366. අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාව හේතුකොට ඇති සංස්කාරය වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාර හේතුකොට ඇති විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානය හේතු කොට ඇති නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමය හේතු කොට ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය හේතුකොට ඇති ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනා හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණා හේතු කොට ඇති උපාදානය වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාව හේතුකොට ඇති සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරය හේතුකොට ඇති විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානය හේතු කොට ඇති නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමය හේතු කොට ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාව හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණා හේතු කොට ඇති උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යා හේතුකොට ඇති සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාර හේතුකොට ඇති විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥාන හේතු කොට ඇති නාමරූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් නාමරූප හේතුකොට ඇති ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය හේතුකොට ඇති ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාව හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව හේතුකොට ඇති උපාදානය වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි, මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාව හේතුකොට ඇති සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාර හේතු කොට ඇති විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානය හේතුකොට ඇති නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් නාමරූප හේතුකොට ඇති ෂඩායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය හේතුකොට ඇති ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාව හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව හේතුකොට ඇති උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
හේතුචතුෂ්ක යි.
367. අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනා වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමය විඥාන සම්ප්‍රයුක්ත ය, නාමරූපප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන සම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ කේවල වූ දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.