821. එහි පඤ්චාඞ්ගික වූ සම්යක්සමාධි කවරෙ යත්: පීතිඵරණතා ය, සුඛඵරණතා ය, චේතෝඵරණතා ය, ආලෝකඵරණතා ය, පච්චවෙක්ඛණානිමිත්ත යි. (ප්රථම ද්විතීය) ධ්යානද්වයෙහි ප්රඥාව පීතිඵරණතා ය, ධ්යානත්රයෙහි ප්රඥාව සුඛඵරණතා ය, පරචිත්තයෙහි ප්රඥාව චේතෝඵරණතා ය, දිව්යචක්ෂුස ආලෝකඵරණතා ය, ඒ ඒ සමාධියෙන් නැඟීසිටියහුගේ ප්රත්යවේක්ෂාඥානය පච්චවෙක්ඛණානිමිත්ත යි. මේ ‘පඤ්චාඞ්ගික වූ සම්යක්සමාධි’ යි කියනු ලැබේ.
එහි පඤ්චඥානික වූ සම්යක්සමාධිය කවරෙ යත්: මේ (අර්හත්ඵල) සමාධිය ප්රත්යුත්පන්නසුඛයත් ආයතිසුඛවිපාකත් ඇත්තේ යයි තමා කෙරෙහි ම ඥානය උපදී, මේ සමාධිය ආර්ය්ය ය, නිරාමිෂ යයි තමා කෙරෙහි ම ඥානය උපදී, මේ සමාධිය මහාපුරුෂයන් විසින් සෙවුනා ලදැ යි තමා කෙරෙහි ම ඥානය උපදී. මේ සමාධිය ශාන්ත ය, ප්රණීත ය, කෙලෙසුන් සන්හිඳුවීමෙන් ලබන ලද ය. එකඟ බැවින් පැමිණෙන ලද ය, සප්රෙයෝග සිතින් නිග්රහ කොට කෙලෙස් වරා පැමිණියේ නො වේ යයි තමා කෙරෙහි ඥානය උපදී. ඒ මම මේ සමාධියට සිහි ඇති ව සමවදිමි සිහි ඇති ව (ඉන්) නැඟෙමී තමා කෙරෙහි ම ඥානය උපදී. මේ පඤ්චඥානික වූ සම්යක්සමාධිය වේ. මෙසේ පඤ්චප්රකාරයෙන් ඥානවස්තු වේ.
822. එහි ෂට් - අභිඥාවන්හි ප්රඥා කවර යත්: ඍද්ධිවිධයෙහි ඥානය, ශ්රෝතධාතු විශුද්ධියෙහි ඥාන ය, පරචිත්තයෙහි ඥාන ය, පූර්වනිවාසානුස්මෘතියෙහි ඥාන ය, සත්ත්වයන්ගේ ච්යුති - උපපාතයෙහි ඥාන ය, ආස්රවක්ෂයයෙහි ඥාන යි. මේ ෂට් - අභිඥාවන්හි ප්රඥා යි. මෙසේ ෂට්ප්රකාරයෙන් ඥානවස්තු වේ.
823. එහි සත්සැත්තෑ ඥානවස්තුහු කවරහ යත්: ජාතිප්රත්යයෙන් ජරාමරණ වේ යැ යි ඥානයෙක, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි ඥානයෙක, අතීතකාලයෙහිදු ජාතිප්රත්යයෙන් ජරාමරණ යැ යි ඥානයෙක, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි ඥානයෙක, අනාගතකාලයෙහිදු ජාතිප්රත්යයෙන් ජරාමරණ යැ යි ඥානයෙක, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි ඥානයෙක, යම් ඒ ධර්මස්ථිති (ප්රත්යයාකාර) ඥානයෙකුත් වන්නේ නම් හෙ ද ක්ෂයස්වභාව ඇත්තේ ය, ව්යයස්වභාව ඇත්තේ ය, විරාගස්වභාව ඇත්තේ ය, නිරෝධස්වභාව ඇත්තේ යැ යි ඥානයෙක, භවප්රත්යයෙන් ජාතිය වේ යැ යි ඥානයෙක ... උපාදානප්රත්යයෙන් භවය වේ යැ යි ඥානයෙක ... තෘෂ්ණාප්රත්යයෙන් උපාදානය වේ යැ යි ඥානයෙක ... වේදනාප්රත්යයෙන් තෘෂ්ණාව වේ යැ යි ඥානයෙක ... ස්පර්ශප්රත්යයෙන් වේදනා වේ යැ යි ඥානයෙක ... ෂඩායතනප්රත්යයෙන් ස්පර්ශය වේ යැ යි ඥානයෙක ... නාමරූපප්රත්යයෙන් ෂඩායතනය වේ යැ යි ඥානයෙක ... විඥානප්රත්යයෙන් නාමරූප වේ යැ යි ඥානයෙක ... සංස්කාරප්රත්යයෙන් විඥානය වේ යැ යි ඥානයෙක ... අවිද්යාප්රත්යයෙන් සංස්කාරයෝ වෙතැ යි ඥානයෙක. අවිද්යාව නැති කල්හි සංස්කාරයෝ නැතැ යි ඥානයෙක, අතීතකාලයෙහිදු අවිද්යාප්රත්යයෙන් සංස්කාරයෝ වූහ යි ඥානයෙක. අවිද්යාව නැති කල්හි සංස්කාරයෝ නැතැ යි ඥානයෙක, අනාගතකාලයෙහිදු අවිද්යාප්රත්යයෙන් සංස්කාරයෝ වන්නාහ යි ඥානයෙක. අවිද්යාව නැති කල්හි සංස්කාරයෝ නැතැ යි ඥානයෙක, යම් ඒ ධර්මස්ථිතිඥානයෙකුත් වන්නේ නම් හෙ ද ක්ෂයස්වභාව ඇත්තේ ය, ව්යයස්වභාව ඇත්තේ ය, විරාගස්වභාව ඇත්තේ ය, නිරෝධස්වභාව ඇත්තේ යැ යි ඥානයෙකි. මොහු සත්සැත්තෑ ඥානවස්තූහු වෙත්. මෙසේ සප්තප්රකාරයෙන් ඥානවස්තු වේ.
824. එහි සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්රඥා කවර යත්: ශ්රෝතාපත්තිමාර්ගයෙහි ප්රඥා ය, ශ්රොතාපත්තිඵලයෙහි ප්රඥා ය, සකෘදාගාමීමාර්ගයෙහි ප්රඥා ය, සකෘදාගාමීඵලයෙහි ප්රඥා ය, අනාගාමිමාර්ගයෙහි ප්රඥා ය, අනාගාමීඵලයෙහි ප්රඥා ය, අර්හන්මාර්ගයෙහි ප්රඥා ය, අර්හත්ඵලයෙහි ප්රඥා යි. මේ සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්රඥායි. මෙසේ අෂ්ප්රකාරයෙන් ඥානවස්තු වේ.
825. එහි නව අනුපූර්වවිහාරසමාපත්තීන්හි ප්රඥා කවර යත්: ප්රඥමධ්යානසමාපත්තියෙහි ප්රඥා ය, ද්විතීයධ්යානසමාපත්තියෙහි ප්රඥා ය, තෘතීයධ්යානසමාපත්තියෙහි ප්රඥා ය, චතුර්ත්ථධ්යානසමාපත්තියෙහි ප්රඥා ය, ආකාසානඤ්චායතනසමාපත්තියෙහි ප්රඥා ය, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙහි ප්රඥා ය, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි ප්රඥා ය, නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි ප්රඥා ය, සංඥාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැඟීසිටියහු ගේ ප්රත්යවෙක්ෂණාඥාන යි. මේ අනුපූර්වවිහාරසමාපත්තීන්හි ප්රඥා යි. මෙසේ නවප්රකාරයෙන් ඥානවස්තු වේ.
826. එහි තථාගතයන්ගේ කාරණය කාරණ හෙයින් ද අකාරණය අකාරණ හෙයින් ද ඇති සැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්න (සෝවන්) පුද්ගල තෙමේ කිසි සංස්කාරයක් නිත්ය විසින් ගන්නේ නම් මෙය අහේතුක ය, අනවකාශ ය. මෙ කරුණ නො පැනේ යයි මෙහි තථාගත තෙමේ දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් නිත්ය විසින් ගන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙමේ කිසි සංස්කාරයක් සුඛ විසින් ගන්නේ නම් මේ අස්ථාන ය, අනවකාශ ය, මෙ කරුණ නො පැනේ යයි දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් සුඛ විසින් ගන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්යමාන වේ යයි දනී. යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙමේ කිසි සංස්කාරයක් ආත්ම විසින් ගන්නේ නම් මේ අස්ථාන ය, අනවකාශ ය, මෙ කරුණ නො පැනේ යයි දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් ආත්ම විසින් ගන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්යමාන වේ යයි දනී.
යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙම මව දිවි ගලවන්නේ නම් මේ හේතු රහිතය, ප්රත්යය රහිතය, මෙ කරුණ නො පැනේ යයි දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙම මව දිවිගලවන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්යමාන වේ යයි දනී. යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙම පියා දිවිගලවන්නේ නම් ... රහත්හු දිවිගලවන්නේ නම් ... දුෂ්ට වූ සිතින් බුදුන් සිරිරින් ලෙහෙ සොලවා නම් ... සඞ්ඝභේද කෙරේ නම් ... අන් ශාස්තෘවක්හු උදෙසා නම් ... අට වැනි භවයෙක උපදනේ නම් හේතු රහිත ය, ප්රත්යය රහිත ය, මෙ කරුණ නො පැනේ යයි දනී. යම් කරුණෙකින් පෘථග්ජන තෙම අටවැනි භවයෙක උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්යමාන වේ යයි දනී.