22. 8.
අබ්යාකත කථා
[“අත්ථේසා භික්ඛවේ චේතනා, සා ච ඛො අබ්බොහාරිකා” යන වචන හෙයින් ස්වප්නගතයාගේ හැම චේතනා අව්යාකෘත වෙති’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අබ්යාකත කථා’ එයි.]
1. ස. පු: ස්වප්නගතයාගේ හැම සිත් අව්යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වප්නයෙන් ප්රාණඝාත කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ස්වප්නයෙන් ප්රාණඝාත කරන්නේ වී නම්?
ස. පා: භවත, ‘ස්වප්නගතයාගේ හැම සිත් අව්යාකෘත වෙති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්වප්නයෙන් අයිනාදන් ගන්නේ වේ ද? … මුසවා බණන්නේ වේ ද … පිසුනුබස් කියන්නේ වේ ද … පරොස්බස් බණන්නේ වේ ද … පලප් බණන්නේ වේ ද … ගෘහසන්ධි සිඳුනේ වේ ද … ගම් වොලොගෙන යන්නේ වේ ද … එක් ගෙයක් වොලොගන්නේ වේ ද … කඬපලාසොරකමට මහමග සිටුනේ වේ ද … පරඹුවන් කරා යන්නේ වේ ද … ගම් නසනකම් කරනුයේ වේ ද … නියම්ගම් නසන කම් කරනුයේ වේ ද … ස්වප්නයෙන් මෛථුනධර්ම සේවන කරන්නේ වේ ද … ස්වප්න ගතයාහට අසුචි (ශුක්ර) මිදෙන්නේ වේ ද … ස්වප්නයෙන් දන් දෙන්නේ වේ ද … සිවුරු දෙන්නේ වේ ද … පිඬුවා දෙන්නේ වේ ද … සෙනසුන් දෙන්නේ වේ ද … ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නේ වේ ද … ඛාද්ය දෙන්නේ වේ ද … බොජුන් දෙන්නේ වේ ද … පැන් දෙන්නේ වේ ද … සෑ වඳනේ වේ ද … සෑයෙහි මාලා නගන්නේ වේ ද … ගන්ධ නගන්නේ වේ ද … විලෙවුන් නඟන්නේ වේ ද … සෑය පැදකුණු කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ස්වප්නයෙන් චෛත්යය ප්රදක්ෂිණා කරන්නේ වී නම්,
ස. පා: භවත, ‘ස්වප්නගතයාගේ හැම සිත් අව්යාකෘත වෙති’යි නො කියැයුතු මැ යැ.
3. ප. පු: ස්වප්නගතයාගේ හැම සිත් අව්යාකෘත වෙති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: “ස්වප්නගතයාගේ සිත අව්යවහාරක යැ” යි භාග්යවතුන් විසින් වදාරනලද නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් ‘ස්වප්නගතයාගේ සිත අව්යවහාරක යැ’යි භාග්යවතුන් විසින් වදාරනලද වී නම්,
ප. පා: එකරුණින් භවත, ‘ස්වප්නගතයාගේ හැම සිත් අව්යාකෘත වෙති’ යි කියැයුතු මැ යැ.
අව්යාකෘත කථා නිමි.