3. 11.
අසඤ්ඤකථා
[‘අසංඥසත්ත්‍වයනට ද, ච්‍යුතිප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි සංඥායෙක් ඇති යි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධකනිකායවාසීන් සෙයිනි. උන් සඳහා අසංඥකථා එයි.]
1. ස. පු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සංඥාභවයෙක් සංඥාගතියෙක් සංඥාසත්ත්‍වාවාසයෙක් සංඥාසංසාරයෙක් සංඥායෝනියෙක් සංඥාත්මභාවප්‍රතිලාභයෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අසංඥභවයෙක් අසංඥගතියෙක් අසංඥසත්ත්‍වාවාසයෙක් අසංඥසංසාරයෙක් අසංඥයෝනියෙක් අසංඥාත්මභාවප්‍රතිලාභයෙක් නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අසංඥභවයෙක් අසංඥගතියෙක් අසංඥසත්ත්‍වාවාසයෙක් අසංඥසංසාරයෙක් අසංඥයෝනියෙක් අසංඥාත්මභාවප්‍රතිලාභයෙක් ඇත් නම්,
අනු. පා: භවත,’අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඤ්චවෝකාරභවය ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: එකවෝකාරභවය ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් එකවෝකාරභවය ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභ වේ නම්,
අනු. පා: භවත, ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇති’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ සංඥායෙන් සන්කරණී කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥාභව වේ ද? සංඥාගති, සංඥාසත්ත්‍වාවාස, සංඥාසංසාර, සංඥායෝනි, සංඥාආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥාභවත් වේ ද? සංඥාගති, සංඥාසත්ත්‍වාවාස, සංඥාසංසාර, සංඥායෝනි, සංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ පඤ්චවෝකාරභවත් වේ ද? ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ පඤ්චවෝකාරභවත් වේ ද? ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥායෙන් සන්කරණී කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥායෙන් සන්කරණී කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: (තොප මතයෙහි) අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ අසංඥභවත් වේ ද? අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයෝනි, අසංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.