11. මාර්ග විභඞ්ගය
554. ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය වෙයි: හේ මෙසේ යැ: සම්යග්දෘෂ්ටියැ, සම්යක්සංකල්පයැ, සම්යග්වචනයැ, සම්යක්කර්මාන්ත යැ, සම්යගාජීව යැ, සම්යග්ව්යායාම යැ, සම්යක්ස්මෘති යැ, සම්යක්සමාධි යි.
555. එහි සම්යග්දෘෂ්ටි කවරෙ යත්: දුඃඛසත්යයෙහි ඥාන යැ, දුඃඛසමුදයසත්යයෙහි ඥාන යැ, දුඃඛනිරෝධසත්යයෙහි ඥාන යැ, දුඃඛනිරෝධගාමිනීප්රතිපදාසත්යයෙහි ඥාන යි. මේ ‘සම්යග්දෘෂ්ටි’ යි කියනු ලැබේ.
එහි සම්යක්සංකල්ප කවරෙ යත්: නෛෂ්ක්රම්යසංකල්ප යැ, අව්යාපාදසංකල්ප යැ, අවිහිංසාසංකල්ප යි. මේ ‘සම්යක්සංකල්ප’ යි කියනු ලැබේ.
එහි සම්යග්වචනය කවරෙ යත්: මුසවායෙන් වැළකීම යැ, පිසුණුබසින් වැළකීම යැ, පරොස්බසින් වැළකීම යැ, සිස්බසින් වැළකීම යි. මේ ‘සම්යග්වචන’ යි කියනු ලැබේ.
එහි සම්යක්කර්මාන්තය කවරෙ යත්: පණිවායෙන් වැළකීම යැ, අයිනාදනින් වැළකීම යැ, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම යි. මේ ‘සම්යක්කර්මාන්ත’ යි කියනු ලැබේ.
එහි සම්යගාජීවය කවරෙ යත්: මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක තෙම මිථ්යාජීවය හැරපියා සම්යගාජීවයෙන් ජීවිකාව කෙරෙයි. මේ ‘සම්යගාජීව’ යි කියනු ලැබේ.
එහි සම්යග්ව්යායාමය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුසල්දහම් නූපදනා පිණිස කත්තුකම්යතාකුසලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත නඟාගනියි, ප්රධන්වීර්ය්ය කෙරෙයි. උපන් ලාමක අකුසල්දහම් ප්රහාණය පිණිස කුසලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත නඟාගනියි, ප්රධන්වීර්ය්ය කෙරෙයි. නූපන් කුසල්දහම් උපදනා පිණිස කුසලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත නගාගනියි, ප්රධන්වීර්ය්ය කෙරෙයි. උපන් කුසල්දහම් සිටීම පිණිස, නො නැසීම පිණිස, පුන පුනා වැඩීම පිණිස, විපුල බව පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණ වීම පිණිස කුසලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත නඟාගනියි, ප්රධන්වීර්ය්ය කෙරෙයි. මේ ‘සම්යග්ව්යායාම’ යි කියනු ලැබේ.
එහි සම්යක්ස්මෘතිය කවර යත්: මෙ සස්නෙහි මහණ තෙම සෙලෙස් තවන වීර්ය්ය ඇත්තේ, සම්යග්ඥාන ඇත්තේ, ස්මෘතිමත් වූයේ, කාය සඞ්ඛ්යාත ලෝකයෙහි අභිධ්යාව හා දොම්නස් දුරුකොට, කයෙහි කය අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වීර්ය්ය ඇත්තේ, සම්යග්ඥාන ඇත්තේ ස්මෘතිමත් වූයේ, වේදනා සඞ්ඛ්යාත ලෝකයෙහි අභිධ්යාව හා දොම්නස දුරුකොට වේදනාවන්හි වේදනාව අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වීර්ය්ය ඇත්තේ, සම්යග්ඥාන ඇත්තේ, ස්මෘතිමත් වූයේ, චිත්ත සඞ්ඛ්යාත ලෝකයෙහි අභිධ්යාව හා දොම්නස දුරු කොට, සිතෙහි සිත අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වීර්ය්ය ඇත්තේ සම්යග්ඥාන ඇත්තේ, ස්මෘතිමත් වූයේ, (නීවරණාදී) ධර්ම සඞ්ඛ්යාත ලෝකයෙහි අභිධ්යාව හා දොම්නස දුරුකොට (නීවරණාදී) ධර්මයන්හි ධර්මය අනුව බලමින් වෙසේ. මේ ‘සම්යක්ස්මෘති’ යි කියනු ලැබේ.
එහි සම්යක්සමාධි කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන් වැ මැ, අකුශලධර්මයන්ගෙන් වෙන් වැ මැ, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්රීති සුඛ ඇති, ප්රථමධ්යානයට පැමිණ වෙසෙයි, විතර්කවිචාරයන්ගේ සන්හිඳීමෙන්, අධ්යාත්මයෙහි පැහැදීම ඇති, චිත්තයාගේ එකඟ බව ඇති, අවිතර්ක වූ, අවිචාර වූ, සමාධියෙන් හටගත් ප්රීතිසුඛ ඇති, ද්විතීයධ්යානයට පැමිණ වෙසෙයි, ප්රීතියගේ ද විරාගයෙන් උපේක්ෂා ඇත්තේත්, ස්මෘතිමත් වූයේත්, සම්යග්ඥාන ඇති වැ වෙසෙයි. නාම කයින් සුඛය ද විඳියි. යම් ධ්යානයක් හේතුකොටගෙන උපේක්ෂා ඇත්තේ යැ, ස්මෘතිමත් වූයේ යැ, සුඛවිහරණ ඇත්තේ යැ යි ආර්ය්යයෝ කියත් ද, ඒ තෘතීයධ්යානයට පැමිණ වෙසෙයි. සුඛයාගේ ද ප්රහාණයෙන්, දුඃඛයාගේ ද ප්රහාණයෙන්, පළමු මැ සොම්නස් දොම්නසුන්ගේ නැති කිරීමෙන් නො දුක් නො සුව වූ උපේක්ෂාව හා ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ. මේ ‘සම්යක්සමාධි’ යි කියනු ලැබේ.
556. ආර්ය්යඅෂ්ටාඞ්ගික මාර්ගය වෙයි, හෙ මෙසේ යි: සම්යග්දෘෂ්ටි යැ, සම්යක් සංකල්ප යැ, සම්යග්වචන යැ, සම්යක්කර්මාන්ත යැ, සම්යගාජීව යැ, සම්යග්ව්යායාම යැ, සම්යක්ස්මෘති යැ, සම්යක්සමාධි යි.
එහි සම්යග්දෘෂ්ටි කවරෙ යත්: මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට පිරිනැමුණු සම්යග්දෘෂ්ටිය වඩයි ... සම්යක්සංකල්පය වඩයි ... සම්යග්වචනය වඩයි ... සම්යක්කර්මාන්තය වඩයි ... සම්යගාජීවය වඩයි ... සම්යග්ව්යායාමය වඩයි ... සම්යක්ස්මෘතිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට පිරිනැමුණු සම්යක්සමාධිය වඩයි.
සූත්රාන්තභාජනිය යි.
557. අෂ්ටාඞ්ගිකමාර්ගය වෙයි: සම්යග්දෘෂ්ටි යැ ... සම්යක්සමාධි යි.
එහි අෂ්ටාඞ්ගිකමාර්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ප්රථමභූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ, අපචය ගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්රතිපදා ඇති දන්ධාභිඥ වූ ප්රථමධ්යානයට පැමිණ වෙසෙයි. එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්ගය වෙයි. සම්යග්දෘෂ්ටි යැ ... සම්යක්සමාධි යි.
එහි සම්යග්දෘෂ්ටිය කවර යත්: මාර්ගාඞ්ග වූ, මාර්ගපර්ය්යාපන්න වූ යම් ප්රඥායෙක්, පජානනාකාරයෙක් ... අමෝහයෙක්, ධර්මවිචයෙක්, සම්යග්දෘෂ්ටියක්, ධර්මවිචය සම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ සම්යග්දෘෂ්ටි යි කියනු ලැබේ.
එහි සම්යක්සංකල්පය කවරෙ යත්: මාර්ගාඞ්ග වූ, මාර්ගපර්ය්යාපන්න වූ යම් තර්කයෙක්, විතර්කයෙක්, සංකල්පයෙක්, අර්පණායෙක්, බලවත් අර්පණායෙක්, අරමුණෙහි සිත පිහිටුවීමෙක් සම්යක්සංකල්පයෙක් වේ ද, මේ ‘සම්යක්සංකල්ප’ යි කියනු ලැබේ.
එහි සම්යග්වචනය කවරෙ යත්: මාර්ගාඞ්ග වූ, මාර්ගපර්ය්යාපන්න වූ යම් චතුර්විධ වාග්දුශ්චරිතයෙන් වෙන්වීමෙක්, විරතියෙක්, පටිවිරතියෙක්, විරමණයෙක්, අක්රියායෙක්, අකරණයෙක්, නො පැමිණීමෙක්, සීමාඅනතික්රමණයෙක්, ප්රත්යය නැසීමෙක්, සම්යග්වචනයෙක් වේ ද, මේ ‘සම්යග්වචන’ යි කියනු ලැබේ.