1034. කාමධාතුයෙහි ස්කන්ධයෝ කෙතෙක් ද, ආයතනයෝ කෙතෙක් ද, ධාතූහු කෙතෙක් ද, සත්යයෝ කෙතෙක් ද, ඉන්ද්රියයෝ කෙතෙක් ද, හේතූහු කෙතෙක් ද, සංඥා කෙතෙක් ද, චේතනා කෙතෙක් ද, චිත්තයෝ කෙතෙක් ද යත්:
කාමධාතුයෙහි ස්කන්ධ පසෙක, ආයතන දොළොසෙක, ධාතූහු අටළොසෙක, සත්ය තුනෙක, ඉන්ද්රිය දෙවිස්සෙක, හේතු නවයෙක, ආහාර සතරෙක, ස්පර්ශ සතෙක, වේදනා සතෙක, සංඥා සතෙක, චේතනා සතෙක, චිත්ත සතෙකි.
එහි කාමධාතුයෙහි පඤ්චස්කන්ධයෝ කවරහ යත්: රූපස්කන්ධ ය, වේදනාස්කන්ධ ය, සංඥාස්කන්ධ ය, සංස්කාරස්කන්ධ ය, විඥානස්කන්ධ යි. මොහු කාමධාතුයෙහි පඤ්චස්කන්ධයෝ යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි ද්වාදශායතනයෝ කවරහ යත්: චක්ෂුරායතන ය, රූපායතන ය, ශ්රෝතායතන ය, ශබ්දායතන ය, ඝ්රාණායතන ය, ගන්ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්රෂ්ට්යව්යායතන ය, මනායතන ය, ධර්මායතන යි. මොහු කාමධාතුයෙහි ද්වාදශායතනයෝ යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි අටළොස් ධාතූහු කවරහ යත්: චක්ෂුර්ධාතු ය රූපධාතු ය චක්ෂුර්විඥානධාතු ය, ශ්රෝත්රධාතු ය ශබ්දධාතු ය ශ්රෝත්රවිඥානධාතු ය, ඝ්රාණධාතු ය ගන්ධධාතු ය ඝ්රාණවිඥානධාතු ය, ජිහ්වාධාතු ය රසධාතු ය ජිහ්වාවිඥානධාතු ය, කායධාතු ය ස්ප්රෂ්ට්යව්යධාතු ය කායවිඥානධාතු ය, මනෝධාතු ය ධම්මධාතු ය මනෝවිඥානධාතු යි. මොහු කාමධාතුයෙහි අටළොස් ධාතුහ යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි තුන් සත්යයෝ කවරහ යත්: දුඃඛසත්ය ය, සමුදයසත්ය ය, මාර්ගසත්ය යි. මොහු කාමධාතුයෙහි තුන් සත්යයෝ යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි දෙවිසි ඉන්ද්රියයෝ කවරහ යත්: චක්ෂුරින්ද්රිය ය, ශ්රෝත්රේන්ද්රිය ය ... අඤ්ඤාතාවින්ද්රිය යි. මොහු කාමධාතුයෙහි දෙවිසි ඉන්ද්රියයෝ යි කියන ලැබෙත්.
එහි කාමධාතුයෙහි නවහේතූහු කවරහ යත්: කුශලහේතු තුනෙක, අකුශලහේතු තුනෙක, අව්යාකෘතහේතු තුනෙකි. මොහු කාමධාතුයෙහි නවහේතූහු යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි සතර ආහාරයෝ කවරහ යත්: කවලීකාරාහාර ය, ස්පර්ශාහාර ය, මනෝසඤ්චේතනාහාර ය, විඥානාහාර යි. මොහු කාමධාතුයෙහි සතර ආහාරයෝ යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි සප්තස්පර්ශයෝ කවරහ යත්: චක්ඛුසම්ඵස්ස ය, සෝතසම්ඵස්ස ය, ඝානසම්ඵස්ස ය, ජිව්හාසම්ඵස්ස ය, කායසම්ඵස්ස ය, මනෝධාතුසම්ඵස්ස ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්ස යි. මොහු කාමධාතුයෙහි සප්තස්පර්ශයෝ යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි සප්තවේදනා කවර යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනා ය, කායසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් වේදනා යි. මොහු කාමධාතුයෙහි සප්තවේදනා යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි සප්තසංඥා කවර යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥා ය, සෝතසම්ඵස්සයෙන් උපන් සංඥා ය, ඝානසම්ඵස්සයෙන් උපන් සංඥා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් සංඥා ය, කායසම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් සංඥා යි. මොහු කාමධාතුයෙහි සප්තසංඥා යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි සප්තචේතනා කවර යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මොහු කාමධාතුයෙහි සප්තචේතනා යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි සප්තචිත්තයෝ කවර යත්: චක්ෂුර්විඥාන ය, ශ්රොතවිඥාන ය, ඝ්රාණවිඥාන ය, ජිහ්වාවිඥාන ය, කායවිඥාන ය, මනෝධාතු ය, මනෝවිඥානධාතු යි. මොහු කාමධාතුයෙහි සප්තචිත්තයෝ යි කියනු ලැබෙත්.
1035. රූපධාතුයෙහි ස්කන්ධයෝ කෙතෙක් ද, ආයතනයෝ කෙතෙක් ද, ධාතූහු කෙතෙක් ද, සත්යයෝ කෙතෙක් ද, ඉන්ද්රියයෝ කෙතෙක් ද? ... චිත්තයෝ කෙතෙක් ද යත්:
රූපධාතුයෙහි ස්කන්ධ පසෙක, ආයතන සයෙක, ධාතු නවයෙක, සත්ය තුනෙක, ඉන්ද්රිය තුදුසෙක, හේතු අටෙක, ආහාර තුනෙක, ස්පර්ශ සතරෙක, වේදනා සතරෙක, සංඥා සතරෙක, චේතනා සතරෙක, සිත් සතරෙකි.
එහි රූපධාතුයෙහි පඤ්චස්කන්ධයෝ කවරහ යත්: රූපස්කන්ධ ය, වේදනාස්කන්ධ ය, සංඥාස්කන්ධ ය, සංස්කාරස්කන්ධ ය, විඥානස්කන්ධ යි. මොහු රූපධාතුයෙහි පඤ්චස්කන්ධයෝ යි.