727. අප්‍රාමාණ්‍ය සතරෙකි: මෙත්තා ය කරුණා ය මුදිතා ය උපේක්‍ෂා යි.
728. එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෛත්‍රීසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මෛත්‍රියක් මෙත් අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රී චිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෛත්‍රීසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මෛත්‍රියක් මෙත් අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රී චිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මෛත්‍රීසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෙත් අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
729. මෙ සස්නෙහි මහණ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෛත්‍රීසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මෛත්‍රියක් මෛත්‍රී කරන අයුරෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන්‍ වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක රහිත වූ විචාරමාත්‍ර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති මෛත්‍රීසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෛත්‍රීආකාරයෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෛත්‍රීසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මෛත්‍රියක් මෛත්‍රීආකාරයෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මෛත්‍රීසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෛත්‍රී ආකාරයෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
730. එහි ‘කරුණා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... කරුණාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණාවක් කරුණාආකාරයෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘කරුණා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... කරුණාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කුළුණු අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.