2. 10.
වෝහාරකථා
[භාග්‍යවතුන් වහන්සේ ලෝකෝත්තර ව්‍යවහාරයෙන් ව්‍යවහාර කෙරෙති’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත් වාදීන්ගේ වාද බිඳුනට වෝහාරකථා එයි.]
1. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තර ශ්‍රෝත්‍රයෙහි ව්‍යවහාරය ගැටේ ද, ලෞකික ශ්‍රෝත්‍රයෙහි නො ගැටේ ද, ලෝකෝත්තර විඥානයෙන් ව්‍යවහාරය දනිත් ද, ලෞකික විඥානයෙන් නො දනිත් ද, ආර්‍ය්‍යශ්‍රාවකයෝ ව්‍යවහාරය දනිත් ද, පුහුදුන්හු නො දනිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: භාග්‍යවත් බුදුරදුන් ගේ ව්‍යවහාරය ලෞකික ශ්‍රෝත්‍රයෙහි ගැටෙන්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකිකශ්‍රෝතයෙහි ගැටේ නම්,
අනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු යැ.
3. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකික විඥානයෙන් දනිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකික විඥානයෙන් දනිත් නම්,
අනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු මැ යැ.
4. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය පුහුදුන්හු දන්නාහු නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය පුහුදුන්හු දනිත් නම්,
අනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු මැ යැ.
5. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ග යැ ඵල යැ නිර්‍වාණ යැ ශ්‍රෝතාපත්තිමාර්‍ග යැ ශ්‍රෝතාපත්තිඵල යැ සකෘදාගාමීමාර්‍ග යැ සකෘදාගාමිඵල යැ අනාගාමීමාර්‍ග යැ අනාගාමීඵල යැ අර්‍හත්ත්‍වමාර්‍ග යැ අර්‍හත්ත්‍වඵල යැ සීවටනැ සම්‍යක්ප්‍රධාන යැ ඍද්ධිපාදයෝ යැ ඉන්‍ද්‍රිය යැ බල යැ බෝධ්‍යඞ්ගයෝ යැ යනු ව්‍යවහාර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාර අසන යම් මැ කෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තරධර්‍මය ශ්‍රෝතවිඥේය වේ ද, ශ්‍රෝතයෙහි ගැටේ ද, ශ්‍රෝතයට අපාථගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.. ...
7. ස. පු: ලෝකෝත්තරධර්‍මය ශ්‍රෝතවිඥේය නො වන්නේ මැ වේ ද, ශ්‍රෝතයෙහි නො ගැටෙන්නේ නො වේ ද, ශ්‍රෝතයට අපාථ වැ නො එන්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ලෝකෝත්තරධර්‍මය ශ්‍රෝතවිඥේය නො වේ නම්, ශ්‍රෝතයෙහි නො ගැටේ නම්, ශ්‍රෝතයට අපාථ වැ නො පැමිණේ නම්,
අනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු මැ යැ.
8. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරයෙහි ඇලෙන යම් මැ කෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තරධර්‍මය රාගස්ථානයට යෝග්‍ය වේ ද, රජනයට යෝග්‍ය වේ ද, කමනයට හිත වේ ද, මදනයට හිත වේ ද, බන්‍ධනයට හිත වේ ද, මූචර්‍ඡනයට හිත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...