1083. තෙල ෂට්කාමාවචරයෝ සියලු පඤ්චකාමයෙන් සමෘද්ධ වූවාහු වෙති. සියලු කාමාවචරයන්ගේ එක්රැස් කොට පුඬුකළ ආයුප්‍රමාණය කෙතෙක් වෙයි යත්: ඒ ෂට්කාමාවචර දෙවියන්ගේ ආයු මිනිසුන්ගේ හවුරුදු ගණනායෙන් දොළොස්සියඅටවිසිකෙළපනස්ලක්‍ෂ (1228,50,00,000) කැයි ප්‍රකාශ කරන ලදැයි.
1084. ප්‍රථමධ්‍යානය පරිත්ත (අල්පගුණ) කොට වඩා කොහි උපදිත් ද යත්: ප්‍රථම ධ්‍යානය පරිත්ත කොට වඩා බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්පයක තුන්වැනි භාග යයි. (කල්පයකින් තුනෙන් කොටසකැයි සේයි.) ප්‍රථමධ්‍යානය මධ්‍යම කොට වඩා කොහි උපදිත් ද යත්: ප්‍රථම ධ්‍යානය මධ්‍යම කොට වඩා බ්‍රහ්මපුරෝහිත දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: අඩකපෙකි. ප්‍රථමධ්‍යානය ප්‍රණීත කොට වඩා කොහි උපදිති යත්: ප්‍රථමධ්‍යානය ප්‍රණීත කොට වඩා මහාබ්‍රහ්මයන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්පයෙකි.
1085. ද්විතීයධ්‍යානය ගුණයෙන් අල්ප කොට වඩා කොහි උපදිති යත්: ද්විතීය ධ්‍යානය අල්පගුණ කොට වඩා පරිත්තාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: දෙ කල්පයෙකි. ද්විතීයධ්‍යානය මධ්‍යම කොට වඩා කොහි උපදිති යත්: ද්විතීයධ්‍යානය මධ්‍යම කොට වඩා අප්පමාණාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සතරෙකි. ද්විතීයධ්‍යානය ප්‍රණීත කොට වඩා කොහි උපදිති යත්: ද්විතීයධ්‍යානය ප්‍රණීත කොට වඩා ආභස්සර දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: අට කල්පයෙකි.
1086. තෘතීයධ්‍යානය පරිත්ත කොට වඩා කොහි උපදිති යත්: තෘතීයධ්‍යානය පරිත්ත කොට වඩා පරිත්තසුභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: සොළොස් කල්පයෙකි. තෘතීයධ්‍යානය මධ්‍යම කොට වඩා කොහි උපදිති යත්: තෘතීයධ්‍යානය මධ්‍යම කොට වඩා අප්පමාණසුභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: දෙතිස්කල්පයෙකි. තෘතීයධ්‍යානය ප්‍රණීත කොට වඩා කොහි උපදිති යත්: තෘතීයධ්‍යානය ප්‍රණීත කොට වඩා සුභකින්හ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: සූසැට කල්පයෙකි.
1087. චතුර්‍ත්‍ථධ්‍යානය වඩා ආලම්බනනානාත්‍වයෙන් මනසිකාරනානාත්‍වයෙන් ඡන්‍දනානාත්‍වයෙන් ප්‍රණිධිනානාත්‍වයෙන් අධිමෝක්‍ෂනානාත්‍වයෙන් අභිනීහාරනානාත්‍වයෙන් ප්‍රඥානානාත්‍වයෙන් ඇතැම් කෙනෙක් අසඤ්ඤසත්ත දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් වෙහප්ඵල දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් අවිහ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් අතප්ප දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් සුදස්ස දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් සුදස්සී දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් අකණිට්ඨ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් විඤ්ඤාණඤ්චායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් ආකිඤ්චඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්.
1088. අසඤ්ඤසත්ත වෙහප්ඵල දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: පන්සියක් කල්පයෙකි.
අවිහ දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප දහසෙකි.
අතප්ප දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප දෙදහසෙකි.
සුදස්ස දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සාරදහසෙකි.
සුදස්සී දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප අටදහසෙකි.
අකණිට්ඨක දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සොළොස්දහසෙකි.
ආකාසානඤ්චායතනූපග දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප විසිදහසෙකි.
විඤ්ඤාණඤ්චායතනූපග දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සතලිස් දහසෙකි.
ආකිඤ්චඤ්ඤායතනූපග දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප හැටදහසෙකි.
නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සුවාසූදහසෙකි.
1089. පින්තෙදින් උපරිභාවයට පමුණුවනලදුව මනුෂ්‍යාදි සප්තසුගතිභවයට හා එකොළොස් රූපභවයට පිළිසඳ විසින් ගියාහු ද, නේවසඤ්ඤානාසඤ්ඤායතන සඞ්ඛ්‍යාත භවාග්‍රයට පැමිණියාහු ද පෙරළා දුගතියට පැමිණෙත්.
කල්ප සුවාසූදහසක් පමණ දීර්‍ඝායුෂ්ක වූ සත්ත්‍වයෝ ආයු ගෙවීයෑමෙන් ච්‍යුත වෙති. නිත්‍ය වූ කිසි භවයෙක් නැතැ යි මහර්ෂී වූ සර්‍වඥයන් විසින් වදාරන ලදී.
එහෙයින් ම ධීර වූ එළඹසිටි සිහි ඇති නිපුණ වූ ස්වාර්‍ත්‍ථාදි අර්‍ත්‍ථචින්තකයෝ ජරාමරණමෝක්‍ෂයට කාරණ වූ නිවන පිණිස උතුම් වූ ආර්‍ය්‍යඅෂ්ටාංගිකමාර්‍ගය වඩත්.
නිවනට පමුණුවන පවිත්‍ර වූ ආර්‍ය්‍යමාර්‍ගය ස්වසන්තානයෙහි උපදවා කාමාදි සියලු ආස්‍රවයන් ත්‍රිවිධ පරිඥායෙන් දැන ආස්‍රව රහිත වූවාහු පරිනිර්‍වාණය කෙරෙත්.
7.
1090. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි ස්වභාවලක්‍ෂණාවබෝධ වශයෙන් දතයුතු ස්කන්‍ධයෝ කෙතෙක, සාමාන්‍යලක්‍ෂණාවබෝධ වශයෙන් දතයුතු ස්කන්‍ධයෝ කෙතෙක, ප්‍රහාතව්‍යයෝ කෙතෙක, භාවිතව්‍යයෝ කෙතෙක, සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ කෙතෙක, ප්‍රහාතව්‍ය නො වූවාහු, භාවිතව්‍ය නො වූවාහු, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වූවාහු කෙතෙක ... සප්ත චිත්තයන් අතුරෙහි අභිඥේයයෝ කෙතෙක, පරිඥේයයෝ කෙතෙක, ප්‍රහාතව්‍යයෝ කෙතෙක, භාවිතව්‍යයෝ කෙතෙක, සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ කෙතෙක, ප්‍රහාතව්‍ය නො වූවාහු, භාවිතව්‍ය නො වූවාහු, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වූවාහු කෙතෙක යත්:
1091. රූපස්කන්‍ධය අභිඥෙය (ස්වභාව ලක්‍ෂණාවබොධයෙන් දතයුතු) යැ. පරිඥේය (සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් දතයුතු) යැ. ප්‍රහාතව්‍ය නො වෙයි. භාවිතව්‍ය නො වෙයි. සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙයි. සතර ස්කන්‍ධයෝ අභිඥෙය්‍යහ, පරිඥෙය්‍යහ. ප්‍රහාතව්‍ය වියහෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, ප්‍රහාතව්‍ය නො වියහෙති, භාවිතව්‍ය නො වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්.