10. දශක නිර්දෙශය
කවර පස් දෙනකුන්ගේ ‘ඉහනිෂ්ඨා’ (කාමාවචර භූමියෙහි නිෂ්ඨාව) වන්නී ද යත්: සත්තක්ඛත්තුපරමයාගේ යැ කොලංකොලයාගේ යැ ඒකබීජීහුගේ යැ සකදාගාමීහුගේ යැ යමෙකුත් මෙ අත් බැව්හි ම අර්හත් වේ ද ඔහුගේ දැයි මොවුන් පස් දෙනා ගේ ‘ඉහනිෂ්ඨා’ යි.
කවර පස් දෙනකුන්ගේ ‘ඉහවිහායනිෂ්ඨා’ (කාමාවචරය හැර) අන්තරා පරිනිබ්බායීහුගේ යැ උපහච්චපරිනිඛබායීහුගේ යැ අසංඛාර පරිනිබ්බායීහුගේ යැ සසංඛාරපරිනිබ්බායීහුගේ යැ උද්ධංසෝත අකනිට්ඨගාමීහුගේ යැ යි මොවුන් පස් දෙනාගේ ‘ඉහවිහායනිෂ්ඨා’ යි.
මෙතෙකින් පුද්ගලයනට පුද්ගලප්රඥප්ති වෙයි.
දසක නිර්දේශ නිමියේ යි.
පුද්ගල ප්රඥප්තිප්රකරණ සමාප්ත යි.