433. කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් ඇරැබැ සොම්නස් සහගත වූ ඥානසම්ප්රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි අවිද්යාප්රත්යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමය වෙයි, නාමප්රත්යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් ප්රසාදය වෙයි, ප්රසාදප්රත්යයෙන් අධිමෝක්ෂ වෙයි, අධිමෝක්ෂප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්ධයාගේ සමුදය වේ.
එහි අවිද්යාප්රත්යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘අවිද්යාප්රත්යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි.
එසමයෙහි අවිද්යාප්රත්යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමය වෙයි, නාමප්රත්යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් ප්රසාදය වෙයි, ප්රසාදප්රත්යයෙන් අධිමෝක්ෂය වෙයි, අධිමෝක්ෂප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි.
එසමයෙහි අවිද්යාප්රත්යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමරූපය වෙයි, නාමරූපප්රත්යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් ප්රසාදය වෙයි, ප්රසාදප්රත්යයෙන් අධිමෝක්ෂය වෙයි, අධිමෝක්ෂප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි.
එසමයෙහි අවිද්යාප්රත්යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමරූපය වෙයි, නාමරූපප්රත්යයෙන් ෂඩායතනය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් ප්රසාදය වෙයි, ප්රසාදප්රත්යයෙන් අධිමෝක්ෂය වෙයි, අධිමෝක්ෂප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි.
434. කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක සොම්නස් සහගත වූ ඥානසම්ප්රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද … සොම්නස් සහගත වූ ඥානවිප්රයුක්ත වූ … සොම්නස් සහගත වූ ඥානවිප්රතයුක්ත වූ (කාමාවචරකුශලචිත්තය) සංස්කාර සහිත ව … උපේක්ෂාසහගත වූ ඥානසම්ප්රයුක්ත වූ … උපේක්ෂාසහගත වූ ඥානසම්ප්රයුක්ත වූ (කාමාවචරකුශලචිත්තය) සංස්කාර සහිත ව … උපේක්ෂාසහගත වූ ඥානවිප්රයුක්ත වූ … රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්ෂාසහගත ඥානවිප්රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, එසමයෙහි අවිද්යාප්රත්යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමය වෙයි, නාමප්රත්යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් ප්රසාදය වෙයි, ප්රසාදප්රත්යයෙන් අධිමෝක්ෂය වෙයි, අධිමෝක්ෂප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි.
435. කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … පඨවිකසිණ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අවිද්යාප්රත්යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමය වෙයි, නාමප්රත්යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් ප්රසාදය වෙයි, ප්රසාදප්රත්යයෙන් අධිමෝක්ෂය වෙයි, අධිමෝක්ෂප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි.