17. ඛුද්දකවත්‍ථු විභඞ්ගය
836. ජාතිමද ය, ගොත්‍රමද ය, ආරෝග්‍යමද ය, යෞවනමද ය, ජීවිතමද ය, ලාභමදය, සත්කාරමද ය, ගරුකාරමද ය, පුරස්කාරමද ය, පරිවාරමද ය, භෝගමද ය, වර්‍ණමද ය, ශ්‍රැතමදය, ප්‍රතිභානමද ය, රාත්‍රඥමද ය, පිණ්ඩපාතිකමද ය, අනවඥමද ය, ඊර්‍ය්‍යාපථමද ය, ඍද්ධිමද ය, යශෝමද ය, ශීලමද ය, ධ්‍යානමද ය, ශිල්පමද ය, ආරෝහමද ය, පරිණාහමද ය, සංස්ථානමද ය, පරිපූර්‍ණමද ය, මද ය ප්‍රමාද ය, ස්තම්භ ය, සාරම්භ ය, අත්‍රිච්ඡ බව ය, මහේච්ඡ බව ය, පාපේච්ඡ බව ය, ශෘඞ්ග ය, තින්තින ය, චපල බව ය, නො සම පැවැත්ම ය, නො ඇල්ම ය, මැලි බව ය, ඇඟමැලිහරන බව ය, බත්මත ය, චිත්තයාගේ ලීන බව ය, කුහක බව ය, ලපන ය, නෛමිත්තිකබව ය, නිප්පෙසිකතා (පරගුණපිසලීම) ය, ලාභයෙන් ලාභ සොයන බව ය. මම උසස්මි යන මාන ය, මම සමානයෙමි යන මාන ය, මම හීනයෙමි යන මාන ය, මම උසස්වූවහුට උසස්මි යන මාන ය, මම උසස් වූවහුට සමානයෙමි යන මාන ය, මම උසස් වූවහුට හීනයෙමි යන මාන ය, මම සමානයාහට උසස්මි යන මාන ය, මම සමානයාට සමානයෙමි යන මාන ය, මම සමානයාට හීනයෙමි යන මාන ය, මම හීනයාට උසස්මි යන මානය, මම හීනයාට සමානයෙමි යන මානය, මම හීනයාට හීනයෙමි යන මානය, මානය, අතිමාන ය, මානාතිමාන ය, අවමාන ය, අධිමාන ය, අස්මිමාන ය, මිථ්‍යාමාන ය, ඥාතිවිතර්‍ක ය, ජනපදවිතර්‍ක ය, අමරවිතර්‍ක ය, මෙරමාහට දයායෙන් ප්‍රතිසංයුක්ත විතර්‍ක ය, ලාභසත්කාරශ්ලෝකප්‍රතිසංයුක්තවිතර්‍ක ය, අනවඥාප්‍රතිසංයුක්තවිතර්‍ක යි.
එකක යි.
837. ක්‍රෝධය ද බද්ධවෛරය ද, මකු බව ද පළාසය ද, ඊර්‍ෂ්‍යාව ද මාත්සර්‍ය්‍ය ද, මායාව ද සඨ බව ද, අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද, භවදෘෂ්ටිය ද විභවදෘෂ්ටිය ද, ශාශ්වතදෘෂ්ටිය ද උච්ඡේදදෘෂ්ටිය ද, අන්තවද්දෘෂ්ටිය ද, අනන්තවද්දෘෂ්ටිය ද, පූර්‍වාන්තානුදෘෂ්ටිය ද, අවරාන්තානු දෘෂ්ටිය ද, අපත්‍රපාව ද, අනුත්තාපය ද, දුර්වච බව ද, පාපමිත්‍ර බව ද, අනාර්‍ජවය ද, අමාර්දවය ද, නො ඉවසීම ද, සුරත නො වන බව ද, අසඛිල බව ද, පටිසන්‍ථාර රහිත බව ද, ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාර බව ද, භෝජනයෙහි අමාත්‍රඥ බව ද, මුෂිතස්මෘතිය ද, සම්‍යග්ඥාන රහිත බව ද, ශීලවිපත්තිය ද, දෘෂ්ටිවිපත්තිය ද, අධ්‍යාත්ම සංයෝජන ද බාහ්‍යසංයෝජන දැ යි.
ද්වික යි.
838. අකුශලමූලයෝ තිදෙනෙකි, අකුශලවිතර්‍කයෝ තිදෙනෙකි, අකුශලසංඥාවෝ තිදෙනෙකි, අකුශලධාතුහු තිදෙනෙකි, දුශ්චරිතයෝ තිදෙනෙකි, ආස්‍රවයෝ තිදෙනෙකි, සංයෝජනයෝ තිදෙනෙකි, තෘෂ්ණාවෝ තිදෙනෙකි, අන්‍ය වූ ද තෘෂ්ණාවෝ තිදෙනෙකි, ඒෂණයෝ තිදෙනෙකි, විධාවෝ (මාන) තිදෙනෙකි, භය තුනෙකි, තමස්හු තිදෙනෙකි, තීර්‍ත්‍ථායතනයෝ තිදෙනෙකි, කිඤ්චන (පලිබෝධ) යෝ තිදෙනෙකි, අඞ්ගණයෝ තිදෙනෙකි, මලයෝ තිදෙනෙකි, විෂමයෝ තිදෙනෙකි, අන්‍ය වූද විෂමයෝ තිදෙනෙකි, අග්නීහු තිදෙනෙකි, කසටයෝ තිදෙනෙකි, අන්‍ය වූද කසටයෝ තිදෙනෙකි, ආස්වාදදෘෂ්ටි ය ආත්මානුදෘෂ්ටි ය මිථ්‍යාදෘෂ්ටි ය, අරති ය විහෙසා ය අධර්‍මචර්‍ය්‍යා ය,
දුර්වචතා ය පාපමිත්‍රතා ය නානාත්‍වසංඥා ය, ඖද්ධත්‍ය ය කෞසීද්‍ය ය, ප්‍රමාද ය, අසන්තුෂ්ටිතා ය අසම්‍යග්ඥානතා ය, මහෙච්ඡතා ය, අපත්‍රපා ය, අනුත්තාප ය ප්‍රමාද ය, අනාදරිය ය, දුර්වචතා ය පාපමිත්‍රතා ය, අශ්‍රද්ධා ය, අවදඤ්ඤුතා ය, කෞසීද්‍ය ය, ඖද්ධත්‍ය ය, අසංවර ය දුශ්ශීල්‍ය ය, ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව ය සදහම් නො අසනු කැමැති බව ය උපාරම්භ සිත් ඇති බව ය, මුළාසී බව ය සම්‍යග්ඥාන රහිත බව ය චිත්තයාගේ වික්‍ෂේප ය, මනසිකාර ය කුත්සිත මාර්‍ගසේවන ය චිත්තයාගේ ලීනතා යි.
ත්‍රික යි.
839. ආස්‍රව සතරෙකි, ග්‍රන්‍ථ සතරෙකි, ඕඝ සතරෙකි, යෝග සතරෙකි, උපාදාන සතරෙකි, තෘෂ්ණෝත්පාද සතරෙකි, අගතිගමන සතරෙකි, විපර්‍ය්‍යාස සතරෙකි, අනාර්‍ය්‍ය ව්‍යවහාර සතරෙකි, අන්‍ය වූ ද අනාර්‍ය්‍යව්‍යවහාර සතරෙකි, දුශ්චරිත සතරෙකි, අන්‍ය වූ ද දුශ්චරිත සතරෙකි, භය සතරෙකි, අන්‍ය වූ ද භය සතරෙකි, දෘෂ්ටි සතරෙකි.
චතුෂ්ක යි.
840. ඕරම්භාගියසංයෝජන පසෙකි, උද්ම්භාගියසංයෝජන පසෙකි, මාත්සර්‍ය්‍ය පසෙකි, සඞ්ග පසෙකි, ශල්‍ය පසෙකි, චේතෝඛිල පසෙකි, චිත්තයාගේ විනිබන්‍ධ පසෙකි, නීවරණ පසෙකි, ආනන්තර්‍ය්‍යකර්‍ම පසෙකි, දෘෂ්ටි පසෙකි, වෛර පසෙකි, ව්‍යසන පසෙකි, අක්‍ෂාන්තියෙහි ආදීනව පසෙකි, භය පසෙකි, දෘෂ්ටධර්‍මනිර්‍වාණවාද පසෙකි.
පඤ්චක යි.
841. විවාදමූල සයෙකි, ගෘහශ්‍රිතඡන්‍දරාගධර්‍ම සයෙකි, විරුද්ධවස්තු සයෙකි, තෘෂ්ණාකාය සයෙකි, අගෞරව සයෙකි, පරිහානිකරධර්‍ම සයෙකි, අන්‍ය වූ ද පරිහානිකර ධර්‍ම සයෙකි, සෞමනස්‍යෝපවිචාර සයෙකි, දෞමනස්‍යොපවිචාර සයෙකි, උපේක්‍ෂෝපවිචාර සයෙකි, ගෘහශ්‍රිතසෞමනස්‍ය සයෙකි, ගෘහශ්‍රිතදෞර්‍මනස්‍ය සයෙකි, ගෘහශ්‍රිතඋපේක්‍ෂා සයෙකි, දෘෂ්ටි සයෙකි.
ෂට්ක යි.
842. අනුශය සතෙකි, සංයෝජන සතෙකි, පර්‍ය්‍යුත්‍ථාන සතෙකි, අසද්ධර්‍ම සතෙකි, දුශ්චරිත සතෙකි, මාන සතෙකි, දෘෂ්ටි සතෙකි.
සප්තක යි.
843. ක්ලේශවස්තු අටෙක, කුසීතවස්තු අටෙක, අෂ්ටලොකධර්‍මයෙහි චිත්තයාගේ ප්‍රතිඝාත ය, අනාර්‍ය්‍යව්‍යවහාර අටෙක, මිථ්‍යාත්‍ව අටෙක, පුරුෂදෝෂ අටෙක, අසංඥීවාද අටෙක, නෛවසංඥානාසංඥීවාද අටෙකි.
අෂ්ටක යි.
844. ආඝාතවස්තු නවයෙක, පුරුෂමල නවයෙක, නවවිධමානය, තෘෂ්ණාමූලක ධර්‍ම නවයෙක, ඉඤ්ජිත නවයෙක, මඤ්ඤිත නවයෙක, ස්පන්‍දිත නවයෙක, ප්‍රපඤ්චිත නවයෙක, සඞ්ඛත නවයෙකි.
නවක යි.