977. එහි විවාදමූලයෝ සදෙන කවරහ යත්: ක්රෝධ ය, මකු බව ය, ඊර්ෂ්යා ය, සඨ බව ය, පාපිච්ඡ බව ය, ස්වකීය දෘෂ්ටිය පරාමර්ශ කරනසුලු බව යි. මොහු සදෙන විවාදමූලයෝ යි.
978. එහි ගෘහශ්රිත වූ ඡන්දරාගධර්මයෝ සදෙන කවරහ යත්: මනවඩන රූපයන්හි ගෘහශ්රිත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත්රාගයෙක්, මනවඩන ශබ්දයන්හි ... මනවඩන ගන්ධයන්හි ... මනවඩන රසයන්හි ... මනවඩන ස්ප්රෂ්ටව්යයන්හි ... මනවඩන ධර්මාලම්බනයන්හි ගෘහශ්රිත රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මොහු සදෙන ගෘහශ්රිතඡන්දරාගධර්මයෝ යි.
979. එහි විරුද්ධවස්තූහු සදෙන කවරහ යත්: අනිෂ්ට වූ රූපයන්හි චිත්තයාගේ ආඝාතයෙක් ප්රතිඝාතයෙක් සැඩ බවෙක් දුරුක්තියෙක් චිත්තයාගේ නො සතුටුබවෙක්, අනිෂ්ට වූ ශබ්දයන්හි ... අනිෂ්ට වූ ගන්ධයන්හි ... අනිෂ්ට වූ රසයන්හි ... අනිෂ්ට වූ ස්ප්රෂටව්යයන්හි ... අනිෂ්ට වූ ධර්මාලම්බනයන්හි චිත්තයාගේ ආඝාතයෙක් ප්රතිඝාතයෙක් සැඬ බවෙක් දුරුක්තියෙක් චිත්තයාගේ නො සතුටුබවෙක් වේ ද, මොහු විරුද්ධවස්තූහු සදෙන වෙත්.
980. එහි ෂට්තෘෂ්ණාකාය කවරෙ යත්: රූපතෘෂ්ණා ය, ශබ්දතෘෂ්ණා ය, ගන්ධතෘෂ්ණා ය, රසතෘෂ්ණා ය, ස්ප්රෂ්ටව්යතෘෂ්ණා ය, ධර්මතෘෂ්ණා යි. මොහු ෂට්තෘෂ්ණාකාය වෙත්.
981. එහි අගෞරවයෝ සදෙන කවරහ යත්: ශාස්තෘන් කෙරෙහි ගෞරව රහිත ව නිඃශ්රය රහිත ව වෙසෙ යි. ධර්මය කෙරෙහි ගෞරව රහිත ව නිඃශ්රය රහිත ව වෙසෙ යි. සංඝයා කෙරෙහි ගෞරව රහිත ව නිඃශ්රය රහිත ව වෙසෙ යි. ශික්ෂායෙහි ගෞරව රහිත ව නිඃශ්රය රහිත ව වෙසෙ යි. අප්රමාදයෙහි ගෞරව රහිත ව නිඃශ්රය රහිත ව වෙසෙ යි. ප්රතිසන්ථාරයෙහි ගෞරව රහිත ව නිඃශ්රය රහිත ව වෙසෙ යි. මොහු අගෞරවයෝ සදෙන වෙත්.
982. එහි පරිහාණියධර්මයෝ සදෙන කවරහ යත්: කම්හි ඇලුණු බව ය, කථායෙහි ඇලුණු බව ය, නිද්රායෙහි ඇලුණු බව ය, සඞ්ගණිකායෙහි ඇලුණු බව ය, සංසර්ගයෙහි ඇලුණු බව ය, ප්රපඤ්චයෙහි ඇලුණු බව යි. මොහු පරිහාණියධර්මයෝ සදෙන වෙත්.
983. එහි අන්ය වූ ද, පරිහාණියධර්මයෝ සදෙන කවරහ යත්: කම්හි ඇලුණු බව ය, කථායෙහි ඇලුණු බව ය, නිද්රායෙහි ඇලුණු බව ය, සඞ්ගණිකායෙහි ඇලුණු බව ය, දුබැසි බව ය, පාපමිත්ර බව යි. මොහු පරිහාණියධර්මයෝ සදෙන වෙත්.
984. එහි සෝමනස්සුපවිචාරයෝ සදෙන කවරහ යත්: ඇසින් රූපයක් දැක සොම්නසට කරුණු වූ රූපයෙහි සිත එළවයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන සොම්නසට කරුණු වූ ධර්මයෙහි සිත එළවයි. මොහු සෝමනස්සුපවිචාරයෝ සදෙන වෙත්.
985. එහි දෝමනස්සුපවිචාරයෝ සදෙන කවරහ යත්: ඇසින් රූපයක් දැක දොම්නසට කරුණු වූ රූපයෙහි සිත එළවයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන දොම්නසට කරුණු වූ ධර්මයෙහි සිත එළවයි. මොහු දෝමනස්සුපවිචාරයෝ සදෙන වෙත්.
986. එහි උපෙක්ඛුපවිචාරයෝ සදෙන කවරහ යත්: ඇසින් රූපයක් දැක උපේක්ෂාවට කරුණු වූ රූපයෙහි සිත එළවයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන උපේක්ෂාවට කරුණු වූ දහම්හි සිත එළවයි. මොහු උපෙක්ඛුපවිචාරයෝ සදෙන වෙත්.
987. එහි ගෘහශ්රිත සෞමනස්යයෝ සදෙන කවරහ යත්: මනවඩනා රූපයන්හි කාමාශ්රිත වූ චෛතසිකසාතයෙක් චෛතසිකසුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනායෙක්, මනවඩනා ශබ්දයන්හි ... මනවඩනා ගන්ධයන්හි ... මනවඩනා රසයන්හි ... මනවඩනා ස්ප්රෂ්ටව්යයන්හි ... මනවඩනා දහම්හි කාමාශ්රිත වූ චෛතසික සාතයෙක් චෛතසික සුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනායෙක් වේද, මොහු ගෘහශ්රිතසෞමනස්යයෝ සදෙන වෙත්.