563. ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි, ඒ මෙසේ ය: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක් සංකල්ප ය, සම්‍යග්වචන ය, සම්‍යක්කර්‍මාන්ත ය, සම්‍යගාජීව ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
564. අෂ්ටමාර්‍ගාඞ්ගයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද, සරණයෝ කෙතෙක් ද, ... අරණයෝ කෙතෙක් ද යත්:
565. (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) කුශල ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහුය.
සම්‍යක්සංකල්පය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයේ වෙයි. සප්තමාර්‍ගඞ්ගයෝ සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ. උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනුපාදින්නඅනුපාදානියයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය.
සම්‍යක්සංකල්පය අවිතර්‍කවිචාරමාත්‍ර වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍කඅවිචාර ද වන්නාහු ය.
සම්‍යක්සංකල්පය ප්‍රීතිසහගත වෙයි, සුඛසහගත වෙයි, උපේක්‍ෂාසහගත නො වේ. සප්තමාර්‍ගාඞ්ගයෝ ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) නො ම දර්‍ශනයෙන් නොද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අපචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ශෛක්‍ෂ ද වන්නා හ, අශෛක්‍ෂ ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අප්‍රමාණයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අප්‍රමාණාලම්බනයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ප්‍රණීතයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) මාර්‍ගාලම්බන නො වෙති. මාර්‍ගහේතුක ද වන්නාහ. මාර්‍ගාධිපති ද වන්නාහ, මාර්‍ගහේතුකහ යි ද, මාර්‍ගාධිපතිහ යි ද නොකියයුතු ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අතීත ද වන්නා හ, අනාගත ද වන්නා හ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අතීතාලම්බනහ යි ද, අනාගතාලම්බනහ යි ද, ප්‍රත්‍යුත්පන්නාලබ්බනහ යි ද නො කියයුතු වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) බාහ්‍යාලම්බනයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනිදර්‍ශනඅප්‍රතිඝයෝ යි.
566. සම්‍යග්දාෂ්ටිය හේතු වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ හේතු නො වෙත්.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සහේතුකයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) හේතුසම්ප්‍රයුක්තයෝ ය.
සම්‍යග්දෘෂ්ටිය හේතු ද වූ ම සහේතුක වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ හේතු ද වූවාහු ම සහේතුකහ යි නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙත්.
සම්‍යග්දෘෂ්ටිය හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ හේතු ද වූවාහු ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ. හේතු සම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතු වෙත්.
සප්තමාර්‍ගාඞ්ගයෝ හේතු නොවෙති. සහේතුක වෙත්. සම්‍යග්දෘෂ්ටිය හේතු නො වූ සහේතුකහ යි ද හේතු නො වූ අහේතුකහ යි ද නො කියයුතුයි.