3. 8.
දිබ්බසොතකථා
[මෙහි ද නිදාන දිබ්බචක්ඛුකථායෙහි වැන්න.]
1. ස. පු: ධ්යානධර්මයෙන් වහල ලද මාංසශ්රෝත්රය දිව්යශ්රෝත්ර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාංසශ්රෝත්රය දිව්යශ්රෝත්ර වේ ද, දිව්යශ්රෝත්රය මාංසශ්රෝත්ර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ධර්මොපස්තබ්ධ වූ මාංසශ්රෝත්රය දිව්යශ්රෝත්ර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම්බඳු මාංසශ්රොත්රයෙක් වේ නම් එබඳු දිව්යශ්රෝත්රයෙක් ඇද්ද, යම්බඳු දිව්යශ්රෝත්රයෙක් වේ නම් එබඳු මාංසශ්රොත්රයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ වූ මාංසශ්රෝත්රය දිව්යශ්රෝත්ර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එ මාංසශ්රෝත්රය මැ ඒ දිව්යශ්රෝත්ර වේ ද, ඒ දිව්යශ්රෝත්රය ඒ මාංසශ්රෝත්ර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ මාංසශ්රෝත්රය දිව්යශ්රෝත්ර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාංසශ්රෝත්රයාගේ යම්බඳු වූ විෂයයෙක් අනුභවයෙක් ගෝචරයෙක් ඇද්ද, දිව්යශ්රොත්රයාගේත් එබඳු විෂය අනුභව ගෝචර ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ මාංසශ්රෝත්රය දිව්යශ්රෝත්ර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපාදින්න වී අනුපාදින්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: උපාදින්න වී අනුපාදින්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමාවාචර වී රූපාවචර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: කාමාවාචර වී රූපාවචර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපාවචර වී අරූපාවචර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: රූපාවචර වී අරූපාවචර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පර්ය්යාපන්න වී අපර්ය්යාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: දැහැන්දහමින් වහල් ලද මාංසශ්රෝත්රය දිවකන් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දැහැන්දහමින් වහල් ලද දිවකන මස්කන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ වූ මස්කන දිවකන් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්රෝත්රය එකෙක් මැ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: ශ්රෝත්රය එකෙක් මැ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් “මස්කනැ, දිවකනැයි” කන්හු දෙදෙනෙක් වදාරන ලද්දාහු නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්යවතුන් වහන්සේ විසින් ‘මස්කනැ, දිවකනැ’යි කන්හු දෙදෙනෙක් වදාරන ලද්දාහු නම්,
අනු. පා: භවත, ‘ශ්රෝත්රය එකෙක් මැ යැ’යි නො කියැයුතු මැ යැ.
දිබ්බසොතකථා නිමි.