3. 12.
නේවසඤ්ඤානාසඤ්ඤායතන කථා
[‘නේවසඤ්ඤානාසඤ්ඤායතන, යන වචන වශයෙන් ඒ භවයෙහි සංඥායෙක් නැති යි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධක නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට නේවසඤ්ඤානාසඤ්ඤායතනකථා එයි.]
1. ස. පු: ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංඥභවය, අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයෝනි, අසංඥාත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සංඥාභවය, සංඥාගති, සංඥාසත්ත්‍වාවාස, සංඥාසංසාර, සංඥායෝනි, සංඥාත්මභාවප්‍රතිලාභ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සංඥාභවය සංඥාගති ... සංඥාත්මභාවප්‍රතිලාභ වේ නම්,
අනු. පා: භවත, ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’ යි නො කියැයුතු යැ, යනු නො කියැයුතු යැ.
2. ස. පු: ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකවෝකාරභවය ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: චතුවෝකාරභවය ගති … ආත්මභාවප්‍රතිලාභ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් චතුවෝකාරභවය ගති … ආත්මභාවප්‍රතිලාභ වේ නම්,
අනු. පා: භවත, ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති යි නො කියැයුතු යැ’ යනු නො කියැයුතු මැ යැ.
3. ස. පු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ අසංඥභවයත්, අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයෝනි, අසංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ අසංඥභවයත්, අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයෝනි, අසංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’ යි නො කියැයුතු යැ. ඒ ඒකවෝකාරභවයත් ගති … ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ ඒකවෝකාරභවයත්, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: (තොප මතයෙහි) ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ සංඥාභවයත් සංඥාගති … සංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ සංඥාභවයත් සංඥාගති … සංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: (තොප මතයෙහි) ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ චතුවෝකාරභවයත් ගති … ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ චතුවෝකාරභවයත් ගති … ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …