත වූ ඥානවිප්රයුක්ත වූ … රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්රෂ්ටව්යාලම්බන වේවයි ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ ඥානවිප්රයුක්ත වූ (කාමාවචරකුශලචිත්තය) සංස්කාර සහිත ව (උපදනේ වේ ද), එසමයෙහි කුශලමූලප්රත්යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමය වෙයි, නාමප්රත්යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් ප්රසාදය වෙයි, ප්රසාදප්රත්යයෙන් අධිමෝක්ෂය වෙයි, අධිමෝක්ෂ ප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය අදෝෂ යි.
එහි අලෝභ කවරෙ යත්: යම් අලෝභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්යාවක් අලෝභ සඞ්ඛ්යාත කුශලමූලයෙක් වේ ද, මේ ‘අලෝභ’ යි කියනු ලැබේ.
එහි අදෝෂය කවරෙ යත්: යම් අදෝෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්යාපාදයෙක් අව්යාපන්න බවෙක් අදෝෂ සඞ්ඛ්යාත කුශලමූලයෙක් වේ ද, මේ ‘අදෝෂ’ යි කියනු ලැබේ. මොහු ‘කුශලමූලයෝ’ යි කියනු ලැබෙත්.