2. 9.
අනුපුබ්බාභිසමයකථා
[‘සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල්හට දුඃඛදර්ශනයෙන් ද, සමුදය නිරෝධ මාර්ගදර්ශනයෙන් දැ යි මෙසේ සොළොස් කොටසෙකින් අනුක්රමයෙන් ක්ලේශප්රහාණ කොට අර්හත්ත්වප්රතිලාභ ඇති’ යි නානාභිසමය ලබ්ධි ගත් වාදීහු ඇත. අන්ධක සබ්බත්ථික සම්මිතිය භද්රයානිකයන් සෙයිනි. උන්ගේ ලබ්ධි විවෙචනයට අනුපුබ්බාභිසමයකථා එයි.]
1. ස. පු: අනුපූර්වාභිසමයයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපූර්ව වශයෙන් ශ්රෝතාපත්තිමාර්ගය භවා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: අනුපූර්ව වශයෙන් ශ්රෝතාපත්තිමාර්ගය භවා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපූර්ව වශයෙන් ශ්රෝතාපත්තිඵලය ප්රත්යක්ෂ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: අනුපූර්වාභිසමයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපූර්ව වශයෙන් සකෘදාගාමීමාර්ගය භවා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: අනුපූර්ව වශයෙන් සකෘදාගාමීමාර්ගය භවා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපූර්ව වශයෙන් සකෘදාගාමීඵලය ප්රත්යක්ෂ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: අනුපූර්වාභිසමයයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපූර්ව වශයෙන් අනාගාමීමාර්ගය භවා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: අනුපූර්ව වශයෙන් අනාගාමීමාර්ගය භවා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපූර්ව වශයෙන් අනාගාමිඵලය ප්රත්යක්ෂ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: අනුපූර්වාභිසමයයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපූර්ව වශයෙන් අර්හත්මාර්ගය භවා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: අනුපූර්ව වශයෙන් අර්හත්මාර්ගය භවා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපූර්ව වශයෙන් අර්හත්ඵලය ප්රත්යක්ෂ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: සෝවත්ඵල පසක් කරනු පිණිස පිළිපන් පුඟුල් දුඃඛ දර්ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
ප. වි: සත්කායදෘෂ්ටි විචිකිත්සා ශීලව්රතපරාමර්ශ තදෙකස්ථ ක්ලේශ දැ යි (මෙහි) චතුර්භාගයක් බැහැර කෙරෙයි.
ස. අනු: චතුර්භාගයක් සෝවන් වූයේත් චතුර්භාගයක් සෝවන් නො වූයේත් චතුර්භාගයක් ශ්රොතාපත්තිඵලප්රාප්ත වූයේත් ප්රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්ෂාත්කෘත වූයේත් උපයාගෙන වාස කෙරේ ද, නාමකයින් ස්පර්ශ කොට වාස කෙරේ ද, චතුර්භාගයක් නාමකයින් ස්පර්ශ නො කොට වාස කෙරේ ද, චතුර්භාගයක් සත්තක්ඛත්තුපරම සෝතාපන්න වූයේත් කොලංකොල සෝතාපන්න වූයේත් ඒකබීජී සෝතාපන්න වූයේත්, බුද්ධරත්නයෙහි අවෙත්යප්රසාදයෙන් සමන්වාගත වූයේත්, ධර්මරත්නයෙහි ... සඞ්ඝරත්නයෙහි ... ආර්ය්යකාන්තශීලයෙන් සමන්වාගත වූයේත්, චතුර්භාගයක් ආර්ය්යකාන්තශීලයෙන් සමන්වාගත නො වූයේත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: සමුදයදර්ශනයෙන් ... නිරොධදර්ශනයෙන් ... මාර්ගදර්ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
ප. වි: සත්කායදෘෂ්ටි විචිකිත්සා ශීලව්රතපරාමර්ශ තදෙකස්ථ ක්ලේශ දැ යි මෙහි චතුර්භාගයක් බැහැර කෙරෙයි.
ස. අනු: චතුර්භාගයක් සෝවන් වූයේ ද චතුර්භාගයක් සෝවන් නො වූයේ ද චතුර්භාගයක් සෝතාපත්තිඵලප්රාප්ත වූයේ ද ප්රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්ෂාත්කෘත වූයේ උපයාගෙන වාස කෙරේ ද, නාම කයින් ස්පර්ශ කොට වාස කෙරේ ද, චතුර්භාගයක් නාමකයින් ස්පර්ශ නො කොට වාස කෙරේ ද, චතුර්භාගයක් සත්තක්ඛත්තුපරම සෝතාපන්න වූයේත් කොලංකොල සෝතාපන්න වූයේත් ඒකබීජී සෝතාපන්න වූයේත්, බුද්ධරත්නයෙහි අවෙත්යප්රසාදයෙන් යුක්ත වූයේත්, ධර්මරත්නයෙහි ... සඞ්ඝරත්නයෙහි ... ආර්ය්යකාන්තශීලයෙන් සමන්වාගත වූයේත්, චතුර්භාගයක් ආර්ය්යකාන්ත ශීලයෙන් සමන්වාගත නො වූයේත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...