14. ශික්ෂාපද විභඞ්ගය
752. ශික්ෂාපද පසෙකි: පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද ය, අයිනාදනින් වැළකීමේ ශික්ෂාපද ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂාපද ය, මුසාවායෙන් වැළකීමේ ශික්ෂාපද ය, මත් බවට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද යි.
753. එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි පණිවායෙන් යම් දුරුවීමෙක් වෙන් වීමෙක් වැළැක්මෙක් විරමණයෙක් (පණිවා) නො කිරීමෙක් අකරණයෙක් (එයට) නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්රත්යය නැසීමෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්මයෝ විරමණය හා සම්ප්රයුක්තයෝ යි.
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනායෙක් සංචේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්මයෝ චේතනාව හා සම්ප්රයුක්තයෝ යි.
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි යම් ස්පර්ශයෙක් ... ප්රග්රාහයෙක් අවික්ෂේපයෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ.
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත ව ... උපේක්ෂාසහගත ඥානසම්ප්රයුක්ත … උපේක්ෂාසහගත ඥානසම්ප්රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිතව ... උපේක්ෂාසහගත ඥානවිප්රයුක්ත ... උපේක්ෂාසහගත ඥානවිප්රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත ව උපදෙනේ වේ ද, එසමයෙහි පණිවායෙන් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළැක්මෙක් විරමණයෙක් අක්රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්රත්යය නැසීමෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්මයෝ විරමණය හා සම්ප්රයුක්තයෝ යි. ...
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට උපේක්ෂාසහගත ඥානවිප්රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්මයෝ චේතනාව හා සම්ප්රයුක්තයෝ යි. ...
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට උපේක්ෂාසහගත ඥානවිප්රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, (එසමයෙහි යම්) ස්පර්ශයෙක් ... ප්රග්රාහයෙක් අවික්ෂේපයෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ.
754. එහි ‘අයිනාදනින් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: ... කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය ... මුසවායෙන් වැළකීමේ ශික්ෂාපදය ... මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපදය කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාදයට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි මදයට හා පමාවට කරුණු වූ රහ මෙරින් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්රත්යය නැසීමෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්මයෝ විරමණය හා සම්ප්රයුක්තයෝ යි. ...
එහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්මයෝ චේතනාව හා සම්ප්රයුක්තයෝ යි.
එහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි යම් ස්පර්ශයෙක් ... ප්රග්රාහයෙක් අවික්ෂේපයෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ.
එහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත ව ... උපේක්ෂාසහගත ඥානසම්ප්රයුක්ත ... උපේක්ෂාසහගත ඥානසම්ප්රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත ව ... උපේක්ෂාසහගත ඥානවිප්රයුක්ත ... උපේක්ෂා සහගත ඥානවිප්රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්රත්යය නැසීමෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්මයෝ විරමණය හා සම්ප්රයුක්තයෝ යි. ...
එහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට උපේක්ෂාසහගත ඥානවිප්රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්මයෝ චේතනාව හා සම්ප්රයුක්තයෝ යි ...
එහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට උපේක්ෂාසහගත ඥානවිප්රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි යම් ස්පර්ශයෙක් ... ප්රග්රාහයෙක් අවික්ෂේපයෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ.