557. අෂ්ටාඞ්ගිකමාර්ගය වෙයි: සම්යග්දෘෂ්ටි යැ ... සම්යක්සමාධි යි.
එහි අෂ්ටාඞ්ගිකමාර්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ප්රථමභූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ, අපචය ගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්රතිපදා ඇති දන්ධාභිඥ වූ ප්රථමධ්යානයට පැමිණ වෙසෙයි. එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්ගය වෙයි. සම්යග්දෘෂ්ටි යැ ... සම්යක්සමාධි යි.
එහි සම්යග්දෘෂ්ටිය කවර යත්: මාර්ගාඞ්ග වූ, මාර්ගපර්ය්යාපන්න වූ යම් ප්රඥායෙක්, පජානනාකාරයෙක් ... අමෝහයෙක්, ධර්මවිචයෙක්, සම්යග්දෘෂ්ටියක්, ධර්මවිචය සම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ සම්යග්දෘෂ්ටි යි කියනු ලැබේ.
එහි සම්යක්සංකල්පය කවරෙ යත්: මාර්ගාඞ්ග වූ, මාර්ගපර්ය්යාපන්න වූ යම් තර්කයෙක්, විතර්කයෙක්, සංකල්පයෙක්, අර්පණායෙක්, බලවත් අර්පණායෙක්, අරමුණෙහි සිත පිහිටුවීමෙක් සම්යක්සංකල්පයෙක් වේ ද, මේ ‘සම්යක්සංකල්ප’ යි කියනු ලැබේ.
එහි සම්යග්වචනය කවරෙ යත්: මාර්ගාඞ්ග වූ, මාර්ගපර්ය්යාපන්න වූ යම් චතුර්විධ වාග්දුශ්චරිතයෙන් වෙන්වීමෙක්, විරතියෙක්, පටිවිරතියෙක්, විරමණයෙක්, අක්රියායෙක්, අකරණයෙක්, නො පැමිණීමෙක්, සීමාඅනතික්රමණයෙක්, ප්රත්යය නැසීමෙක්, සම්යග්වචනයෙක් වේ ද, මේ ‘සම්යග්වචන’ යි කියනු ලැබේ.
[missing trans]
එහි සම්යගාජීවය කවරෙ යත්: මාර්ගාඞ්ග වූ, මාර්ගපර්ය්යාපන්න වූ යම් මිථ්යාආජීවයෙන් වෙන් වීමෙක්, විරතියෙක්, පටිවිරතියෙක්, විරමණයෙක්, අක්රියායෙක්, අකරණයෙක්, නො පැමිණීමෙක්, සීමාඅනතික්රමණයෙක්, ප්රත්යය නැසීමෙක්, සම්යගාජීවයෙක්වේ ද, මේ ‘සම්යගාජීව’ යි කියනු ලැබේ.
එහි සම්යග්ව්යායාමය කවරෙ යත්: මාර්ගාඞ්ග වූ, මාර්ගපර්ය්යාපන්න වූ යම් චෛතසික වීර්ය්යාරම්භයෙක් … සම්යග්ව්යායාමයෙක් වීර්ය්යසම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්යග්ව්යායාම’ යි කියනු ලැබේ.
එහි සම්යක්ස්මෘතිය කවරෙ යත්: මාර්ගාඞ්ග වූ, මාර්ගපර්ය්යාපන්න වූ යම් ස්මෘතියක්, අනුස්මෘතියක් ... සම්යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්යක්ස්මෘති’ යි කියනු ලැබේ.
එහි සම්යක්සමාධි කවරෙ යත්: මාර්ගාඞ්ග වූ, මාර්ගපර්ය්යාපන්න වූ යම් ස්ථිතියක්, චිත්තයාගේ … සම්යග්සමාධියෙක් සමාධිසම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්යක්සමාධි’ යි කියනු ලැබේ. මේ ‘අෂ්ටාඞ්ගමාර්ග’ යි කියනු ලැබේ. අවශේෂධර්මයෝ අෂ්ටාඞ්ගමාර්ගය හා සම්ප්රයුක්තයෝ යි.
558. පඤ්චාඞ්ගිකමාර්ගය වෙයි: සම්යග්දෘෂ්ටි ය, සම්යක්සඞ්කල්ප ය, සම්යග්ව්යායාම ය, සම්යක්ස්මෘති ය, සම්යක්සමාධි යි.
එහි පඤ්චාඞ්ගිකමාර්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ප්රථම භූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්රතිපදා ඇති දන්ධාභිඥ වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එකල පංචාඞ්ගිකමාර්ගය වෙයි: සම්යග්දෘෂ්ටි ය, සම්යක් සංකල්ප ය, සම්යග්ව්යායාම ය, සම්යක්ස්මෘති ය, සම්යක්සමාධි යි.
එහි සම්යග්දෘෂ්ටිය කවර යත්: මාර්ගාඞ්ග වූ යම් ප්රඥාවක්, පජානනාකාරයෙක් ... අමෝහයෙක්, ධර්මවිචයෙක්, සම්යග්දෘෂ්ටියක්, ධර්මවිචය සම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්යග්දෘෂ්ටි’ යි කියනු ලැබේ.
එහි සම්යක්සංකල්පය කවරෙ යත්: මාර්ගාඞ්ග වූ, මාර්ගපර්ය්යාපන්න වූ යම් තර්කයෙක් විතර්කයෙක් ... සම්යක්සංකල්පයෙක් වේ ද, මේ ‘සම්යක්සංකල්ප’ යි කියනු ලැබේ.
එහි සම්යග්ව්යායාමය කවරෙ යත්: මාර්ගාඞ්ග වූ, මාර්ගපර්ය්යාපන්න වූ යම් චෛතසික වීර්ය්යාරම්භයෙක් ... සම්යග්ව්යායාමයෙක්, වීර්ය්යසම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්යග්ව්යායාම’ යි කියනු ලැබේ.
එහි සම්යක්ස්මෘතිය කවරෙ යත්: මාර්ගාඞ්ග වූ, මාර්ගපර්ය්යාපන්න වූ යම් ස්මෘතියක්, අනුස්මෘතියක් ... සම්යක්ස්මෘතියක්, ස්මෘතිසම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්යක්ස්මෘති’ යි කියනු ලැබේ.
එහි සම්යක්සමාධිය කවරෙ යත්: මාර්ගාඞ්ග වූ, මාර්ගපර්ය්යාපන්න වූ චිත්තයාගේ ස්ථිතියක් ... සම්යක්සමාධියෙක්, සමාධිසම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්යක්සමාධි’ යි කියනු ලැබේ. මේ පඤ්චාඞ්ගිකමාර්ග යි කියනු ලැබේ. අවශේෂධර්මයෝ පඤ්චාඞ්ගිකමාර්ගය හා සම්ප්රයුක්තයෝ යි.