22. 9.
ආසේවනපච්චය කථා
[‘සර්වධර්මයෝ ක්ෂණිකයහ, මොහොතකුදු සිට ආසේවනප්රත්යය සෙවුනා කිසි දහමෙක් නැත. එහෙයින් කිසි ආසේවනප්රත්යතායෙක් නැත. ආසේවනප්රත්යය බැවින් උපන් කිසි ධර්මයෙක් නැතැ’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ආසේවනපච්චය කථා’ එයි.]
1. ස. පු: කිසි ආසේවනප්රත්යයතායෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් විසින් වදාරනලද නො: “මහණෙනි, ප්රාණඝාතකර්මය ආසේවන කරනලද්දේ භාවිත කරනලද්දේ බහුල කරනලද්දේ නිරෑ පිණිස පවත්නේ යැ. තිරිසන් යොන් පිණිස පවත්නේ යැ. ප්රේතවිෂය පිණිස පවත්නේ යි. ප්රාණඝාතයාගේ හැමට ලඝු වූ යම් විපාකයෙක් ඇද්ද, හේ මනුෂ්ය වූවහුට අල්පායු පිණිස පවත්නේ වේ”යයි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් කිසි ආසේවනප්රත්යයතායෙක් ඇත.
2. ස. පු: කිසි ආසේවනප්රත්යයතායෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මහණෙනි, අදත්තාදානකර්මය ආසේවන කරනලද්දේ පුරුදු කරනලද්දේ පුනපුනා වඩනලද්දේ නිරය පිණිස පවත්නේ යැ. තිරිසන්යෝනි පිණිස පවත්නේ යැ. ප්රේතවිෂය පිණිස පවත්නේ යි. අදත්තාදානකර්මයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට භොගව්යසන පිණිස පවත්නේ වෙයි … කාමමිථ්යාචාරකර්මයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට සතුරුවෙර පිණිස වැටෙන්නේ වෙයි … මෘෂාවාදකර්මයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට අභූතාඛ්යාන (බොරු චෝදනා) පිණිස වැටෙන්නේ වෙයි … පිශුනවචන කර්මයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට මිතුරන් කෙරෙන් බිඳුනා පිණිස පවත්නේ වෙයි … පරුෂවචනයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට අමනාපශබ්ද පිණිස පවත්නේ වෙයි …
සම්ඵප්රලාපයාගේ හැමට ලඝු විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට අනාදෙය (නො පිළිගතයුතු) වචන පිණිස පවත්නේ වෙයි. මහණෙනි, රහමෙරපනු ආසේවන කරනලද්දේ ... සුරාමේරයපානකර්මයාගේ යම් හැමට ලඝු විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට උමතුව පිණිස වැටෙන්නේ වේ” යයි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් කිසි ආසේවනප්රත්යයතායෙක් ඇත.
3. ස. පු: කිසි ආසේවනප්රත්යයතායෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් විසින් වදාරනලද නො: “මහණෙනි, මිථ්යාදෘෂ්ටි ආසේවන කරනලද්දී භාවිත කරන ලද්දී බහුල කරනලද්දී නිරය පිණිස වැටෙන්නී තිරිසන්යෝනට වැටෙන්නී ප්රේතවිෂයට වැටෙන්නී වේ”යයි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් කිසි ආසේවනප්රත්යයතායෙක් ඇත.
4. ස. පු: කිසි ආසේවනප්රත්යයතායෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මිථ්යාසංකල්ප … මහණෙනි, මිථ්යාසමාධි ආසේවන කරනලද්දේ භාවනා කරනලද්දේ … ප්රේතවිෂයට වැටෙන්නේ වේ” යයි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් කිසි ආසේවනප්රත්යයතායෙක් ඇත.
5. ස. පු: කිසි ආසේවනප්රත්යයතායෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.