1042. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කෙතෙක් ස්කන්‍ධයෝ පහළ වෙත් ද, ... කෙතෙක් සිත් පහළ වෙත් ද යත්:
කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි සියල්ලන්ට පඤ්චස්කන්‍ධයෝ පහළ වෙත්.
කිසිවකුට එකොළොස් ආයතන කෙනෙක් පහළ වෙති. කිසිවකුට දශආයතන කෙනෙක් පහළ වෙති. කිසිවකුට අන්‍ය දශආයතන කෙනෙක් පහළ වෙති. කිසිවකුට නවආයතන කෙනෙක් පහළ වෙති. කිසිවකුට සත්ආයතන කෙනෙක් පහළ වෙත්.
කිසිවකුට එකොළොස් ධාතූහු පහළ වෙති. කිසිවකුට දශධාතූහු පහළ වෙති. කිසිවකුට අන්‍ය වූ දශධාතූහු පහළ වෙති. කිසිවකුට නවධාතූහු පහළ වෙති. කිසිවකුට සප්තධාතූහු පහළ වෙත්.
සියල්ලන්ට එක් සත්‍යයක් පහළ වෙයි.
කිසිවකුට තුදුස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට අන්‍ය වූ තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට දොළොස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට දශ ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්. කිසිවකුට අන්‍ය වූ නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්. කිසිවකුට අෂ්ට ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට අන්‍ය වූ අෂ්ට ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට සප්ත ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට පඤ්චේන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට සතර ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
කිසිවකුට හේතූහු තිදෙනෙක් පහළ වෙති. කිසිවකුට හේතූ දෙදෙනෙක් පහළ වෙති. කිසිකෙනෙක් අහේතුක වැ පහළ වෙත්.
සියල්ලන්ට සතර ආහාරයෝ පහළ වෙත්. සියල්ලන්ට එක් ස්පර්‍ශයෙක් පහළ වෙයි.
සියල්ලන්ට එක් වේදනාවක් ... එක් සංඥාවක් ... එක් චේතනාවක් ... එක් සිතක් පහළ වෙයි.
1043. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි සියල්ලන්ට කවර පඤ්චස්කන්‍ධයෝ පහළ වෙත් ද යත්: රූපස්කන්‍ධය ... විඥානස්කන්‍ධ යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි සියල්ලන්ට මේ පඤ්චස්කන්‍ධයෝ පහළ වෙත්.
1044. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට එකොළොස් ආයතන කෙනෙක් පහළ වෙත් ද යත්: කාමාවචර දෙවියන්ට ද, ප්‍රථම කල්පික වූ මනුෂ්‍යයන්ට ද, ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, සම්පූර්‍ණ ආයතන ඇතියනට උත්පත්තික්‍ෂණයෙහි එකොළොස් ආයතනයෝ පහළ වෙත්: චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි මොවුන්ට මේ එකොළොස් ආයතනයෝ පහළ වෙත්.
කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට දශායතනයෝ පහළ වෙත් ද යත්: ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, ජාත්‍යන්‍ධයන්ට ද, උත්පත්තික්‍ෂණයෙහි දශායතනයෝ පහළ වෙත්: රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි මොවුන්ට මේ දශායතනයෝ පහළ වෙත්.
කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට අන්‍ය වූ දශායතනයෝ පහළ වෙත් ද යත්: ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, උත්පත්තියෙන් බිහිරි වූවන්ට ද, උත්පත්තික්‍ෂණයෙහි දශායතනයෝ පහළ වෙත්: චක්‍ෂුරායතනය, රූපායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ දශායතනයෝ පහළ වෙත්.
කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරකුට නවායතනයෝ පහළ වෙත් ද යත්: ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, ජාත්‍යන්‍ධයන්ට ද, උත්පත්තික්‍ෂණයෙහි නවආයතනයෝ පහළ වෙත්: රූපායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ නවායතනයෝ පහළ වෙත්.
කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරකුට සප්තායතනයෝ පහළ වෙත් ද යත්: ගැබ්හි හෝනා සත්ත්‍වයන්ගේ උත්පත්තික්‍ෂණයෙහි සප්තායතනයෝ පහළ වෙත්: රූපායතන ය, ගන්‍ධායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ සප්තායතනයෝ පහළ වෙත්.
1045. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට එකොළොස් ධාතූහු පහළ වෙත් ද යත්: කාමාවචර දෙවියන්ට ද, ප්‍රථමකල්පයෙහි වූ මනුෂ්‍යයන්ට ද, ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, පරිපූර්‍ණ ආයතන ඇත්තවුන්ට උත්පත්තික්‍ෂණයෙහි එකොළොස් ධාතූහු පහළ වෙත්: චක්‍ෂුර්ධාතු, රූපධාතු, ශ්‍රෝත්‍රධාතු, ඝ්‍රාණධාතු, ගන්‍ධධාතු, ජිව්හාධාතු, රසධාතු, කායධාතු, ස්ප්‍රෂ්ටව්‍යධාතු, මනෝවිඥානධාතු, ධර්‍මධාතු යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ එකොළොස් ධාතූහු තුමූ පහළ වෙත්.