743. අප්රාමාණ්ය සතරෙකි: මෙ සස්නෙහි මහණ මෛත්රීසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්වයන් ස්පර්ශ (අරමුණු) කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශායෙහි එසෙයින් තුන් වැනි දිශායෙහි එසෙයින් සතර වැනි දිශායෙහි (සත්ත්වයන් ස්පර්ශ කොට වෙසෙයි). මෙසේ උඩ යට සරස අනුදිග සියලු තැන්හි සියල්ලන් තමා සම බැවින් සියලු සතුන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්රමාණ වූ අවෛර වූ නිදුක් වූ මෛත්රීසහගත සිතින් ස්පර්ශ කොට වෙසේ. කරුණාසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්වයන් ස්පර්ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශායෙහි එසෙයින් තුන් වැනි දිශායෙහි එසෙයින් සතර වැනි දිශායෙහි (සත්ත්වයන් ස්පර්ශ කොට වෙසෙයි). මෙසේ උඩ යට සරස අනුදිග සියලු තැන්හි සියල්ලන් තමා සම බැවින් සියලු සතුන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්රමාණ වූ අවෛර වූ ව්යාබාධ රහිත වූ කරුණාසහගත සිතින් ස්පර්ශ කොට වෙසේ. මුදිතාසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්වයන් ස්පර්ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි තුන් වැනි සතර වැනි දිශායෙහි සත්ත්වයන්, මෙසේ උඩ යට සරස අනුදිග සියලු තැන්හි සියල්ලන් තමා සම බැවින් සියලු සතුන් ඇති ලොව විපුල වූ මහද්ගත වූ අප්රමාණ වූ අවෛර වූ ව්යාබාධ රහිත වූ මුදිතාසහගත සිතින් ස්පර්ශ කොට වෙසේ. උපේක්ෂාසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්වයන් ස්පර්ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි - තුන් වැනි - සතර වැනි දිශායෙහි සත්ත්වයන්, මෙසේ උඩ යට සරස අනුදිග සියලු තැන්හි සියල්ලන් තමා සම බැවින් සියලු සතුන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්රමාණ වූ අවෛර වූ ව්යාබාධ රහිත වූ උපේක්ෂාසහගත සිතින් ස්පර්ශ කොට වෙසේ.
744. සතර අප්රාමාණ්යයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්යාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
745. (සතර අප්රාමාණ්යයෝ) කුසල් ද වන්නාහ, අව්යාකෘත ද වන්නාහු ය.
අප්රාමාණ්යයෝ තිදෙනෙක් සුඛවේදනාව හා සම්ප්රයුක්තයෝ ය. උපේක්ෂාව උපේක්ෂාවේදනාව හා සම්ප්රයුක්ත යි.
(සතර අප්රාමාණ්යයෝ) විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්ම ද වන්නාහ, නො ම විපාක වූ නො ද විපාකස්වභාවධර්ම ද වන්නාහු ය.
(සතර අප්රාමාණ්යයෝ) උපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නෝපාදානිය ද වන්නාහු ය.
(සතර අප්රාමාණ්යයෝ) අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය.
අප්රාමාණ්යයෝ තිදෙනෙක් සවිතර්කසවිචාර ද වන්නාහ, අවිතර්කවිචාරමාත්ර ද වන්නාහ, අවිතර්කඅවිචාර ද වන්නාහ, උපේක්ෂාව අවිතර්කඅවිචාර යි.
අප්රාමාණ්යයෝ තිදෙනෙක් ප්රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්ෂාසහගත නො වන්නාහ, ප්රීතිසහගතහ යි නො කියයුතු ද වන්නාහ, උපේක්ෂාව උපේක්ෂා සහගත යි.
(සතර අප්රාමාණ්යයෝ) නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යයෝ යි.
(සතර අප්රාමාණ්යයෝ) නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යහේතු ඇත්තාහු ය.
(සතර අප්රාමාණ්යයෝ) ආචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
(සතර අප්රාමාණ්යයෝ) නො ම ශෛක්ෂ නො ද අශෛක්ෂ වන්නාහු ය.
(සතර අප්රාමාණ්යයෝ) මහද්ගතයෝ ය.
(සතර අප්රාමාණ්යයෝ) පරිත්තාලම්බනහ යි ද මහද්ගතාලම්බනහ යි ද අප්රමාණාලම්බනහ යි ද නො කියයුත්තාහ.
(සතර අප්රාමාණ්යයෝ) මධ්යමයෝ ය.
(සතර අප්රාමාණ්යයෝ) අනියතයෝ ය.
(සතර අප්රාමාණ්යයෝ) මාර්ගාලම්බනහ යි ද මාර්ගහේතුකහ යි ද මාර්ගාධිපතිහ යි ද නො කියයුත්තාහ.
(සතර අප්රාමාණ්යයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු ය.
(සතර අප්රාමාණ්යයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්රත්යුත්පන්න ද වන්නාහු ය.
(සතර අප්රාමාණ්යයෝ) අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්රත්යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු ය.
(සතර අප්රාමාණ්යයෝ) අධ්යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්යාත්මබාහිර ද වන්නාහු ය.
(සතර අප්රාමාණ්යයෝ) බාහිරාලම්බනයෝ ය.
(සතර අප්රාමාණ්යයෝ) අනිදර්ශන අප්රතිඝයෝ යි.