379. එසමයෙහි අවිද්යාප්රත්යයෙන් අවිද්යාව හා සම්ප්රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් සංස්කාරසම්ප්රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්රත්යයෙන් විඥාන සම්ප්රයුක්ත වූ නාමය වෙයි, නාමප්රත්යයෙන් නාමසම්ප්රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ෂෂ්ඨායතනසම්ප්රයුක්ත වූ ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් ස්පර්ශ සම්ප්රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් වේදනාසම්ප්රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් තෘෂ්ණාසම්ප්රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරා මරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛ රාශිහුගේ සමුදය වේ.
එහි අවිද්යාව කවර යත්: යම් අඥානයෙක් අදර්ශනයෙක් … අවිද්යාපරිඝයෙක් මෝහසඞ්ඛ්යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්යා යි කියනු ලැබේ.
එහි අවිද්යාප්රත්යයෙන් අවිද්යාව හා සම්ප්රයුක්ත වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්යාප්රත්යයෙන් අවිද්යාසම්ප්රයුක්ත වූ සංස්කාර යයි කියනු ලැබේ.
එහි සංස්කාරප්රත්යයෙන් සංස්කාරසම්ප්රයුක්ත වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාර ප්රත්යයෙන් සංස්කාරසම්ප්රයුක්ත වූ විඥාන යයි කියනු ලැබේ.
එහි විඥානප්රත්යයෙන් විඥානසම්ප්රයුක්ත වූ නාමය කවරෙ යත්: වේදනාස්කන්ධ ය සංඥාස්කන්ධ ය සංස්කාරස්කන්ධ ය යි, මේ විඥානප්රත්යයෙන් විඥානසම්ප්රයුක්ත වූ නාම යයි කියනු ලැබේ.
එහි නාමප්රත්යයෙන් නාමසම්ප්රයුක්ත වූ ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්රත්යයෙන් නාමසම්ප්රයුක්ත වූ ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.
එහි ෂෂ්ඨායතනප්රත්යයෙන් ෂෂ්ඨායතනසම්ප්රයුක්ත වූ ස්පර්ශය කවරෙ යත්: යම් ස්පර්ශයෙක් ස්පර්ශ කරන අයුරෙක් මොනොවට ස්පර්ශ කරන අයුරෙක් ස්පර්ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්රත්යයෙන් ෂෂ්ඨායතනසම්ප්රයුක්ත වූ ස්පර්ශ යයි කියනු ලැබේ.
එහි ස්පර්ශප්රත්යයෙන් ස්පර්ශසම්ප්රයුක්ත වූ වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ ස්පර්ශප්රත්යයෙන් ස්පර්ශසම්ප්රයුක්ත වූ වේදනා යි කියනු ලැබේ.
එහි වේදනාප්රත්යයෙන් වේදනාසම්ප්රයුක්ත වූ තෘෂ්ණාව කවර යත්: යම් රාගයෙක් බලවෙත් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්රත්යයෙන් වේදනාසම්ප්රයුක්ත වූ තෘෂ්ණා යි කියනු ලැබේ.
එහි තෘෂ්ණාප්රත්යයෙන් තෘෂ්ණාසම්ප්රයුක්ත වූ උපාදානය කවරෙ යත්: යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් … තීර්ත්ථායතනයෙක් විපරීතග්රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්රත්යයෙන් තෘෂ්ණාසම්ප්රයුක්ත වූ උපාදාන යි කියනු ලැබේ. …එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති” යි.
380. එසමයෙහි අවිද්යාප්රත්යයෙන් අවිද්යාසම්ප්රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාර ප්රත්යයෙන් සංස්කාරසම්ප්රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්රත්යයෙන් විඥානසම්ප්රයුක්ත වූ නාමය වෙයි, නාමප්රත්යයෙන් නාමසම්ප්රයුක්ත වූ ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් ස්පර්ශසම්ප්රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් වේදනාසම්ප්රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් තෘෂ්ණාසම්ප්රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි අවිද්යාව කවර යත්: යම් අඥානයෙක් අදර්ශනයෙක් … අවිද්යාපරිඝයෙක් මෝහසඞ්ඛ්යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්යා යි කියනු ලැබේ.
එහි අවිද්යාප්රත්යයෙන් අවිද්යාසම්ප්රයුක්ත වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්යාප්රත්යයෙන් අවිද්යාසම්ප්රයුක්ත වූ සංස්කාර යි කියනු ලැබේ.
එහි සංස්කාරප්රත්යයෙන් සංස්කාරසම්ප්රයුක්ත වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාර ප්රත්යයෙන් සංස්කාරසම්ප්රයුක්ත වූ විඥාන යි කියනු ලැබේ.
එහි විඥානප්රත්යයෙන් විඥානසම්ප්රයුක්ත වූ නාමය කවරෙ යත්: වේදනාස්කන්ධ ය සංඥාස්කන්ධ ය සංස්කාරස්කන්ධ යි. මේ විඥානප්රත්යයෙන් විඥානසම්ප්රයුක්ත වූ නාම යයි කියනු ලැබේ.
නාමප්රත්යයෙන් නාමසම්ප්රයුක්ත වූ ස්පර්ශය යනු: එහි නාමය කවරෙ යත්: ස්පර්ශය තබා වේදනාස්කන්ධ ය සංඥාස්කන්ධ ය සංස්කාරස්කන්ධ ය විඥානස්කන්ධ යි, මේ නාම යයි කියනු ලැබේ. එහි නාමප්රත්යයෙන් නාමසම්ප්රයුක්ත වූ ස්පර්ශය කවරෙ යත්: යම් ස්පර්ශයෙක් ස්පර්ශ කරන අයුරෙක් මොනොවට ස්පර්ශ කරන අයුරෙක් ස්පර්ශ කළ බවෙක් වේ ද, මේ නාමප්රත්යයෙන් නාමසම්ප්රයුක්ත වූ ස්පර්ශ යයි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති” යි.
381. එසමයෙහි අවිද්යාප්රත්යයෙන් අවිද්යාසම්ප්රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාර ප්රත්යයෙන් සංස්කාරසම්ප්රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමරූප වෙයි, නාමය විඥානසම්ප්රයුක්ත ය, නාමරූපප්රත්යයෙන් නාමසම්ප්රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ෂෂ්ඨායතනසම්ප්රයුක්ත වූ ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් ස්පර්ශසම්ප්රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් වේදනාසම්ප්රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් තෘෂ්ණාසම්ප්රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි අවිද්යාව කවර යත්: යම් අඥානයෙක් අදර්ශනයෙක් … අවිද්යාපරිඝයෙක් මෝහසඞ්ඛ්යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්යා යි කියනු ලැබේ.
එහි අවිද්යාප්රත්යයෙන් අවිද්යාසම්ප්රයුක්ත වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්යාප්රත්යයෙන් අවිද්යාසම්ප්රයුක්ත වූ සංස්කාර යයි කියනු ලැබේ.