ඒකවිංශද් වර්‍ගය
21. 1.
සාසන කථා.
[‘සඞ්ගීතීත්‍රය සඳහා ශාසනය නවීකෘත යැ යි ද, තථාගත ශාසනය අළුත් කරන කිසිවෙක් ඇතැ යි ද, තථාගත ශාසනය අළුත් කරන්නට ලැබේ යැ යි ද සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘සාසනකථා’ එයි.]
1. ස. පු: ශාසනය නවීකෘත (අළුත් කරන ලද) වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සතිපට්ඨානය නවීකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ
2. ස. පු: ශාසනය නවීකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්‍යක් ප්‍රධානය … ඍද්ධිපාද … ඉන්‍ද්‍රිය … බල … බෝධ්‍යඞ්ගයෝ නවීකෘත වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පළමු අකුශලය පසු වැ කුශල කරනලද ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: පළමු සාස්‍රවය … සංයෝජනියය ... ග්‍රන්‍ථනීයය ... ඕඝනීයය ... යොගනීයය ... නීවරණියය … පරාමෘෂ්ටය ... උපාදානියය ... සාංක්ලේශිකය පසුව අසාංක්ලේශික කරනලද වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: තථාගතයන්ගේ සස්න අළුත් කරන කිසිවෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සතිපට්ඨාන අළුත් කරන කිසිවෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
ස. අනු: සම්‍යක්ප්‍රධාන … ඍද්ධිපාද … ඉන්‍ද්‍රිය … බල … බෝධ්‍යඞ්ග අළුත් කරන කිසිවෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පළමු අකුශලය පසුව කුශල කරන කිසිවෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පළමු සාස්‍රවය … සාංක්ලේශිකය පසු වැ අසාංක්ලේශික කරන කිසිවෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: තථාගතයන්ගේ සස්න යළි අළුත් කරන්නට ලැබේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සතිපට්ඨාන යළි අළුත් කරන්නට ලැබෙද් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සම්‍යක්ප්‍රධාන … ඍද්ධිපාද … ඉන්‍ද්‍රිය … බල … බෝධ්‍යඞ්ගයෝ යළි අළුත් කරන්නට ලැබෙද් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අකුශලය පසු වැ කුශල කරන්නට ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පළමු සාස්‍රවය … සාංක්ලේශිකය පසු වැ අසාංක්ලේශික කරන්නට ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
සාසන කථා නිමි.