22. 4.
ධම්මාභිසමය කථා
[අතීතභවයෙහි ශ්‍රෝතාපන්නයකු මව්කුසැ වැස නික්මෙන්නා දැක ගර්‍භාශය්‍යායෙහි ධර්‍මාභිසමය (ලෝකෝත්තර ධර්‍මාවබෝධය) ඇතැ’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ධම්මාභිසමය කථා’ එයි.]
1. ස. පු: ගර්‍භාශය්‍යායෙහි (මව්කුසැ) ධර්‍මාභිසමය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ගර්‍භාශය්‍යායෙහි ධර්‍මදේශනා, ධර්‍මශ්‍රවණ, ධර්‍මසාකච්ඡා, පරිපෘච්ඡා, ශීලසමාදාන, ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතා, භෝජනයෙහි මාත්‍රඥතා, පූර්‍වරාත්‍ර අපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝග ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ගර්‍භාශය්‍යායෙහි ධර්‍මදේශනා, ධර්‍මශ්‍රවණ, … පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝග නැත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ගර්‍භශය්‍යායෙහි ධර්‍මදේශනා, ධර්‍මශ්‍රවණ, … පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝග නැත් නම්,
ස. පා: භවත, ‘ගර්‍භශය්‍යායෙහි ධර්‍මාභහිසමය ඇතැ’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ගර්‍භශය්‍යායෙහි ධර්‍මාභිසමය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්‍යග්දෘෂ්ටිහුගේ ඉපැත්මට පරතෝඝෝෂ යැ යෝනිසෝමනස්කාර යැ යි ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් ඇත්තාහු නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සම්‍යග්දෘෂ්ටිහුගේ ඉපැත්මට පරතෝඝෝෂ යැ යෝනිසෝමනස්කාර යැ යි ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් ඇත් නම්,
ස. පා: භවත, ‘ගර්‍භශය්‍යායෙහි ධර්‍මාභිසමය ඇතැ’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: ගර්‍භශය්‍යායෙහි ධර්‍මාභිසමය ඇත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සුප්තයාහට ප්‍රමත්තයාහට මුෂිතස්මෘති ඇතියාහට සම්‍යක්ප්‍රඥා නැතියාහට ධර්‍මාභිසමය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ධම්මාභිසමය කථා නිමි.
22. 5-7.
තිස්සෝපි කථා
[‘උපන් නො බෝකල් ඇති ශ්‍රෝතාපන්නයන්ගේ අර්‍හත්‍වප්‍රාප්තිය ද, සුප්පවාසා උවැසියගේ සත්වැසි ගර්‍භය ද දැක ගර්‍භශය්‍යායෙහි අර්‍හත්ත්‍වත්‍රාප්ති ඇතැයි ද, ස්වප්නයෙහි ආකාශගමනාදිය දැක එහි ‘ධර්‍මාභිසමයත් අර්‍හත්ත්‍වප්‍රාප්තියත් ඇතැ’යි ද, උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘තිස්සෝපි කථා’ එයි.]
1. ස. පු: ගර්‍භශය්‍යායෙහි අර්‍හත්ත්‍වප්‍රාප්ති ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නිදාසිටියාහට පමාවූවහුට මුළාසී ඇතියාහට සම්‍යග්ඥාන නැතියාහට රහත්බව ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ස්වප්නගතයාහට ධර්‍මාභිසමය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සුප්තයාහට ප්‍රමත්තයාහට මුෂිතස්මෘති ඇතියාහට සම්‍යග්ඥාන නැතියාහට ධර්‍මාභිසමය ඇද්ද?
ප. පු එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ස්වප්නගතයාහට අර්‍හත්ත්‍වප්‍රාප්ති ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සුප්තයාහට ප්‍රමත්තයාහට මුෂිතස්මෘති ඇතියාහට සම්‍යග්ඥාන නැතියාහට ධර්‍මාභිසමය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
තිස්සෝපි කථා නිමි.