16. ඤාණ විභඞ්ගය
807. එක් ප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: පඤ්චවිඥානයෝ හේතුහු නො වෙති අහේතුකයෝ ය, හේතුවිප්‍රයුක්තයෝ ය, සප්‍රත්‍යයෝ ය, සඞ්ඛතයෝ ය, අරූපයෝ ය, ලෞකිකයෝ ය, සාස්‍රවයෝ ය, සංයෝජනියෝ ය, ග්‍රන්‍ථනීයයෝ ය, ඕඝනීයයෝ ය, යෝගනීයයෝ ය, නීවරණියයෝ ය, පරාමෘෂ්ටයෝ ය, උපාදානියයෝ ය, සාංක්ලේශිකයෝ ය, අව්‍යාකෘතයෝ ය, සාලම්බනයෝ ය, අචෛතසිකයෝ ය, විපාකයෝ ය, උපාදින්නෝපාදානියයෝ ය, අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය, සවිතර්‍කසවිචාරයෝ නො වෙති, අවිතර්‍කවිචාරමාත්‍ර නො වෙති, අවිතර්‍කඅවිචාරයෝ ය, ප්‍රීතිසහගත නො වෙති, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය, නො ම ආචයගාමී නො ද අපචයගාමීහ, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂයෝ ය, පරිත්තයෝ ය, කාමාවචරයෝ ය, රූපාවචර නො වෙති, අරූපාවචර නො වෙති, පර්‍ය්‍යාපන්නයෝ ය, අපර්‍ය්‍යාපන්න නො වෙති, අනියතයෝ ය, අනෛර්‍ය්‍යාණිකයෝ ය, උත්පන්නයෝ ය, මනෝවිඥානයෙන් දත යුත්තාහ, අනිත්‍යයෝ ය, ජරාභිභූතයහ.
පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුකයෝ ය, උත්පන්නාලම්බනයෝ ය, පුරේජාතවස්තුකයෝ ය, පුරේජාතආලම්බනයෝ ය, ආධ්‍යාත්මිකවස්තුකයෝ ය, බාහිරාලම්බනයෝ ය, නිරුද්ධ නො වූ වස්තු ඇත්තාහු ය, නිරුද්ධ නො වූ ආලම්බන ඇත්තාහු ය, නානාවස්තුකයෝ ය, නානාලම්බනයෝ ය, අන්‍යෝන්‍යගෝචරවිෂය නො විඳිති, සමන්‍වාහාර රහිත වැ නූපදිති, මනසිකාර රහිත වැ නූපදිති, අව්‍යාකීර්‍ණ ව නූපදිති, පෙරපසු නො වැ නූපදිති, අන්‍යොන්‍යයන්ට සමනන්තර ව නූපදිත්.
පඤ්චවිඥානයෝ ආභෝග රහිතයෝ ය, අභිනිපාතමාත්‍රයක් (හමුවට පැමිණි) රූපාදි අරමුණු හැර පඤ්චවිඥානයන්ගෙන් (කුශලාකුශලාදි) කිසි ධර්‍මයක් නො දැනගනී. පඤ්චවිඥානයන්ට සමනන්තර ව ද කිසි ධර්‍මයක් නො දැනගනී. පඤ්චවිඥානයෙන් කිසි ඊර්‍ය්‍යාපථයක් නො කෙරෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද කිසි ඊර්‍ය්‍යාපථයෙක් නො කෙරෙයි, පඤ්චවිඥානයෙන් කායකර්‍මය වාක්කර්‍මය නො කෙරෙයි. පඤ්චවිඥානයන්ට සමනන්තරව ද කායකර්‍මය වාක්කර්‍මය නො කෙරෙයි. පඤ්චවිඥානයෙන් කුශලාකුශල ධර්‍මසමාදානය නො කෙරෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද කුශලාකුශලධර්‍ම සමාදානය නො කෙරෙයි, පඤ්චවිඥානයෙන් සමවතට නො පැමිණෙයි, සමවතින් නො නැඟෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තර ව ද සමවත් නො අවදියි, සමවතින් නො නැඟෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද ච්‍යුත නො වෙයි, නූපදී, පඤ්චවිඥානයෙන් නො හොවියි, නො පිබිදෙයි, සිහින නො දකියි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද නො හොවී, නො පිබිදෙයි, සිහින නො දකියි, ඇති සැටි වස්තු ප්‍රකාශ කරන ප්‍රඥාව යි.
මෙසේ එක් ප්‍රකාරයෙකින් ඥානවස්තු වේ.
808. ද්විප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: ලෞකික ප්‍රඥා ය, ලෝකෝත්තර ප්‍රඥා යි. කිසි විඥානයෙකින් දතයුතු ප්‍රඥා ය, කිසි විඥානයෙකින් නො දතයුතු ප්‍රඥා යි. සාස්‍රව ප්‍රඥා ය, අනාස්‍රවප්‍රඥා යි. ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවප්‍රඥා ය, ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවප්‍රඥා යි. සංයෝජනියප්‍රඥා ය, අසංයෝජනියප්‍රඥා යි. සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියප්‍රඥා ය, සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනියප්‍රඥා යි. ග්‍රන්‍ථනීයප්‍රඥා ය, අග්‍රන්‍ථනීයප්‍රඥා යි. ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනීයප්‍රඥා ය, ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීයප්‍රඥා යි. ඕඝනීයප්‍රඥා ය, අනෝඝනීයප්‍රඥා යි. ඕඝවිප්‍රයුක්තඕඝනීය ප්‍රඥා ය, ඕඝවිප්‍රයුක්තඅනෝඝනීයප්‍රඥා යි. යෝගනීයප්‍රඥා ය, අයෝගනීයප්‍රඥා යි. යෝගවිප්‍රයුක්තයෝගනීයප්‍රඥා ය, යෝගවිප්‍රයුක්තඅයෝගනීයප්‍රඥා යි. නීවරණියප්‍රඥා ය, අනීවරණියප්‍රඥා යි. නීවරණවිප්‍රයුක්තනීවරණියප්‍රඥා ය, නීවරණවිප්‍රයුක්තඅනීවරණියප්‍රඥා යි. පරාමෘෂ්ටප්‍රඥා ය, අපරාමෘෂ්ටප්‍රඥා යි. පරාමර්‍ශවිප්‍රයුක්තපරාමෘෂ්ටප්‍රඥා ය, පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ටප්‍රඥා යි. උපාදින්නප්‍රඥා ය, අනුපාදින්නප්‍රඥා යි. උපාදානියප්‍රඥා ය, අනුපාදානියප්‍රඥා යි. උපාදානවිප්‍රයුක්තඋපාදානියප්‍රඥා ය, උපාදානවිප්‍රයුක්තඅනුපාදානියප්‍රඥා යි. සාංක්ලේශිකප්‍රඥා ය, අසාංක්ලේශිකප්‍රඥා යි. ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශිකප්‍රඥා ය, ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශිකප්‍රඥා යි. සවිතර්‍කප්‍රඥා ය, අවිතර්‍කප්‍රඥා යි. සවිචාරප්‍රඥා ය, අවිචාරප්‍රඥා යි. සප්‍රීතිකප්‍රඥා ය, අප්‍රීතිකප්‍රඥා යි. ප්‍රීතිසහගතප්‍රඥා ය, ප්‍රීතිසහගත නො වූ ප්‍රඥා යි. සුඛසහගතප්‍රඥා ය, සුඛසහගත නො වූ ප්‍රඥා යි. උපේක්‍ෂාසහගතප්‍රඥා ය, උපේක්‍ෂාසහගත නො වූ ප්‍රඥා යි. කාමාවචරප්‍රඥා ය, කාමාවචර නො වූ ප්‍රඥා යි. රූපාවචරප්‍රඥා ය, රූපාවචර නො වූ ප්‍රඥා යි. අරූපාවචරප්‍රඥා ය, අරූපාවචර නො වූ ප්‍රඥා යි. පර්‍ය්‍යාපන්නප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්නප්‍රඥා යි. නෛර්‍ය්‍යාණිකප්‍රඥා ය, අනෛර්‍ය්‍යාණිකප්‍රඥා යි. නියතප්‍රඥා ය, අනියතප්‍රඥා යි. සඋත්තරප්‍රඥා ය, අනුත්තරප්‍රඥා යි. විපාක සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථ උපදවන ප්‍රඥා ය, උපදවන අර්‍ත්‍ථ ඇති ප්‍රඥා යි.
මෙසේ ද්විප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
809. ත්‍රිප්‍රකාරයෙන් ඥානවස්තු වෙයි: චින්තාමයප්‍රඥා ය, ශ්‍රැතමයප්‍රඥා ය, භාවනාමයප්‍රඥා යි. දානමයප්‍රඥා ය, ශීලමයප්‍රඥා ය, භාවනාමයප්‍රඥා යි. අධිශීලයෙහි ප්‍රඥා ය, අධිචිත්තයෙහි ප්‍රඥා ය, අධිප්‍රඥායෙහි ප්‍රඥා යි. වෘද්ධිකෞශල්‍ය ය, හානිකෞශල්‍ය ය, උපායකෞශල්‍ය යි. විපාකප්‍රඥා ය, විපාකස්වභාවධර්‍මප්‍රඥා ය, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍මප්‍රඥා යි. උපාදින්නෝපාදානියප්‍රඥා ය, අනුපාදින්නෝපාදානියප්‍රඥා ය, අනුපාදින්නඅනුපාදානියප්‍රඥා යි. සවිතර්‍කසවිචාරප්‍රඥා ය, අවිතර්‍කවිචාරමාත්‍රප්‍රඥා ය, අවිතර්‍කඅවිචාරප්‍රඥා යි. ප්‍රීතිසහගතප්‍රඥා ය, සුඛසහගතප්‍රඥා ය, උපේක්‍ෂාසහගතප්‍රඥා යි. ආචයගාමිනීප්‍රඥා ය, අපචයගාමිනීප්‍රඥා ය, නො ම ආචයගාමී නො ද අපචයගාමිනීප්‍රඥා යි. ශෛක්‍ෂප්‍රඥා ය, අශෛක්‍ෂප්‍රඥා ය, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂප්‍රඥා යි. පරිත්තප්‍රඥා ය, මහද්ගතප්‍රඥා ය, අප්‍රමාණප්‍රඥා යි. පරිත්තාලම්බනප්‍රඥා ය, මහද්ගතාලම්බනප්‍රඥා ය, අප්‍රමාණාලම්බනප්‍රඥා යි. මාර්‍ගාලම්බනප්‍රඥා ය, මාර්‍ගහේතුකප්‍රඥා ය, මාර්‍ගාධිපතිප්‍රඥා යි. උත්පන්නප්‍රඥා ය, අනුත්පන්නප්‍රඥා ය, උත්පාදිනීප්‍රඥා යි. අතීතප්‍රඥා ය, අනාගතප්‍රඥා ය, ප්‍රත්‍යුත්පන්නප්‍රඥා යි. අතීතාලම්බනප්‍රඥා ය, අනාගතාලම්බනප්‍රඥා ය, ප්‍රත්‍යුත්පන්නාලම්බනප්‍රඥා යි. අධ්‍යාත්මප්‍රඥා ය, බාහිරප්‍රඥා ය, අධ්‍යාත්මබාහිරප්‍රඥා යි. අධ්‍යාත්මාලම්බනප්‍රඥා ය, බාහිරාලම්බනප්‍රඥා ය, අධ්‍යාත්මබාහිරාලම්බනප්‍රඥා යි.