1012. එහි දශ ක්ලේශවස්තූහු කවරහ යත්: ලෝභ ය, ද්වේෂ ය, මෝහ ය, මාන ය, දෘෂ්ටි ය, විචිකිත්සා ය, ස්ත්යාන ය, ඖද්ධත්ය ය, අහ්රීයක ය, අනපත්රපා යි. මොහු දශක්ලේශවස්තූහු වෙත්.
1013. එහි දශ ආඝාතවස්තු කවරහ යත්: මට අනර්ත්ථ කළැ යි ආඝාත උපදී. මට අනර්ත්ථ කෙරේ යැ යි ආඝාත උපදී. මට අනර්ත්ථ කරන්නේ යැ යි ආඝාත උපදී. මාගේ ප්රියමනාපයහට අනර්ත්ථ කෙළේ ය, අනර්ත්ථ කෙරෙ යි, අනර්ත්ථ කරන්නේ යැ යි ආඝාත උපදී. මාගේ අප්රියඅමනාපයහට අර්ත්ථ කෙළේ ය, අර්ත්ථ කෙරෙ යි, අර්ත්ථ කරන්නේ යැ යි ආඝාත උපදී. යළි අස්ථානයෙහි හෝ ආඝාත උපදී. මොහු දශ ආඝාතවස්තු වෙත්.
1014. එහි දශ අකුශලකර්මපථයෝ කවරහ යත්: ප්රාණවධය, අදත්තාදානය, කාමමිථ්යාචාරය, මෘෂාවාදය, පිශුනවචනය, පරුෂවචනය, සම්ඵප්රලාපය, අභිධ්යාය, ව්යාපාදය මිථ්යාදෘෂ්ටි යි. මොහු දශ අකුශලකර්මපථයෝ යි.
1015. එහි දශ සංයෝජනයෝ කවරහ යත්: කාමරාගසංයෝජන ය, ප්රතිඝසංයෝජන ය, මානසංයෝජන ය, දෘෂ්ටිසංයෝජන ය, විචිකිත්සාසංයෝජන ය, ශීලව්රතපරාමර්ශසංයෝජන ය, භවරාගසංයෝජන ය, ඊර්ෂ්යාසංයෝජන ය, මාත්සර්ය්යසංයෝජන ය, අවිද්යාසංයෝජන යි. මොහු දශ සංයෝජනයෝ යි.
1016. එහි දශ මිථ්යාත්වයෝ කවරහ යත්: මිථ්යාදෘෂ්ටි ය, මිථ්යාසංකල්ප ය, මිථ්යාවාක් ය, මිථ්යාකර්මාන්ත ය, මිථ්යාජීව ය, මිථ්යාව්යායාම ය, මිථ්යාස්මෘති ය, මිථ්යාසමාධි ය, මිථ්යාඥාන ය, මිථ්යාවිමුක්ති යි. මොහු දශ මිථ්යාත්වයෝ යි.
1017. එහි දශවස්තුකමිථ්යාදෘෂ්ටි කවර යත්: දුන්දැයෙහි විපාක නැත, පුදනලදුයෙහි විපාක නැත, හවනලදුයෙහි විපාක නැත, සුකෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මව් නැත, පියා නැත, ඕපපාතිකසත්ත්වයෝ නැත, ලොව යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ ම දැන ප්රත්යක්ෂ කොට ප්රකාශ කෙරෙත් නම්, එබඳු සම්යග්ගත වූ සම්යක්ප්රතිපන්න වූ ශ්රමණබ්රාහ්මණ කෙනෙක් නැතැ යි, මේ දශවස්තුකමිථ්යාදෘෂ්ටි වේ.
1018. එහි දශවස්තුක අන්තග්රාහිකදෘෂ්ටි කවර යත්: ලෝකය ශාස්වතැ යි හෝ ලෝකය අශාශ්වතැ යි හෝ ලෝකය අන්තවත් යැ යි හෝ ලෝකය අනන්තවත්යැ යි හෝ එ මැ ජීවය එ මැ ශරීර යැ යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි හෝ, සත්ත්ව තෙමේ මරණින් මතු වෙයි හෝ, සත්ත්ව තෙමේ මරණින් මතු නො වෙයි හෝ, සත්ත්ව තෙමේ මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ යැ යි හෝ සත්ත්ව තෙමේ මරණින් මතු නො ම වෙයි නො වන්නේ නො වෙයි හෝ යි. මේ දශවස්තුක අන්තග්රාහිකාදෘෂ්ටි වේ.
දශක යි.
1019. එහි ආධ්යාත්මිකපඤ්චස්කන්ධය නිසා පවත්නා අටළොස් තෘෂ්ණාවිචරිතයෝ කවරහ යත්: (මම) ‘වෙමි’ (තෘෂ්ණාව) වෙයි, ‘මේ ප්රකාර වෙමි’ තෘෂ්ණා වෙයි, ‘මෙසේ වෙමි’ තෘෂ්ණාව වෙයි, ‘අන් ප්රකාරයෙකින් වෙමි’ තෘෂ්ණා වෙයි, (මම) ‘වන්නෙමි’ තෘෂ්ණා වෙයි, ‘මේ ප්රකාරයෙන් වන්නෙමි’ වෙයි, ‘මෙසේ වන්නෙමි’ වෙයි, ‘අන් ප්රකාරයෙකින් වන්නෙමි’ වෙයි, ‘ශාස්වතයෙමි’ වෙයි, ‘අශාස්වතයෙමි’ වෙයි, ‘වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘මේ ප්රකාරයෙන් වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘මෙසේ වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘අන් ප්රකාරයෙකින් වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘වන්නෙම් නම් මැනැවැ’ යි වෙයි, ‘මේ ප්රකාරයෙන් වන්නෙම් නම් මැනැවැ’ යි වෙයි, ‘මෙසේ වන්නෙම් නම් මැනැවැ’ යි වෙයි, ‘අන් ප්රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ’ යි වේ.
කිසෙයින් ‘වෙමි’ වේ ද යත්: කිසි දහමක් රූපය, වේදනාව, සංඥාව, සංස්කාරයන් විඥානය නො වෙන් කොට ගෙන ‘මම වෙමි’ යි තෘෂ්ණාවට පැමිණෙ යි. ‘මම වෙමි’ යි මානයට පැමිණෙයි. ‘මම වෙමි’ යි දෘෂ්ටියට පැමිණෙ යි. ඒ තුන් ප්රපඤ්චයන් ඇති කල්හි ‘මේ ප්රකාර වෙමි’ යි හෝ ‘මෙසේ වෙමි’ යි හෝ ‘අන් ප්රකාරයෙකින් වෙමි’ යි හෝ මේ ප්රපඤ්චිතයෝ වෙති.
කිසෙයින් ‘මේ ප්රකාර වෙමි’ වේ ද යත්: ක්ෂත්රියයෙමි හෝ බ්රාහ්මණයෙමි හෝ වෛශ්යයෙමි හෝ ශුද්රයෙමි හෝ ගෘහස්තයෙමි හෝ ප්රව්රජිතයෙමි හෝ දිව්යයෙමි හෝ මනුෂ්යයෙමි හෝ රූපී වෙමි හෝ අරූපී වෙමි හෝ සංඥී වෙමි හෝ අසංඥී වෙමි හෝ නෛවසංඥීනාසංඥී වෙමි හෝ ‘මේ ප්රකාර වෙමි’ යි වේ.