375. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය වේ. සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වේ. විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය වේ. නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨාතයනය වේ. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වේ. වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදානය වේ. උපාදානප්‍රත්‍යයෙන් භවය වේ. භවප්‍රත්‍යයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයෙන් ජරාව හා මරණය වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
එහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද මේ අවිද්‍යා යි කියනු ලැබේ.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතනලදබවෙක් වේ ද මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාර යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුවෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥාන යි කියනු ලැබේ.
එහි විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය කවර යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය, මේ විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාම යි කියනු ලැබේ.
එහි නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශ යි කියනු ලැබේ.
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශ හේතුක වූ වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත - සූඛ - වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව යයි කියනු ලැබේ.
එහි වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව කවර යත්: යම් රාගයෙක් සංරාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්‍රත්‍යයෙන් වේදනා හේතුක වූ තෘෂ්ණාව යයි කියනු ලැබේ.
එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදානය කවරෙ යත්: යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් … විපරීතග්‍රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදාන යි කියනු ලැබේ. … එහෙයින් ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදය හොති’ යි කියනු ලැබේ.
376. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාර යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාර හේතුක වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥාන යි කියනු ලැබේ.
එහි විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යන මේ විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාම යයි කියනු ලැබේ.
“නාමපච්චයා ඵස්සො නාමහේතුකො” යි එහි නාමය කවරෙ යත්: ස්පර්‍ශය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය යන මේ නාම යි කියනු ලැබේ.
එහි නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් පහස්නා අයුරෙක් මොනොවට පහස්නා අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ. … එහෙයින් “එව මෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි කියනු ලැබේ.
377. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය වෙයි. සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාර හේතුක වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාම රූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණා හේතුක වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහු ගේ සමුදය වේ.