21. 3.
සඤ්ඤෝජන කථා
[‘රහත්හු හැම බුද්ධවිෂය නො දනිති. එහෙයින් ඔබ විසින් අවිද්යාවිචිකිත්සා ප්රහාණය නො කරනලද වනැ’ යි හැඟුමින් කිසි සංයොජනයක් නො පියා අර්හත්ත්වප්රාප්තියෙක් ඇතැයි මහාසාඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘සංයෝජනකථා’ එයි.]
1. ස. පු: කිසි සංයොජනයක් නො පියා අර්හත්ත්වප්රාප්තියෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කිසි සත්කායදෘෂ්ටියක් නො පියා … විචිකිත්සාවක් නො පියා … ශීලව්රතපරාමර්ශයක් නො පියා … රාගයක් නො පියා … ද්වේෂයක් නො පියා … මොහයක් නො පියා … අනපත්රපාවක් නො පියා අර්හත්ත්වප්රාප්තියෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: කිසි සංයොජනයක් නො පියා අර්හත්ත්වප්රාප්තියෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් රාග ඇතියේ ද්වේෂ ඇතියේ මෝහ ඇතියේ මාන ඇතියේ මකු වූයේ පළාස ඇතියේ උපායාස ඇතියේ කෙලෙස් ඇතියේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රහත් රාග නැතියේ ද්වේෂ නැතියේ මෝහ නැතියේ මාන නැතියේ මකුබව නැතියේ පළාස නැතියේ උපායාස නැතියේ ක්ලේශ නැතියේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහත් රාග නැතියේ … ක්ලේශ නැතියේ වී නම්,
ස. පා: භවත, ‘කිසි සංයොජනයක් නො පියා අර්හත්ත්වප්රාප්තියෙක් ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
3. ප. පු: කිසි සංයොජනයක් නො පියා අර්හත්ත්වප්රාප්තියෙක් ඇතැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් හැම බුද්ධවිෂය දන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. පා: එකරුණින්, “කිසි සංයොජනයක් නො පියා අර්හත්ත්වප්රාප්තියෙක් ඇත”.
සංයෝජන කථා නිමි.
21. 4.
ඉද්ධි කථා
[ඍද්ධිය කිසි තැනෙක සමෘද්ධ වෙයි. කිසි තැනෙකැ සමඍද්ධ නො වෙයි. අනිත්යාදිය නිත්යාදිය කිරීම ඒකාන්තයෙන් සිද්ධ නො වයි. සභාගසන්තති පෙරළා විසභාග සන්තති කරණය හෝ සභාගසන්තති චිරකල් පවත්වාලීම හො යම් කෙනකුන් සඳහා කරනු ලැබේ නම් ඔවුන්ගේ පුණ්යාදි කාරණ නිසා ‘භික්ෂූන් සඳහා පැන් කිරි ගී බවට පෙරැළිම සෙයින් ද, මහාධාතු නිධානයෙහි පහන් ආදිය චිරසන්තාන ප්රවර්තනය සෙයින් ද සමෘද්ධ වෙයි යනු ස්වසමයෙහි සනිටුහනි. යම් හෙයකින් ආයුෂ්මත් පිළින්දවච්ඡ තෙරණුවෝ රජුගේ ප්රාසාදය රන්වෙවයි ඉටුහු ද එහෙයින් ‘අධිප්පාය (අදහස ඉටුවන) ඍද්ධි ඇතැ’ යි අන්ධක නිකායවාසීන් සෙයින් ලබ්ධිගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘ඉද්ධි කථා’ එයි.]
1. ස. පු: බුදුනට හෝ ශ්රාවකයනට හෝ අධිප්රායඍද්ධි ඇද් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘වෘක්ෂයෝ නිත්යපර්ණ ඇති වෙත්ව’ යි බුදුනට හෝ ශ්රාවකයනට හෝ අධිප්රායඍද්ධි ඇද් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ‘වෘක්ෂයෝ නිත්යපුෂ්ප ඇති වෙත්ව’යි … වෘක්ෂයෝ නිත්යඵල ඇති වෙත්වයි … නිත්යජ්යොත්සනා (සඳරැස්) ඇති වෙවයි … නිත්ය ක්ෂේම ඇති වෙවයි … නිත්යසුභික්ෂ වෙවයි … නිත්ය ස්වස්ති වෙව’යි බුදුනට හෝ ශ්රාවකයනට හෝ අධිප්රායඍද්ධි ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: බුදුනට හෝ ශ්රාවකයනට හෝ අධිප්රායඍද්ධි ඇද් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
[need trans]
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ‘උපන් වේදනා … සංඥා … චේතනා … චිත්ත ... ශ්රද්ධා … වීර්ය්ය … ස්මෘති … සමාධි … ප්රඥා නහමක් නිරුද්ධ වෙව’යි බුදුනට හෝ ශ්රාවකයනට හෝ අධිප්රායඍද්ධි ඇද් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: බුදුනට හෝ ශ්රාවකයනට හෝ අධිප්රායඍද්ධි ඇද් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.