998. එහි අෂ්ට ක්ලේශවස්තූහු කවරහ යත්: ලෝභ ය, ද්වේෂ ය, මෝහ ය, මාන ය, දෘෂ්ටි ය, විචිකිත්සා ය, ථීන ය, ඖද්ධත්ය යි. මොහු අෂ්ට ක්ලේශවස්තූහු වෙත්.
999. එහි අෂ්ට කුසීදවස්තූහු කවරහ යත්: මෙ සස්නෙහි මහණහු විසින් කළයුතු කිසෙක් වෙයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මා විසින් කළයුතු කිසෙක් වන්නේ ය, මා කිස කරන්නහුට කය ක්ලාන්ත වෙයි. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම වැදහොවී. නො පැමිණියහු (ධ්යානාදිය) ගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්රත්යක්ෂ නො කළහුගේ ප්රත්යක්ෂ කිරීම පිණිස වීර්ය්යාරම්භ නො කෙරෙයි. මේ පළමු වැනි කුසීදවස්තුව වෙයි.
තව ද අනෙකෙකි: මහණහු විසින් කිසෙක් කරන ලද වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මම වනාහි කිසක් කෙළෙමි. මා කිස කරන්නහුට කය ක්ලාන්ත විය. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවී. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්රත්යක්ෂ නො කළහුගේ ප්රත්යක්ෂ කිරීම පිණිස වීර්ය්යාරම්භ නො කෙරෙයි. මේ දෙවැනි කුසීදවස්තුව වෙයි.
තව ද අනෙකෙකි: මහණහු විසින් මග යා යුතු වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මා වනාහි මග යා යුතු වෙයි. මා මග යන්නහුට කය ක්ලාන්ත වෙයි. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවී. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්රත්යක්ෂ නො කළහුගේ ප්රත්යක්ෂ කිරීම පිණිස වීර්ය්යාරම්භ නො කෙරෙයි. මේ තුන්වැනි කුසීදවස්තුව වෙයි.
තව ද අනෙකෙකි: මහණහු විසින් මග ගියේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. මම මග ගියෙමි. මා මග යන්නහුට කය ක්ලාන්ත විය. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවී. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්රත්යක්ෂ නො කළහුගේ ප්රත්යක්ෂ කිරීම පිණිස වීර්ය්යාරම්භ නො කෙරෙයි. මේ සතරවැනි කුසීදවස්තුව වෙයි.
තව ද අනෙකෙකි: මහණ තෙම ගමෙක හෝ නියම්ගමෙක හෝ පිඬු පිණිස සරන්නේ රූක්ෂ වූ හෝ ප්රණීත වූ හෝ භෝජනයක් කැමැති තෙක් කුසපුරා නො ලබයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මම වනාහි ගමෙහි හෝ නියම්ගමෙහි හෝ පිඬු පිණිස සරන්නෙම් රූක්ෂ වූ හෝ ප්රණීත වූ හෝ භෝජනයක් කැමැති තෙක් කුසපුරා නො ලද්දෙමි. ඒ මාගේ කය ක්ලාන්ත විය. අකර්මණ්ය විය, මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවී. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්රත්යක්ෂ නො කළහුගේ ප්රත්යක්ෂ කිරීම පිණිස වීර්ය්යාරම්භ නො කෙරෙයි. මේ පස්වැනි කුසීදවස්තුව වෙයි.
තව ද අනෙකෙකි: මහණ තෙම ගමෙක හෝ නියම්ගමෙක හෝ පිඬු පිණිස සරන්නේ රූක්ෂ වූ හෝ ප්රණීත වූ හෝ භෝජනයක් කැමැති තෙක් කුසපුරා ලබයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මම වනාහි ගමෙහි හෝ නියම්ගමෙහි හෝ පිඬු පිණිස සරන්නෙම් රූක්ෂ වූ හෝ ප්රණීත වූ හෝ භෝජනයක් කැමැති තෙක් කුසපුරා ලදිමි. ඒ මාගේ කය ක්ලාන්ත විය, අකර්මණ්ය විය, (තෙත්) මෑ ඇට පිරූ කලක් වැන්න. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවියි. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්රත්යක්ෂ නො කළහුගේ ප්රත්යක්ෂ කිරීම පිණිස වීර්ය්යාරම්භ නො කෙරෙයි. මේ සවැනි කුසීදවස්තුව වෙයි.
තව ද අනෙකෙකි: මහණහට අල්පමාත්ර ආබාධයෙක් උපන්නේ වෙයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මට මේ අල්පමාත්ර ආබාධයෙක් උපන්නේ ය. නිදන්නට කැප ඇති, මම් නිදනුයෙම් නම් මැනැවැ’ යි හෙතෙම නිදයි. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්රත්යක්ෂ නො කළහුගේ ප්රත්යක්ෂ කිරීම පිණිස වීර්ය්යාරම්භ නො කෙරෙයි. මේ සත්වැනි කුසීදවස්තුව වේ.
තව ද අනෙකෙකි: මහණ තෙම ගිලන් ව සිට ඉන් නැඟුණේ ගිලන් බැවින් නැගි නොබෝකල් ඇතියේ වෙයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මම වනාහි ගිලනින් නැගුනෙම් ගිලන් බැවින් නැගි නොබෝකල් ඇතියෙමි, ඒ මාගේ කය දුබල ය, අකර්මණ්ය ය, මම් හොවිම් නම් මැනැවැ’ යි හෙතෙම හොවියි. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්රත්යක්ෂ නො කළහුගේ ප්රත්යක්ෂ කිරීම පිණිස වීර්ය්යාරම්භ නො කෙරෙයි. මේ අටවැනි කුසීදවස්තුව වේ. මොහු අෂ්ටකුසීදවස්තූහු වෙත්.
1000. එහි කවර අෂ්ටලොකධර්මයෙහි චිත්තයාගේ ප්රතිඝාතය වේ ද යත්: ලාභයෙහි බලවත් රාග ය, අලාභයෙහි ප්රතිවිරෝධ ය, යශස්හි බලවත් රාග ය, අයසෙහි ප්රතිවිරෝධ ය, ප්රශංසායෙහි බලවත් රාග ය, නින්දායෙහි ප්රතිවිරෝධ ය, සුඛයෙහි බලවත් රාගය, දුඃඛයෙහි ප්රතිවිරෝධ යයි. මේ අෂ්ටලොකධර්මයෙහි චිත්තයාගේ ප්රතිඝාතය වේ.