3. 7.
දිබ්බචක්ඛුකථා
[‘චතුර්ත්ථධ්යානධර්මයෙන් වහල ලද මසැස මැ දිවැස නම් වෙයි’ ලබ්ධි ගත් වාදීහු ඇත. අන්ධක සම්මිතිය නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට දිබ්බචක්ඛුකථා එයි.]
1. ස. පු: චතුර්ත්ථධ්යානයෙන් වහල ලද මාංසචක්ෂුස දිව්යචක්ෂුස වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාංසචක්ෂුස දිව්යචක්ෂුස වේ ද, දිව්යචක්ෂුස මාංසචක්ෂුස වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ වූ මාංසචක්ෂුස දිව්යචක්ෂුස වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම්බඳු මාංසචක්ෂුසෙක් ඇද්ද? එබඳු දිව්යචක්ෂුසෙක් වේ ද? යම් බඳු දිව්යචක්ෂුසෙක් ඇද්ද, එබඳු මාංසචක්ෂුසෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ වූ මාංසචක්ෂුස දිව්යචක්ෂුස වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එ මැ මාංසචක්ෂුස ඒ දිව්යචක්ෂුස වේ ද? ඒ දිව්යචක්ෂුස ඒ මාංසචක්ෂුස වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ මාංසචක්ෂුස දිව්යචක්ෂුස වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මසැස්හුගේ යම් බඳු විෂයයෙක් අනුභවයෙක් ගෝචරයෙක් ඇද්ද, දිවැස්හුගේ එබඳු විෂයයෙක් අනුභවයෙක් ගෝචරයෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ මාංසචක්ෂුස දිව්යචක්ෂුස වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපාදින්න වී අනුපාදින්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: උපාදින්න වී අනුපාදින්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමාවචර වී රූපාවචර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: කාමාවචර වී රූපාවචර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපාවචර වී අරූපාවචර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: රූපාවචර වී අරූපාවචර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පර්ය්යාපන්න වී අපර්ය්යාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ මාංසචක්ෂුස දිව්යචක්ෂුස වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමාවචරධර්මයෙන් උපස්තබ්ධ දිව්යචක්ෂුස මාංසචක්ෂුස වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ මාංසචක්ෂුස දිව්යචක්ෂුස වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ධර්මයෙන් උපස්තබ්ධ දිව්යචක්ෂුස ප්රඥාචක්ෂුස වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ මාංසචක්ෂුස දිව්යචක්ෂුස වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ධර්මයෙන් උපස්තබ්ධ වූ දිව්යචක්ෂුස මාංසචක්ෂුස වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ මාංසචක්ෂුස දිව්යචක්ෂුස වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්ෂුසයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …