13. අප්‍රාමාණ්‍ය විභඞ්ගය
722. අප්‍රාමාණ්‍ය සතරෙකි: මෙ සස්නෙහි මහණ මෛත්‍රී සහගත සිතින් එක් දිශායෙක්හි (සත්ත්‍වයන්) ස්පර්‍ශ (අරමුණු) කොට වාස කෙරෙයි. එසෙයින් දෙ වැනි දිශායෙහි තුන් වැනි දිශායෙහි සතර වැනි දිශායෙහි (සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි) මෙසේ උඩ යට සරස අනුදිග (සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි.) සියලු තැන්හි සියල්ලන් ආත්මසමතායෙන් යුක්ත ව සියලු සත්ත්‍වයන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මෛත්‍රීසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසෙයි. කරුණා සහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශාව තුන් වැනි දිශාව සතර වැනි දිශාව (ස්පර්‍ශ කොට වෙසෙයි). මෙසේ උඩ යට සරස අනුදිග (ස්පර්‍ශ කොට වෙසෙයි). සියලු තැන්හි සියල්ලන් ආත්මසමතායෙන් යුක්ත ව සියලු සත්ත්‍වයන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ කරුණාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසෙයි. මුදිතාසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශාව තුන් වැනි දිශාව සතර වැනි දිශාව (ස්පර්‍ශ කොට වෙසෙයි.) මෙසේ උඩ යට සරස අනුදිග (ස්පර්‍ශ කොට වෙසෙයි.) සියලු තැන්හි සියල්ලන් ආත්මසමතායෙන් යුක්ත ව සියලු සත්ත්‍වයන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මුදිතාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසෙයි. උපේක්‍ෂාසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශාව තුන් වැනි දිශාව සතර වැනි දිශාව (ස්පර්‍ශ කොට වෙසෙයි) මෙසේ උඩ යට සරස අනුදිග (ස්පර්‍ශ කොට වෙසෙයි.) සියලු තැන්හි සියල්ලන් ආත්මසමතායෙන් යුක්ත ව සියලු සත්ත්‍වයන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ උපේක්‍ෂාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසේ.
723. කිසෙයින් මහණ මෛත්‍රීසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසේ ද යත්: යම්සේ නම් ප්‍රිය වූ මනවඩන්නා වූ එක් පුද්ගලයකු දැක මෛත්‍රිය කරන්නේ ද, එපරිද්දෙන් ම සියලු සත්ත්‍වයන් මෛත්‍රියෙන් ස්පර්‍ශ කෙරෙයි.
එහි ‘මෛත්‍රී’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෛත්‍රී’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ගචිත්තයෙක් මන සඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥාන ස්කන්‍ධයෙක් තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ මෛත්‍රිය හා සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘මෙත්තාසහගතෙන චේතසා’ යි.
‘ඒකං දිසං’ යනු: පෙරදිග හෝ අවරදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ අනුදිග හෝ යි.
‘ඵරිත්‍වා’ යනු: (අරමුණු කිරීම් වශයෙන්) ස්පර්‍ශ කොට වෙසෙසින් බැසගෙන.
‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, පවතියි, පාලනය කෙරෙයි, යැපෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
‘තථා දුතියං’ යනු: එක් දිශායෙක්හි යම් බඳු ද, දෙවැනි දිශායෙහි එ බඳු ය, තුන් වැනි දිශායෙහි එ බඳු ය, සතර වැනි දිශායෙහි එ බඳු ය, උඩ එ බඳු ය, යට එ බඳු ය, සරස එ බඳු ය, අනුදිග එ බඳු යි.
‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගෙන කීමෙකි තෙල ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු.
‘මෙත්තාසහගතෙන චේතසා’ යනු: එහි ‘මෙත්තා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ මෛත්‍රිය සහගියේ වෙයි සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘මෙත්තාසහගතෙන චේතසා’ යි.
‘විපුලෙන’ යනු: යමෙක් (යම් සිතෙක්) විපුල නම් හේ මහද්ගත ය, යමෙක් මහද්ගත නම් හේ අප්‍රමාණ ය, යමෙක් අප්‍රමාණ නම් හේ අවෛර ය, යමෙක් අවෛර නම් හේ අබ්‍යාපජ්ඣ (නිදුක්) යි.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ (අරමුණු) කොට වෙසෙසින් බැසගෙන.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
724. කිසෙයින් මහණ කරුණාසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසේ ද යත්: යම්සේ නම් දුගී වූ කායදුශ්චරිතාදියෙන් යුක්ත වූ එක් පුද්ගලයකු දැක කුළුණුසිත් උපදවන්නේ ද, එසෙයින් ම සියලු සත්ත්‍වයන් කරුණායෙන් ස්පර්‍ශ කෙරෙයි.
එහි ‘කරුණා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් කරුණායෙක් කුළුණු අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥාන ධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ කරුණාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘කරුණාසහගතෙන චේතසා’ යි.
‘ඒකං දිසං’ යනු: පැදුම් දිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ අනුදිග හෝ යි.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
‘තථා දුතියං’ යනු: එක් දිශායෙක්හි යම් බඳු ද දෙවැනි දිශායෙහි එ බඳු ය, තුන් වැනි දිශායෙහි එ බඳු ය, සතර වැනි දිශායෙහි එ බඳු ය, උඩ එ බඳු ය, යට එ බඳු ය, සරස එ බඳු ය, අනුදිග එ බඳු යි.
‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගෙන කීමෙකි තෙල ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු.
‘කරුණාසහගතෙන චේතසා’ යනු: එහි ‘කරුණා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් කරුණායෙක් කුළුණු අයුරෙක් කුළුණු කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ කරුණාව සහගියේ වෙයි. සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘කරුණාසහගතෙන චේතසා’ යි.