කුසලමූලක විපාකනිර්දේශ යි.
450. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වූ උපේක්‍ෂාසහගතවිපාකචක්‍ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
451. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් විපාක වූ ශබ්දාලම්බන වූ උපේක්‍ෂාසහගත ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද, … ගන්‍ධාලම්බන වූ උපේක්‍ෂාසහගත ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද, … රසාලම්බන වූ උපේක්‍ෂාසහගත ජිහ්වාවිඥානය උපදනේ වේ ද, … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ දුඃඛසහගත කායවිඥානය උපදනේ වේ ද, එසමයෙහි අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ.
එහි අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවරෙ යත්: යම් අසාතයෙක් කායික දුඃඛයෙක් කායසම්ඵස්සයෙන් උපන් අසාත - දුඃඛවේදයිතයෙක් කායසම්ඵස්සයෙන් උපන් අසාත - දුඃඛවේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
එහි වේදනාප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: වේදනාව තබා සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ‘වේදනාප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
452. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි. … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ විපාකමනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
453. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි. … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
එහි අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝවිඥානධාතුවක් වේ ද, මේ ‘සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ.
එහි විඥානප්‍රත්‍යයෙන් නාම කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි. මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාම’ යි කියනු ලැබේ.
එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝවිඥානධාතුවක් වේ ද, මේ ‘නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන’ යි කියනු ලැබේ.
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ‘ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ’ යි කියනු ලැබේ.
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවරෙ යත්: යම් චෛතසික වූ නො ම මිහිරි වූ අමිහිරි නො වූ චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
එහි වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්‍ෂාකාරයෙක් ආලම්බනයෙහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ.
එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ‘අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ.
එහි භවප්‍රත්‍යයෙන් ජාති කවරෙ යත්: ඒ (අරූපී) ධර්‍මයන්ගේ යම් නිපැද්මෙක් වෙසෙසින් නිපැද්මෙක් හටගැන්මෙක් වෙසෙසින් හටගැන්මෙක් පහළවීමෙක් වේ ද, මේ ‘භවප්‍රත්‍යයෙන් ජාති’ යි කියනු ලැබේ.