තෘතීය වර්ගය
3. 1.
බලකථා
[අනුරුද්ධ සංයුක්තයෙහි එන “ඉමෙසඤ්ච පනාහං ආවුසො චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාමි” යනාදි සූත්ර ප්රදේශ නුනුවණින් ගෙන ‘ තථාගතබලය ශ්රාවක සාධාරණ යැ’ යි ලබ්ධි ගත් වාදී කෙනෙක් ඇත. අන්ධකනිකාය වාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට බලකථා එයි.]
1. ස. පු: තථාගතබල ශ්රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තථාගතබල ශ්රාවකබල වේ ද, ශ්රාවකබල තථාගතබල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: තථාගතබල ශ්රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ තථාගතබලය මැ ඒ ශ්රාවකබල වේ ද, ඒ ශ්රාවක බලය මැ ඒ තථාගතබල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: තථාගතබල ශ්රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තථාගතබල යම් බඳු වේ නම් ශ්රාවකබල එබඳු වේ ද, ශ්රාවකබල යම් බඳු වේ නම් තථාගතබල එබඳු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: තථාගතබල ශ්රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තථාගතයන් වහන්සේගේ පූර්වයෝග සඞ්ඛ්යාත පූර්වචර්ය්යාව, ධර්මාඛ්යාන සඞ්ඛ්යාත ධර්මදේශනාව යම් බඳු වේ නම්, ශ්රාවකයාගේ පූර්වයෝග සඞ්ඛ්යාත පූර්වචර්ය්යාව, ධර්මාඛ්යාන සංඛ්යාත ධර්මදේශනාව එබඳු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: තථාගතබල ශ්රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තථාගත තෙම ජින වේ ද, ශාස්තෘ වේ ද, සම්යක්සම්බුද්ධ වේ ද, සර්වදර්ශී වේ ද, ධර්මස්වාමී වේ ද, ධර්මප්රතිසරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්රාවක තෙමේ ජින වේ ද, ශාස්තෘ වේ ද, සම්යක්සම්බුද්ධ වේ ද, සර්වඥ වේ ද, සර්වදර්ශී වේ ද, ධර්මස්වාමී වේ ද, ධර්මප්රතිසරණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
6. ස. පු: තථාගතබල ශ්රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තථාගත තෙමේ අනුත්පන්නමාර්ගයාගේ උත්පාදයිතෘ වේ ද, අසඤ්ජාත මාර්ගයාගේ සඤ්ජනයිතෘ වේ ද, අනාඛ්යාතමාර්ගයාගේ ආඛ්යාතෘ වේ ද, මාර්ගඥ, මාර්ගවිත්, මාර්ගකෝවිද වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්රාවක තෙමේ අනුත්පන්නමාර්ගයාගේ උත්පාදයිතෘ වේ ද, අසඤ්ජාත මාර්ගයාගේ සඤ්ජනයිතෘ වේ ද, අනාඛ්යාත මාර්ගයාගේ ආඛ්යාතෘ වේ ද, මාර්ගඥ, මාර්ගවිත්, මාර්ගකෝවිද වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: ඉන්ද්රියපරාවරතා (ශ්රද්ධාදි ඉන්ද්රියන්ගේ වෘද්ධිහානි පිළිබඳ) යථාභූතඥාන සඞ්ඛ්යාත තථාගතබලය ශ්රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්රාවක තෙමේ සර්වඥ, සර්වදර්ශී වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …