365. අවිද්යාප්රත්යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමය වෙයි, නාමප්රත්යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් උපාදානය වෙයි, උපාදානප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි, මෙසේ තෙල සියලු දුඃඛරාශිහුගේ පහළවීම වේ.
අවිද්යාප්රත්යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමය වෙයි, නාමප්රත්යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් උපාදානය වෙයි, උපාදාන ප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛස්කන්ධයාගේ සමුදය වේ.
අවිද්යාප්රත්යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමරූප වෙයි, නාමරූපප්රත්යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්රත්යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් උපාදානය වෙයි, උපාදානප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
අවිද්යාප්රත්යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥාන ප්රත්යයෙන් නාමරූප වෙයි, නාමරූපප්රත්යයෙන් ෂඩායතනය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් උපාදාන වෙයි, උපාදානප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි. මෙසේ සියලු දුඃඛස්කන්ධයාගේ සමුදය වේ.
ප්රත්යයචතුෂ්ක යි.
366. අවිද්යාප්රත්යයෙන් අවිද්යාව හේතුකොට ඇති සංස්කාරය වෙයි, සංස්කාර ප්රත්යයෙන් සංස්කාර හේතුකොට ඇති විඥානය වෙයි, විඥානප්රත්යයෙන් විඥානය හේතු කොට ඇති නාමය වෙයි, නාමප්රත්යයෙන් නාමය හේතු කොට ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ෂෂ්ඨායතනය හේතුකොට ඇති ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් ස්පර්ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් වේදනා හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් තෘෂ්ණා හේතු කොට ඇති උපාදානය වෙයි, උපාදාන ප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛස්කන්ධයාගේ සමුදය වේ.
අවිද්යාප්රත්යයෙන් අවිද්යාව හේතුකොට ඇති සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් සංස්කාරය හේතුකොට ඇති විඥානය වෙයි, විඥානප්රත්යයෙන් විඥානය හේතු කොට ඇති නාමය වෙයි, නාමප්රත්යයෙන් නාමය හේතු කොට ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් ස්පර්ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් වේදනාව හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් තෘෂ්ණා හේතු කොට ඇති උපාදානය වෙයි, උපාදානප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛස්කන්ධයාගේ සමුදය වේ.
අවිද්යාප්රත්යයෙන් අවිද්යා හේතුකොට ඇති සංස්කාරය වෙයි. සංස්කාරප්රත්යයෙන් සංස්කාර හේතුකොට ඇති විඥානය වෙයි, විඥානප්රත්යයෙන් විඥාන හේතු කොට ඇති නාමරූපය වෙයි, නාමරූපප්රත්යයෙන් නාමරූප හේතුකොට ඇති ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ෂෂ්ඨායතනය හේතුකොට ඇති ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් ස්පර්ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් වේදනාව හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් තෘෂ්ණාව හේතුකොට ඇති උපාදානය වෙයි, උපාදාන ප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි, මෙසේ මේ සියලු දුඃඛස්කන්ධයාගේ සමුදය වේ.