3. 9.
යථාකම්මූපගතඤාණකථා
[“ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන –පෙ– යථාකම්මූපගෙ සත්තෙ පජානාති” යන සූත්ර නුනුවණින් ගෙන යථාකම්මූපගඤාණය මැ දිව්යචක්ෂුසැ යි ලබ්ධි ගත් වාදී කෙනෙක් ඇත. උන්ගේ වාද බිඳුනට යථාකම්මූපගත ඤාණකථා එයි.]
1. ස. පු: යථාකර්මොපගත ඥානය දිව්යචක්ෂුස් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යථාකර්මෝපගතයත් මෙනෙහි කෙරේ ද? දිව්යචක්ෂුසින් රූපයත් දක්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: යථාකර්මෝපගතයත් මෙනෙහි කෙරේ ද? දිව්යචක්ෂුසින් රූපයත් දක්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශයන් දෙදෙනකුන්ගේ, චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: යථාකර්මොපගත ඥානය දිව්ය චක්ෂුස් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘ඒකාන්තයෙන් මේ භවත් සත්ත්වයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘කායදුශ්චරිතයෙන් සමන්වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘වාග්දුශ්චරිතයෙන් සමන්වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘මනෝදුශ්චරිතයෙන් සමන්වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘ආර්ය්යයනට උපවාද කරනුවහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘මිථ්යාදෘෂ්ටි ඇතියහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘මිථ්යාදෘෂ්ටිකර්මසමාදාන ඇතියහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරයට පැමිණියාහ’යි ද මෙනෙහි කෙරෙයි, යළි ‘මේ භවත් සත්ත්වයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘කායසුචරිතයෙන් සමන්වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘වාක්සුචරිතයෙන් සමන්වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘මනස්සුචරිතයෙන් සමන්වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘ආර්ය්යයනට උපවාද නො කරනුවහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘සම්යග්දෘෂ්ටි ඇතියහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘සම්යග්දෘෂ්ටිකර්මසමාදාන ඇතියහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘ඔහු කාබුන් මරණින් මතුයෙහි සුන්දරගති ඇති ස්වර්ගලෝකයට වන්හ’යි ද මෙනෙහි කෙරෙයි, දිව්යචක්ෂුසින් රූප දක්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: යථාකර්මොපගත ඥානය දිව්යචක්ෂුස් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘ඒකාන්තයෙන් මේ භවත් සත්ත්වයහ’යි ද මෙනෙහි කෙරෙයි …. ‘ඔහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්යාත ස්වර්ගලෝකයට වන්හ’යි ද මෙනෙහි කෙරෙයි, දිවැසින් රූප දක්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: යථාකර්මොපගත ඥානය දිව්යචක්ෂුස් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දිව්යචක්ෂුස නැති දිව්යචක්ෂුස නො ලත් අධිගම නො කළ ප්රත්යක්ෂ නො කළ යථාකර්මෝපගතය දන්නා කිසිවෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් දිව්යචක්ෂුස නැත්තේ දිව්යචක්ෂුස නො ලද්දේ අධිගම නො කෙළේ ප්රත්යක්ෂ නො කෙළේ යථාකර්මෝපගතය දන්නා කිසිවෙක් ඇත් නම්,
අනු. පා: භවත, ‘යථාකර්මොපගතඥානය දිව්යචක්ෂුසැ’යි නො කියැයුතු යැ.
6. ස. පු: යථාකර්මොපගතඥානය දිව්යචක්ෂුස් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ යථාකර්මෝපගතය දනිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ යථාකර්මෝපගතය දනිත් නම්,
අනු. පා: භවත, ‘යථාකර්මොපගතඥානය දිව්යචක්ෂුසැ’යි නො කියැයුතු යැ.