21. 2.
අවිවිත්තකථා
[යම් පුද්ගලයක්හට යම් ධර්මයෙක් ප්රත්යුත්පන්න වේ ද, හේ ඒ ධර්මයෙන් පමණක් අවිවික්ත (යුක්ත) නම් වෙයි යනු ස්වසමයෙහි නිශ්චය වෙයි. පෘථග්ජන පුද්ගල විසින් ත්රෛධාතුකධර්ම අපරිඥාත (පිරිසිඳ නොදත්) හෙයින් ඒකක්ෂණයෙහි මැ හැම ත්රෛධාතුකධර්මයන්ගෙන් අවිවික්තයයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අවිවිත්ත කථා’ එයි.]
1. ස. පු: පෘථග්ජන පුද්ගල ත්රෛධාතුක ධර්මයෙන් අවිවික්ත (යුක්ත) වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පෘථග්ජන පුද්ගල ත්රෛධාතුක ස්පර්ශයෙන් … ත්රෛධාතුක වේදනායෙන් … සංඥායෙන් … චේතනායෙන් … චිත්තයෙන් … ශ්රද්ධායෙන් … වීර්ය්යයෙන් … ස්මෘතියෙන් ... සමාධියෙන් …ත්රෛධාතුක ප්රඥායෙන් (එක්වර) අවිවික්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: පෘථග්ජන පුද්ගල ත්රෛධාතුකධර්මයෙන් අවිවික්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් කලෙක පෘථග්ජන පුද්ගල සිවුරු දේ ද, එකල්හි ප්රථමධ්යානය උපයා වාස කෙරේ ද … ආකාසානඤ්චායතනය උපයා වාස කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: යම් කලෙකැ පෘථග්ජන පුද්ගල පිඬුවා දේ ද … සෙනසුන් දේ ද … ගිලන්පස බෙහෙසත් පිරිකර දේ ද, එකල්හි චතුර්ත්ථධ්යාන උපයා වාස කෙරේ ද … නේවසඤ්ඤා නාසඤ්ඤායතන උපයා වාස කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ප. පු: පෘථග්ජන පුද්ගල ත්රෛධාතුකධර්මයෙන් අවිවික්ත වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: පෘථග්ජන පුද්ගල විසින් රූපධාතුඅරූපධාතුග කර්මය පරිඥාත වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් “පෘථග්ජන පුද්ගල ත්රෛධාතුක ධර්මයෙන් අවිවික්ත” වෙයි.
අවිවික්ත කථා නිමි.
21. 3.
සඤ්ඤෝජන කථා
[‘රහත්හු හැම බුද්ධවිෂය නො දනිති. එහෙයින් ඔබ විසින් අවිද්යාවිචිකිත්සා ප්රහාණය නො කරනලද වනැ’ යි හැඟුමින් කිසි සංයොජනයක් නො පියා අර්හත්ත්වප්රාප්තියෙක් ඇතැයි මහාසාඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘සංයෝජනකථා’ එයි.]
1. ස. පු: කිසි සංයොජනයක් නො පියා අර්හත්ත්වප්රාප්තියෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කිසි සත්කායදෘෂ්ටියක් නො පියා … විචිකිත්සාවක් නො පියා … ශීලව්රතපරාමර්ශයක් නො පියා … රාගයක් නො පියා … ද්වේෂයක් නො පියා … මොහයක් නො පියා … අනපත්රපාවක් නො පියා අර්හත්ත්වප්රාප්තියෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: කිසි සංයොජනයක් නො පියා අර්හත්ත්වප්රාප්තියෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් රාග ඇතියේ ද්වේෂ ඇතියේ මෝහ ඇතියේ මාන ඇතියේ මකු වූයේ පළාස ඇතියේ උපායාස ඇතියේ කෙලෙස් ඇතියේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රහත් රාග නැතියේ ද්වේෂ නැතියේ මෝහ නැතියේ මාන නැතියේ මකුබව නැතියේ පළාස නැතියේ උපායාස නැතියේ ක්ලේශ නැතියේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහත් රාග නැතියේ … ක්ලේශ නැතියේ වී නම්,
ස. පා: භවත, ‘කිසි සංයොජනයක් නො පියා අර්හත්ත්වප්රාප්තියෙක් ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
3. ප. පු: කිසි සංයොජනයක් නො පියා අර්හත්ත්වප්රාප්තියෙක් ඇතැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් හැම බුද්ධවිෂය දන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. පා: එකරුණින්, “කිසි සංයොජනයක් නො පියා අර්හත්ත්වප්රාප්තියෙක් ඇත”.
සංයෝජන කථා නිමි.