22. 3.
ආනෙඤ්ජ කථා
[“බුදුහු චතුර්ත්ථධ්යානයෙහි සිට පිරිනිවන් පෑහ’ යනු සලකා රහත්හු ආනෙඤ්ජයෙහි සිට පිරිනිවෙති’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ආනෙඤ්ජ කථා’ එයි.]
1. ස. පු: රහතුන් වහන්සේ ආනෙඤ්ජයෙහි (අරූපාවචර ධ්යානයෙහි) සිට පිරිනිවෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහතුන් වහන්සේ ප්රකෘතිචිත්තයෙහි සිට පිරිනිවෙත් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහතුන් වහන්සේ ප්රකෘතිචිත්තයෙහි සිට පිරිනිවෙත් නම්,
ස. පා: භවත, ‘රහතුන් වහන්සේ ආනෙඤ්ජයෙහි සිට පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: රහත්හු ආනෙඤ්ජයෙහි සිට පිරිනිවෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු ක්රියාමය සිත්හි සිට පිරිනිවෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රහත්හු විපාකචිත්තයෙහි සිට පිරිනිවෙත් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහත්හු විපාකචිත්තයෙහි සිට පිරිනිවෙත් නම්,
ස. පා: භවත, ‘රහත්හු ආනෙඤ්ජයෙහි සිට පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: රහත්හු ආනෙඤ්ජයෙහි සිට පිරිනිවෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු ක්රියාව්යාකෘත සිත්හි සිට පිරිනිවෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රහත්හු විපාකව්යාකෘත සිත්හි සිට පිරිනිවෙත් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින්, රහත්හු විපාකව්යාකෘත සිත්හි සිට පිරිනිවෙත් නම්,
ස. පා: භවත, ‘රහත්හු ආනෙඤ්ජයෙහි සිට පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: රහත්හු ආනෙඤ්ජයෙහි සිට පිරිනිවෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ චතුර්ත්ථධ්යානයෙන් නැඟී සමනන්තර වැ පිරිනිවියාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් බුදුහු චතුර්ත්ථධ්යානයෙන් නැඟී සමනන්තර වැ පිරිනිවිසේක් වී නම්,
ස. පා: භවත, ‘රහත්හු ආනෙඤ්ජයෙහි සිට පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.
ආනෙඤ්ජ කථා නිමි.