21. 8.
කම්ම කථා
[දිට්ඨධම්මවේදනීයාදි කර්ම දිට්ඨධම්මවෙදනාදීන් නියත වන හෙයින හැම කර්මයෝ (විපාක විසින්) නියතයහ’යි ලබ්ධි ගත්තාහු ඇත. අන්ධකනිකායවාසීන් හා ඇතැම් උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට ‘කම්ම කථා’ එයි.]
1. ස. පු: හැම කර්මයෝ විපාක විසින් නියත වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මිථ්යාත්ව වශයෙන් නියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සම්යක්ත්ව වශයෙන් නියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනියත රාශියෙක් නැත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනියත රාශියෙක් ඇත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අනියතරාශියෙක් ඇත් නම්,
ස. පා: භවත ‘හැම කර්මයෝ නියතයහ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: හැම කර්මයෝ නියත වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් ‘මිථ්යාත්වනියතරාශි යැ, සම්යක්ත්වනියත රාශි යැ, අනියතරාශි යැ’යි තුන් රාශියෙක් වදාරනලද නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්යවතුන් වහන්සේ විසින්: ‘මිථ්යාත්ව නියතරාශි යැ, සම්යක්ත්වනියත රාශි යැ, අනියත රාශි යැ’යි තුන් රාශියෙක් වදාරනලද වී නම්,
ස. පා: භවත ‘හැම කර්මයෝ නියතයහ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: දිට්ඨධම්මවේදනීය කර්මය දිට්ඨධම්මවේදනීයත්වයෙන් නියත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මිථ්යාත්වනියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සම්යක්ත්වනියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: උපපජ්ජවෙදනීය කර්මය … අපරාපරියවේදනීය කර්මය අපරාපරියවේදනීය ස්වභාවයෙන් නියත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මිථ්යාත්වනියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සම්යක්ත්වනියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: දිට්ඨධම්මවේදනීය කර්මය දිට්ඨධම්මවේදනීය ස්වභාවයෙන් නියත වෙයි, උපපජ්ජවෙදනීය කර්මය … අපරාපරියවේදනීය කර්මය අපරාපරියවේදනීය ස්වභාවයෙන් නියත වෙතී” යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: දිට්ඨධම්මවේදනීය කර්මය උපපජ්ජවෙදනීය වේ ද? අපරාපරියවේදනීය වේ ද, … උපපජ්ජවෙදනීය කර්මය දිට්ඨධම්මවේදනීය වේ ද, අපරාපරියවේදනීය වේ ද, … අපරාපරියවේදනීය කර්මය දිට්ඨධම්මමවෙදනීය වේ ද, උපපජ්ජවෙදනීය වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් දිට්ඨධම්මවේදනීය කර්මය දිට්ඨධම්මවේදනීය ස්වභාවයෙන් නියත වෙයි. උපපජ්ජවෙදනීය කර්මය … අපරාපරියවේදනීය කර්මය අපරාපරියවේදනීය ස්වභාවයෙන් නියත වේ.
කම්ම කථා නිමි.
ඒකවිංශද්වර්ගය නිමි.
එහි උද්දානය:
සාසන කථා යැ අවිවිත්ත කථා යැ සඤ්ඤෝජන කථා යැ ඉද්ධි කථා යැ බුද්ධ කථා යැ සබ්බදිසා කථා යැ ධම්ම කථා යැ කම්ම කථා යි.