539. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
540. එහි සප්තබෝධ්‍යඞ්ගයෝ කවරහ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචය ගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සප්තබෝධ්‍යඞ්ගයෝ වෙති: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
541. එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් සිහි කිරීමෙක් පුනපුනා සිහිකිරීමෙක් අභිමුඛ වැ මෙන් සිහි කිරීමෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණට බැසගැනීමෙක් නො නස්නා බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක් ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
එහි ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥායෙක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් සියුසස්දහම් සෙවීමෙක් සම්‍යග් දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
එහි වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ ‘වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
එහි ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: යම් ප්‍රීතියක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනයෙක් ප්‍රමෝදනයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් සතුටෙක් ඔදවැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
එහි ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් සන්හිදීමෙක් වෙසෙසින් සන්හිඳීමෙක් සන්හුන් අයුරෙක් වෙසෙසින් සන්හුන් අයුරෙක් සන්හිඳුණු බවෙක් සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
එහි සමාධිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: චිත්තයාගේ යම් මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ ස්ථිතියක් ... සම්‍යක්සමාධියක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
එහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: යම් උපේක්‍ෂාවක් උපේක්‍ෂාකාරයෙක් අධික උපේක්‍ෂාවක් චිත්තයාගේ මධ්‍යස්ථ බවෙක් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. මොහු සප්තබෝධ්‍යඞ්ගයෝ යි කියනු ලැබෙත්, අවශේෂධර්‍මයෝ සප්තබෝධ්‍යඞ්ගයන් හා සම්ප්‍රයුක්තයෝ යි.
542. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි. ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැමැ ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එකල්හි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් සිහි කිරීමෙක් පුනපුනා සිහිකිරීමෙක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ස්මෘති සම්බෝධ්‍යඞ්ගසම්ප්‍රයුක්තයහ. ... අවශේෂධර්‍මයෝ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගසම්ප්‍රයුක්තයහ. අවශේෂධර්‍මයෝ වීර්‍ය්‍යසම්බොධ්‍යඞ්ගසම්ප්‍රයුක්තයහ. ... අවශේෂධර්‍මයෝ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගසම්ප්‍රයුක්තයහ. ... අවශේෂධර්‍මයෝ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගසම්ප්‍රයුක්තයහ. ... අවශේෂධර්‍මයෝ සමාධිසම්බොධ්‍යඞ්ගසම්ප්‍රයුක්තයහ.
එහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එකල්හි යම් උපේක්‍ෂාවක් උපේක්‍ෂාකාරයෙක් අධිකඋපේක්‍ෂායෙක් චිත්තයාගේ මධ්‍යස්ථ බවෙක් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
543. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ග යි.
එහි සප්තබෝධ්‍යඞ්ගයෝ කවරහ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥා වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, ... එසමයෙහි යම් ස්පර්‍ශයෙක් වේ ද … අවික්‍ෂේපයෙක් වේ ද මේ ධර්‍මයෝ කුශලයෝ යි.
එ මැ ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල්හි සප්තබෝධ්‍යඞ්ගයෝ වෙති: ස්මෘති සම්බෝධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
එහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: යම් උපේක්‍ෂායෙක් උපේක්‍ෂා අයුරෙක් අධික උපේක්‍ෂායෙක් චිත්තයාගේ මධ්‍යස්ථ බවෙක් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. මොහු ‘සප්තබෝධ්‍යඞ්ගයෝ’ යි කියනු ලැබෙත්. අවශේෂ ධර්‍මයෝ සප්තබෝධ්‍යඞ්ගයන් හා සම්ප්‍රයුක්තයහ.