367. අවිද්යාප්රත්යයෙන් අවිද්යාසම්ප්රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් සංස්කාරසම්ප්රයුක්ත වූ විඥානය වෙයි. විඥානප්රත්යයෙන් විඥානසම්ප්රයුක්ත වූ නාමය වෙයි, නාමප්රත්යයෙන් නාමසම්ප්රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ෂෂ්ඨායතනසම්ප්රයුක්ත වූ ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් ස්පර්ශසම්ප්රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් වේදනාසම්ප්රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් තෘෂ්ණාසම්ප්රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
අවිද්යාප්රත්යයෙන් අවිද්යාසම්ප්රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයයෙන් සංස්කාරසම්ප්රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්රත්යයෙන් විඥානසම්ප්රයුක්ත වූ නාමය වෙයි, නාමප්රත්යයෙන් නාමසම්ප්රයුක්ත වූ ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් ස්පර්ශසම්ප්රයුක්ත වූ වේදනා වෙයි, වේදනාප්රත්යයෙන් වේදනාසම්ප්රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණා ප්රත්යයෙන් තෘෂ්ණාසම්ප්රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්රත්යයෙන් භවය වෙයි. භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
අවිද්යාප්රත්යයෙන් අවිද්යාසම්ප්රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් සංස්කාරසම්ප්රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමරූප වෙයි, නාමය විඥාන සම්ප්රයුක්ත ය, නාමරූපප්රත්යයෙන් නාමසම්ප්රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්රත්යයෙන් ෂෂ්ඨායතන සම්ප්රයුක්ත වූ ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් ස්පර්ශසම්ප්රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් වේදනාසම්ප්රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් තෘෂ්ණාසම්ප්රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ කේවල වූ දුඃඛස්කන්ධයාගේ සමුදය වේ.
අවිද්යාප්රත්යයෙන් අවිද්යාසම්ප්රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් සංස්කාරසම්ප්රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමරූපය වෙයි, නාමය විඥාන සම්ප්රයුක්ත වූයේ වෙයි, නාමරූපප්රත්යයෙන් ෂඩායතන වෙයි, ෂෂ්ඨායතනය නාම සම්ප්රයුක්ත වූයේ වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ෂෂ්ඨායතනසම්ප්රයුක්ත වූ ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් ස්පර්ශසම්ප්රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් වේදනා සම්ප්රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් තෘෂ්ණාසම්ප්රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි. මෙසේ සියලු දුඃඛස්කන්ධයාගේ සමුදය වේ.
සම්ප්රයුක්තචතුෂ්ක යි.
368. අවිද්යාප්රත්යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙනුදු අවිද්යාව වෙයි. සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්රත්යයෙන් නාමය වෙයි, නාමප්රත්යයෙනුදු විඥානය වෙයි. නාමප්රත්යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙනුදු නාමය වෙයි. ෂෂ්ඨායතනප්රත්යයෙන් ස්පර්ශය වෙයි ස්පර්ශප්රත්යයෙනුදු ෂෂ්ඨායතනය වෙයි. ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනා ප්රත්යයෙනුදු ස්පර්ශය වෙයි. වේදනාප්රත්යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙනුදු වේදනාව වෙයි. තෘෂ්ණාප්රත්යයෙන් උපාදානය වෙයි, උපාදානයප්රත්යයෙනුදු තෘෂ්ණාව වෙයි. උපාදානප්රත්යයෙන් භවය වෙයි. භවප්රත්යයෙන් ජාතිය වෙයි. ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි. මෙසේ සියලු දුක්ඛක්ඛන්ධයාගේ සමුදය වේ.
අවිද්යාප්රත්යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්රත්යයෙනුදු අවිද්යාව වෙයි. සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්රත්යයෙන් නාමය වෙයි, නාමප්රත්යයෙනුදු විඥානය වෙයි, නාමප්රත්යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙනුදු නාමය වෙයි. ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්රත්යයෙනුදු ස්පර්ශය වෙයි. වේදනාප්රත්යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙනදු වේදනාව වෙයි. තෘෂ්ණාප්රත්යයෙන් උපාදානය වෙයි, උපාදානප්රත්යයෙනුදු තෘෂ්ණාව වෙයි, උපාදාන ප්රත්යයෙන් භවය වෙයි. භවප්රත්යයෙන් ජාතිය වෙයි. ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්ඛක්ඛන්ධයාගේ සමුදය වේ.
අවිද්යාප්රත්යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්රත්යයෙනුදු අවිද්යාව වෙයි. සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්රත්යයෙන් නාමරූප වෙයි, නාමරූපප්රත්යයෙනුදු විඥානය වෙයි, නාමරූපප්රත්යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්රත්යයෙනුදු නාමරූප වෙයි. ෂෂ්ඨායතනප්රත්යයෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශප්රත්යයෙනුදු ෂෂ්ඨාතයතනය වෙයි. ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්රත්යයෙනුදු ස්පර්ශය වෙයි. වේදනාප්රත්යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙනුදු වේදනාව වෙයි. තෘෂ්ණාප්රත්යයෙන් උපාදානය වෙයි, උපාදානප්රත්යයෙනුදු තෘෂ්ණාව වෙයි, උපාදානප්රත්යයෙන් භවය වෙයි. භවප්රත්යයෙන් ජාතිය වෙයි. ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්ඛස්ඛන්ධයාගේ සමුදය වේ.