තුන් භූමියෙහි කුශලාව්යාකෘතයෙහි ප්රඥාව උපාදානියප්රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්රඥාව අනුපාදානියප්රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්යාකෘතයෙහි ප්රඥාව උපාදානවිප්රයුක්තඋපාදානියප්රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්රඥාව උපාදානවිප්රයුක්තඅනුපාදානියප්රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්යාකෘතයෙහි ප්රඥාව සාංක්ලෙසිකප්රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්රඥාව අසාංක්ලෙසිකප්රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්යාකෘතයෙහි ප්රඥාව ක්ලේශවිප්රයුක්තසාංක්ලේශිකප්රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්රඥාව ක්ලේශවිප්රයුක්තඅසාංක්ලේශිකප්රඥා යි.
විතර්කසම්ප්රයුක්තප්රඥාව සවිතර්කප්රඥා ය, විතර්කවිප්රයුක්තප්රඥාව අවිතර්කප්රඥා යි.
විතර්කසම්ප්රයුක්තප්රඥාව සවිචාරප්රඥා ය, විචාරවිප්රයුක්තප්රඥාව අවිචාරප්රඥා යි.
ප්රීතිසම්ප්රයුක්තප්රඥාව සප්රීතිකප්රඥා ය, ප්රීතිවිප්රයුක්තප්රඥාව අප්රීතිකප්රඥා යි.
ප්රීතිසම්ප්රයුක්තප්රඥාව ප්රීතිසහගතප්රඥා ය, ප්රීතිවිප්රයුක්තප්රඥාව ප්රීතිසහගත නො වූ ප්රඥා යි.
සුඛසම්ප්රයුක්තප්රඥාව සුඛසහගතප්රඥා ය, සුඛවිප්රයුක්තප්රඥාව සුඛසහගත නො වූ ප්රඥා යි.
උපේක්ෂාසම්ප්රයුක්තප්රඥාව උපේක්ෂාසහගතප්රඥා ය, උපේක්ෂාවිප්රයුක්තප්රඥාව උපේක්ෂාසහගත නො වූ ප්රඥා යි.
කාමාවචරකුශලාව්යාකෘතයෙහි ප්රඥාව කාමාවචරප්රඥා ය. රූපාවචරප්රඥා ය, අරූපාවචරප්රඥා ය, අපර්ය්යාපන්නප්රඥා ය යන මොහු කාමාවචර නො වූ ප්රඥා යි.
රූපාවචරකුශලාව්යාකෘතයෙහි ප්රඥාව රූපාවචරප්රඥා ය. කාමාවචරප්රඥා ය, අරූපාවචරප්රඥා ය, අපර්ය්යාපන්නප්රඥා ය යන මොහු රූපාවචර නො වූ ප්රඥා යි.
අරූපාවචරකුශලාව්යාකෘතයෙහි ප්රඥාව අරූපාවචරප්රඥා ය. කාමාවචරප්රඥා ය, රූපාවචරප්රඥා ය, අපර්ය්යාපන්න ප්රඥා ය යන මොහු අරූපාවචර නො වූ ප්රඥා යි.
තුන් භූමියෙහි කුශලාව්යාකෘතප්රඥාව පර්ය්යාපන්නප්රඥා ය. සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්රඥාව අපර්ය්යාපන්නප්රඥා යි.
සතර මාර්ගයෙහි ප්රඥාව නෛර්ය්යාණිකප්රඥා ය. තුන් භූමියෙහි කුශලයෙහි, සතර භූමියෙහි විපාකයෙහි, තුන් භූමියෙහි ක්රියාව්යාකෘතප්රඥාව අනෛර්ය්යාණිකප්රඥා යි.
සතර මාර්ගයෙහි ප්රඥාව නියත වූ ප්රඥා ය. ත්රෛභූමකකුශලයෙහි, චාතුර්භූමක විපාකයෙහි, චාතුර්භූමකක්රියාව්යාකෘතයෙහි ප්රඥාව අනියත වූ ප්රඥා යි.
ත්රෛභූමකකුශලාව්යාකෘතයෙහි ප්රඥාව සඋත්තරප්රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්රඥාව අනුත්තරප්රඥා යි.
එහි අර්ත්ථොත්පාදකප්රඥාව කවර යත්: (ශෛක්ෂපෘතග්ජනයන්ගේ) චාතුර්භූමක කුශලයෙහි, අභිඥා උපදවන්නා වූ සමාපත්ති උපදවන්නා වූ රහත්හුගේ ක්රියාව්යාකෘතයෙහි ප්රඥාව අර්ත්ථොත්පාදකප්රඥා ය, චාතුර්භූමකවිපාකයෙහි, රහත්හුගේ උපන් අභිඥායෙහි, උපන් සමාපත්තියෙහි ක්රියාව්යාකෘතප්රඥාව උත්පාදිතාර්ත්ථප්රඥා යි.
මෙසේ ද්විප්රකාරයෙන් ඥානවස්තු වේ.
ද්විකයි.
819. එහි චින්තාමයප්රඥා කවර යත්: ප්රඥායෙන් කරන ලද (යෝගවිහිත) කර්මායතනයෙහි හෝ ප්රඥායෙන් කරන ලද ශිල්පායතනයෙහි හෝ ප්රඥායෙන් කරන ලද විද්යායෙහි හෝ කර්මස්වකතා වූ හෝ සත්යානුලෝමික වූ හෝ ‘රූපය අනිත්ය’ යි හෝ ‘වේදනාව අනිත්ය’ යි හෝ ‘සංඥාව අනිත්ය’ යි හෝ ‘සංස්කාරයෝ අනිත්යහ’ යි හෝ ‘විඥානය අනිත්ය’ යි හෝ මෙබඳු වූ යම් අනුලෝමික ක්ෂාන්තියක් දෘෂ්ටියක් රුචියක් මුතියක් ප්රේක්ෂාවක් ධර්මනිධ්යානක්ෂාන්තියක් මෙරමාගෙන් නො අසා ලබා ද, මේ ‘චින්තාමයප්රඥා’ යි කියනු ලැබේ. එහි ශ්රැතමයප්රඥා කවර යත්: ප්රඥායෙන් කරන ලද කර්මායතනයෙහි හෝ ප්රඥායෙන් කරන ලද ශිල්පායතනයෙහි හෝ ප්රඥායෙන් කරන ලද විද්යායෙහි හෝ කර්මස්වකතා වූ හෝ සත්යානුලෝමික වූ හෝ ‘රූපය අනිත්ය’ යි හෝ ‘වේදනාව ... සංඥාව ... සංස්කාරය ... විඥානය අනිත්ය’ යි හෝ මෙබඳු වූ යම් අනුලෝමික ක්ෂාන්තියක් දෘෂ්ටියක් රුචියක් මුතියක් ප්රේක්ෂාවක් ධර්මනිධ්යානක්ෂාන්තියක් මෙරමාගෙන් අසා ලබා ද, මේ ‘ශ්රැතමයප්රඥා’ යි කියනු ලැබේ. හැම සමාපන්නයාගේ හැම ප්රඥාව ‘භාවනාමයප්රඥා’ නම් වේ.
එහි දානමයප්රඥා කවර යත්: දානචේතනාව ඇරැබැ දානචෙතනාවට පැමිණ යම් ප්රඥාවක් ප්රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්යග්දෘෂ්ටියෙක් උපදී ද මේ දානමයප්රඥා යි කියනු ලැබේ. එහි ශීලමයප්රඥා කවර යත්: ශීලචේතනාව නිසා ශීලචෙතනාවට පැමිණ යම් ප්රඥාවක් ප්රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්යග්දෘෂ්ටියෙක් උපදී ද මේ ‘ශීලමයප්රඥා’ යයි කියනු ලැබේ. සමාපන්නයාගේ හැම ප්රඥාව භාවනාමයප්රඥා නම් වේ.