545. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
546. සප්තබෝධ්‍යඞ්ගයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
547. (සප්තබෝධ්‍යඞ්ගයෝ) කුශල ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු ය.
ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ය. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනුපාදින්නෝපාදානියහ.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අසංක්ලිෂ්ටඅසාංක්ලේශිකයෝ යි.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍කඅවිචාර ද වන්නාහු ය.
ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ප්‍රීතිසහගත නො වෙයි. සුඛසහගත වෙයි, උපේක්‍ෂාසහගත නො වේ. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අපචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) ශෛක්‍ෂ ද වන්නාහ, අශෛක්‍ෂ ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අප්‍රමාණයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අප්‍රමාණාලම්බනයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) ප්‍රණීතයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) මාර්‍ගාලම්බනයෝ නො වෙති. මාර්‍ගහේතුක ද වන්නාහ, මාර්‍ගාධිපති ද වන්නාහ, මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපතිහ යි ද නො කියයුතු ද වන්නාහුය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අධ්‍යාත්මබාහිරාලම්බනයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනිදර්‍ශනඅප්‍රතිඝයෝ යි.
548. ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හේතු ය. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් හේතු නොවෙති.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) සහේතුකයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) හේතුසම්ප්‍රයුක්තයෝ ය.
ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හේතු ද වූයේ ම සහේතුක ද වෙයි. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් හේතු ද වූ ම සහේතුකහ යි නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙත්.
ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත ද වෙයි, බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් හේතු ද වූවාහු ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ, හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතු වෙත්.
බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් හේතු නො වූ සහේතුකයෝ ය, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කියයුත්තේ යි.