පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
මාතෘකා
1. ඒකක මාතෘකා
ප්‍රඥප්තීහු සදෙනෙකි: ස්කන්‍ධ ප්‍රඥප්ති ය, ආයතන ප්‍රඥප්ති ය, ධාතු ප්‍රඥප්ති ය, සත්‍ය ප්‍රඥප්ති ය, ඉන්‍ද්‍රිය ප්‍රඥප්ති ය, පුද්ගල ප්‍රඥප්ති යි.
කෙතෙකින් ස්කන්‍ධයන්ගේ ස්කන්‍ධප්‍රඥප්තිය වේ ද යත්: යම් පමණෙකින් (සැකෙවින්) පඤ්චස්කන්‍ධය වේ ද, (විභාග විසින්) රූපස්කන්‍ධය, වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, සංස්කාරස්කන්‍ධය, විඥානස්කන්‍ධ යි. මෙතෙකින් ස්කන්‍ධයන්ගේ ස්කන්‍ධප්‍රඥප්තිය වේ.
කෙතෙකින් ආයතනයන්ගේ ආයතනප්‍රඥප්තිය වේ ද යත්: යම් පමණෙකින් (සැකෙවින්) දොළොස් ආයතන කෙනෙක් වෙත් ද, (විභාග විසින්) චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ශබ්දායතන ය, ඝ්‍රාණායතනය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනආයතන යැ යි. මෙතෙකින් ආයතනයන්ගේ ආයතනප්‍රඥප්තිය වේ.
කෙතෙකින් ධාතූන්ගේ ධාතුප්‍රඥප්තිය වේ ද යත්: යම් පමණෙකින් (සැකෙවින්) අටළොස් ධාතු කෙනෙක් වෙත් ද, (විභාග විසින්) චක්‍ෂුර්ධාතු ය, රූපධාතු ය, චක්‍ෂුර්විඥානධාතුය, ශ්‍රෝත්‍රධාතුය, ශබ්දධාතුය, ශ්‍රෝත්‍රවිඥානධාතු ය, ඝ්‍රාණධාතු ය, ගන්‍ධධාතු ය, ඝ්‍රාණවිඥානධාතු ය, ජිහ්වාධාතු ය, රසධාතු ය, ජීහ්වාවිඥානධාතු ය, කායධාතු ය, ස්ප්‍රෂ්ටව්‍යධාතු ය, කායවිඥානධාතු ය, මනෝධාතු ය, ධර්‍මධාතු ය, මනෝවිඥානධාතු යැ යි. මෙතෙකින් ධාතූන්ගේ ධාතුප්‍රඥප්තිය වේ.
කෙතෙකින් සත්‍යයන්ගේ සත්‍යප්‍රඥප්තිය වේ ද යත්: යම් පමණෙකින් (සැකෙවින්) සතර සත්‍ය කෙනෙක් වෙත් ද, (විභාග විසින්) දුඃඛ සත්‍ය ය, සමුදය සත්‍ය ය, නිරෝධසත්‍ය ය, මාර්‍ගසත්‍ය යැ යි. මෙතෙකින් සත්‍යයන්ගේ සත්‍යප්‍රඥප්තිය වේ.
කෙතෙකින් ඉන්‍ද්‍රියයන්ගේ ඉන්‍ද්‍රියප්‍රඥප්තිය වේ ද යත්: යම්පමණෙකින් (සැකෙවින්) දෙවිසි ඉන්‍ද්‍රිය කෙනෙක් වෙත් ද, (විභාග විසින්) චක්‍ෂුරින්‍ද්‍රියය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණේන්‍ද්‍රියය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය ය, මනඉන්‍ද්‍රිය ය, ස්ත්‍රීන්‍ද්‍රිය ය, පුරුෂේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සුඛේන්‍ද්‍රිය ය, දුඃඛේන්‍ද්‍රියය, සෞමනස්‍යෙන්‍ද්‍රිය ය, දෞර්‍මනස්‍යෙන්‍ද්‍රිය ය, උපේක්‍ෂේන්‍ද්‍රිය ය, ශ්‍රද්ධේන්‍ද්‍රියය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රියය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය ය යි. මෙතෙකින් ඉන්‍ද්‍රියයන්ගේ ඉන්‍ද්‍රිය ප්‍රඥප්තිය වේ.
කොතෙකින් පුද්ගලයන්ගේ පුද්ගලප්‍රඥප්තිය වේ ද යත්:
1. සමයවිමුක්ත ය,
2. අසමයවිමුක්ත ය,
3. කෝප්‍යධර්‍ම ය,
4. අකෝප්‍යධර්‍ම ය,
5. පරිහාණධර්‍ම ය,
6. අපරිහාණධර්‍ම ය,
7. චේතනාභව්‍ය ය,
8. අනුරක්‍ෂණාභව්‍ය ය,
9. පෘථග්ජන ය,
10. ගෝත්‍රභූ ය,
11. භයොපරත ය,
12. අභයෝපරත ය,
13. භව්‍යාගමන ය,
14. අභව්‍යාගමන ය,
15. නියත ය,
16. අනියත ය,
17. ප්‍රතිපන්නක ය,
18. ඵලස්ථිත ය,
19. සමශීර්ෂී ය
20. ස්ථිතිකල්පී ය,
21. ආර්‍ය්‍ය ය.
22. අනාර්‍ය්‍ය ය,
23. ශෛක්‍ෂ ය,
24. අශෛක්‍ෂ ය,
25. නෛවශෛක්‍ෂ නාශෛක්‍ෂ ය,
26. ත්‍රෛවිද්‍ය ය,
27. ෂඩභිඥ ය,
28. සම්‍යසක්සම්බුද්ධ ය,
29. ප්‍රත්‍යෙකබුද්ධ ය,
30. උභතොභාගවිමුක්ත ය,
31. ප්‍රඥාවිමුක්ත ය,
32. කායසාක්‍ෂී ය,
33. දෘෂ්ටප්‍රාප්ත ය,
34. ශ්‍රද්ධාවිමුක්ත ය,
35. ධර්‍මානුසාරී ය,
36. ශ්‍රද්ධානුසාරී ය,
37. සප්තකෘත්වඃපරම ය,
38. කොලංකොල ය,
39. ඒකබීජී ය,
40. සකෘදාගාමී ය,
41. අනාගාමී ය,
42. අන්තරාපරිනිර්‍වායි ය,
43. උපහත්‍යපරිනිර්‍වායි ය,
44. අසංස්කාරපරිනිර්‍වායි ය,
45. සසංස්කාරපරිනිර්‍වායි ය,
46. ඌර්ද්ධවංස්‍රෝත අකනිෂ්ටගාමී ය,