368. අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙනුදු විඥානය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතනය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනා ප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙනුදු වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානයප්‍රත්‍යයෙනුදු තෘෂ්ණාව වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙනුදු විඥානය වෙයි, නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු නාමය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙනදු වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණාව වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙනුදු විඥානය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමරූප වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨාතයතනය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙනුදු වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණාව වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්ඛස්ඛන්‍ධයාගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙනුදු විඥානය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂඩායතනප්‍රත්‍යයෙනුදු නාමරූප වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතනය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙනදු වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණාව වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.
අන්‍යෝන්‍යචතුෂ්ක යි.
369. සංස්කාරප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … විඥානප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … නාමප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … ස්පර්‍ශප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … වේදනාප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … තෘෂ්ණාප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … උපාදානප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.
මාතෘකා යි.
370. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ මිථ්‍යාදෘෂ්ටිය හා ඒකෝත්පාදාදි ප්‍රකාරයෙන් යුක්ත වූ අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්රැස උපදනේ වේ.
371. එහි අවිද්‍යා කවර යත්: යම් සිව්සස් නො දැනීමෙක් නො දැකීමෙක් අනවබෝධයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් (අනිත්‍යාදි සාමාන්‍ය හෙයින්) මොනොවට නො ගැනීමෙක් හාත්පසින් නො බැසගැනීමෙක් සමව නො බැලීමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් දුර්මේධ්‍ය (අපවිත්‍ර) බවෙක් බාල්‍යයෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යාවක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යාඅනුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාර යයි කියනු ලැබේ.