818. තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ලෞකිකප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ලෝකෝත්තරප්‍රඥා යි.
හැම ප්‍රඥාව කිසි විඥානයෙකින් දතයුතු ය, කිසි විඥානයෙකින් නො දත යුතු ය.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සාස්‍රව ප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනාස්‍රවප්‍රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවප්‍රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සංයෝජනියප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අසංයෝජනියප්‍රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනියප්‍රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ග්‍රන්‍ථනීයප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අග්‍රන්‍ථනීයප්‍රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනීයප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීයප්‍රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ඕඝනීයප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනෝඝනීයප්‍රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ඕඝවිප්‍රයුක්තඕඝනීයප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ඕඝවිප්‍රයුක්තඅනෝඝනීයප්‍රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව යෝගනීයප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අයෝගනීයප්‍රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව යෝගවිප්‍රයුක්තයෝගනීයප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව යෝගවිප්‍රයුක්තඅයෝගනීයප්‍රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව නීවරණියප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනීවරණියප්‍රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව නීවරණවිප්‍රයුක්තනීවරණියප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව නීවරණවිප්‍රයුක්තඅනීවරණියප්‍රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව පරාමෘෂ්ටප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අපරාමෘස්ටප්‍රඥා යි.
[need trans]
තුන් භූමියෙහි විපාකයෙහි ප්‍රඥාව උපාදින්නප්‍රඥා ය, තුන් භූමියෙහි කුශලයෙහි තුන් භූමියෙහි ක්‍රියාව්‍යාකෘතයෙහි සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනුපාදින්නප්‍රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව උපාදානියප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනුපාදානියප්‍රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව උපාදානවිප්‍රයුක්තඋපාදානියප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව උපාදානවිප්‍රයුක්තඅනුපාදානියප්‍රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සාංක්ලෙසිකප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අසාංක්ලෙසිකප්‍රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශිකප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශිකප්‍රඥා යි.
විතර්‍කසම්ප්‍රයුක්තප්‍රඥාව සවිතර්‍කප්‍රඥා ය, විතර්‍කවිප්‍රයුක්තප්‍රඥාව අවිතර්‍කප්‍රඥා යි.
විතර්‍කසම්ප්‍රයුක්තප්‍රඥාව සවිචාරප්‍රඥා ය, විචාරවිප්‍රයුක්තප්‍රඥාව අවිචාරප්‍රඥා යි.
ප්‍රීතිසම්ප්‍රයුක්තප්‍රඥාව සප්‍රීතිකප්‍රඥා ය, ප්‍රීතිවිප්‍රයුක්තප්‍රඥාව අප්‍රීතිකප්‍රඥා යි.
ප්‍රීතිසම්ප්‍රයුක්තප්‍රඥාව ප්‍රීතිසහගතප්‍රඥා ය, ප්‍රීතිවිප්‍රයුක්තප්‍රඥාව ප්‍රීතිසහගත නො වූ ප්‍රඥා යි.
සුඛසම්ප්‍රයුක්තප්‍රඥාව සුඛසහගතප්‍රඥා ය, සුඛවිප්‍රයුක්තප්‍රඥාව සුඛසහගත නො වූ ප්‍රඥා යි.
උපේක්‍ෂාසම්ප්‍රයුක්තප්‍රඥාව උපේක්‍ෂාසහගතප්‍රඥා ය, උපේක්‍ෂාවිප්‍රයුක්තප්‍රඥාව උපේක්‍ෂාසහගත නො වූ ප්‍රඥා යි.
කාමාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව කාමාවචරප්‍රඥා ය. රූපාවචරප්‍රඥා ය, අරූපාවචරප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්නප්‍රඥා ය යන මොහු කාමාවචර නො වූ ප්‍රඥා යි.
රූපාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව රූපාවචරප්‍රඥා ය. කාමාවචරප්‍රඥා ය, අරූපාවචරප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්නප්‍රඥා ය යන මොහු රූපාවචර නො වූ ප්‍රඥා යි.